he

Sunday, February 19, 2012

නුහුරු බීම හෙවත් තනි අකුර

තෙල් ගැන  කතාකරන දවස්වලම මේ කතාව පෙට්ටගමෙ දිගහරින්න හිතුවා.මොකද මෙ කතාව තෙල් ගුන අගුන ගැන උනත් හොයාගන්න පුලුවන් වුනු කතාවක් නිසා. කතාව මගෙ පාසැල් සමයෙදි සිදුවූවක්. ඒකියන්නෙ මීට අවුරුදු 20කට විතර උඩදි සිදුවූවක්.



උසස් පෙල කරන සමයෙ පාසලෙ උසස් පෙල සිසුන් විනෝද චාරිකා වල යෙදීම නිරන්තරයෙන් සිදු නොවුනත් අවුරුද්දකට එකවතාවක් කට්ටියම කොහේ හරි යනවා. අපි කට්ටිය උසස් පෙල කරන සන්දියෙ අපිත් එක්ක උසස් පෙල කරන්න අනුරාධපුරයෙන් තුන් දෙනෙක් ආවා. සාමාන්‍යයෙන් ඔහොම පිටස්තර ප්‍රදෙශයකින් කොළඹට ඉගෙන ගන්න ආවම රැග් එක දෙනවනෙ. අපි එහෙම කලෙ නෑ. මොකද උන් තුන්දෙනාම අපිට ගැලපෙන උන් බව අපිට තෙරුන නිසා.


මාස හයක් හතක් විතර අපි එකට ඉගෙන ගත්තා. අපි රැග් නොකල නිසාම උනුත් අපි එක්ක හුඟාක් කිට්ටු උනා. ඒ අයම අපිට ආරාධනා කලා අප්‍රේල් නිවාඩුවට ඒ අයගෙ ගමෙ, ඒ කියන්නෙ අනුරාධපුරේ යන්න එන්න කියලා. ඉඳුම් හිටුම් ගැන ඒ අය බලාගන්නම් කියලා කියුව නිසාත් විනොදගමනක අවශ්‍යතාවයක් තිබුන නිසාත් අපිත් ඒගමනට කැමතිඋනා.

කොළඹ පාසලක් නිසා හුගාක් හිටියෙ කොළඹට කිට්ටු සිසුන්. ගම ගැන එතරම් අවබෝදයක් තිබුන අය නෙමෙයි. අපිත් එක්ක උන්නා වාද්දුවෙ ඉදන් ආපු කෙනෙක් මට පොරගෙ නම මතකෙට එන්නෙ නෑ. කොහොමින් හරි මිනිහට පැවරිලා තිබුනෙ රා බූලියක් චාරිකාවට රැගෙන ඒමයි. අපිත් එක්ක ගුරුවරයෙකුත් යන නිසා. මෙ වැඩෙ කෙරෙන්න වෙලා තිබුනෙ රහසිගතව. 

කොහොම හරි පොර සාර්ථකව රා බූලියක් අපි යන බස් එකෙ පිටිපසෙ ආසනයට යටින් හැන්දෑවෙ ප්‍රයොජනය සඳහා තැන්පත් කලා.


හවස කට්ටිය නුවර වැව ඉස්මත්තෙ බස් එක නවත්තලා නුවර වැවේ. දියකෙලෙමින් නාන්න පටන්ගත්තා. කොහොමහරි අපිත් එක්ක ගිය ගුරුවරයාවත් නාන්න වැවට බැස්සුවට පස්සෙ කට්ටියගෙ බලාපොරොත්තුව තිබුනෙ රාබූලියට වැඩෙ දෙන්න. 

පන්තියක ළමුන් කියුවම ඒ කුලකයෙ, ළඳුන් වගෙ ළමයිනුත් ඉන්නවනෙ ඒ කට්ටියව ගුරුවරයගෙ තනියට තියලා එකා දෙන්න බස් එක වෙත ගෑටුවා.


අපේ පන්තියෙ උන්නා ආසිරි කියලා පොරක්. පොර සුදුම සුදුයි හරියට සුද්දෙක් වගෙයි. ආසිරි ගැන කතා කීපයක් මගෙ මතකයෙ තියනවා. ඒවා පසුවට ඉදිරිපත්කරන්නම්. "අ"යන්නෙන් පටන් ගන්න හන්දා මිනිහගෙ නම තමා පන්තියෙ මුලින්ම කියවෙන්නෙ ඒ හන්දා ඒ නමයි පොරයි මම මෙ කියන සිදුවීමයි මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.


ඉතින් උනෙ මෙකයි අපි බස් එකට යනකොට ආසිරි අපිට කලින් බස් එකෙ පිටිපස්සට ගිහින් මිනිහ හතර ගාතෙන් වැටිලා වමනෙ කරකර ඉන්නවා. පොර සුදු නිසා වමනෙ වැටෙන හැටි පැහැදිලිව පේනවා. මොකද යන වමනෙ යන්නෙ අර ALIEN චිත්‍රපටිවල ALIENලගෙ ලේ කලුපාටට යනවා වගෙ කලු පාටට. අපිට හරි පුදුමයි මූ කලු පටට වමනෙ කරනකොට.


මූ පෙරෙතයා වගෙ අපිට හොරෙන් ඇවිත් රා බූලිය කියලා එන්ජින් ඔයිල් බූලිය බීලා හොඳ වැඩෙ නොදන්න රා, දන්නව වගෙ බොන්න යනවට.

39 comments:

  1. අද කාලේ එහෙම ඔය වැඩේ උනානම්.විනාසයි.මොකද රා වගේද ඩීසල් කියන්නෙ අරුම පුදුම විශ්මිත දුර්ලභ වස්තුවක් නේ..........හිහ්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ හැබැයි ඒක සාපෙක්ශයි

      Delete
  2. හොඳ වැඩේ රා හොරුන්ට..එත් හැබැයි පවුනේ කොල්ලෙක් නේ...

    ReplyDelete
    Replies
    1. පොර හොරට බොන්න නෙමෙයි කලින් බොන්න ගිහින් ඔය ජංජාලෙ උනෙ

      Delete
  3. යකෝ රායි එන්ජින් ඔයිලුයි වෙන් කරලා අඳුරගන්න බැරිද මූට.

    ReplyDelete
    Replies
    1. නෑ මූ මීට කලින් කවදාවත් රා බීලා තියා දැකලවත් තිබුනෙ නෑ හැබැයි පොර ලොකු ලොකු ජාතිවලින් නම් අපි අහන්න හිතලා වත් නැති එවා ගත්ත අයෙක්. වාද්දුවෙ එකෙකුට කියලා රා ගෙන්නව ගත්තෙ එහෙම එවුන්ට වෙනසකටත් එක්ක. අපෙ පන්තියෙ තව එහෙම එව්වෝ සෑහෙන්න හිටියා.

      Delete
  4. පිලිගන්න අමාරුයි.. අවංකවම...

    ReplyDelete
    Replies
    1. අවංකවම දීපු පිලිතුරට ස්තුතියි. මේ කතාව 1993 අපෙ ඉස්කෝලෙනම් ප්‍රසිද්ද කතාවක් වෙලාවට බ්ලොග් රසවිදින උන් ඒ සෙට් එකේ නෑ. හැමෝම දන්න කාඩ් එකක් නිසයි ලියුවේ. තාරබර එච්චරම නෑ කෑන් දෙක මාරුවෙලා.

      Delete
  5. මට සැකයි ඇත්තටම මේක වුනේ කාටද කියලා....

    ReplyDelete
    Replies
    1. දැන් අමාද්‍යප උනාට ඒ දවස්වල මම හොඳ බේබද්දා ඒ හන්දා ඒ මම නෙමෙයි. අනික මම පානදුරෙ, කට හෝදන්නෙත් රා වලින් ... හෙක් හෙක්

      Delete
  6. පවු වැඩේ අප්පා ආසිරියා.. ඌට සුවදින්වත් දෙකේ වෙනස තේරුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. රා වල ගඳ සුවඳ තියා පාටවත් ඌ දන්නෙ නෑ .

      Delete
  7. එන්ජින් ඔයිල්????? රා ??? මේ දෙකම එක වගේද? ඇහුවෙත් අදයි අප්පා.....

    ReplyDelete
    Replies
    1. එක වගෙ නෙමෙයි , ඒත් දාලා තිබුන කෑන් එක වගෙ ඒකයි මෙ හුට පටේට මුල

      Delete
  8. හුටා.. පොරට වදින්න ඇති පැලෙන්ට...

    අපේ ඉස්කෝලෙ සුදු එකෙක් හිටිය පොර 'රුසිරු' මට පොර මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. වැදුනෙ නෑ වමෙනෙ දාලම මෑන්ට එදා කලන්තෙ. නෑ නෑ සුදු උනාට රුසිරු ගෙ වගෙ ඩයල් එකක් නෙමෙයි

      Delete
  9. යකෝ මූ රා දැකලා නැද්ද !!!

    පොඩ්ඩක් හිටහන් මලේ මම් කොච්චි අහුරකුයි කරෝල කෑල්ලකුයි තෙලට දැම්මා. ඒක බැදෙනකන් හිටු !!!

    ReplyDelete
    Replies
    1. ඌ දැකල තිබුනෙ නෑ .

      …බලාගෙන තෙල් විසිවෙයි නොදන්න වැඩ කොරන්න ගිහිල්ලා

      Delete
  10. වාද්දුවේ නං ඉතිං අහන්න දෙයක් නෑ පොල් රා උපත එහෙ නේ...පුදුමයි ආසිරියා මලේ නැති එක....

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මැරෙන්න තරම් බීලා තිබුනෙ නෑ. මම ලියපු තාර බර ඇරලා ගත්තම හරි

      Delete
    2. අනේ ඉතින් තාර බර ඇරියම අන්තිමට මුකුත්ම නැති වෙයි .D

      Delete
    3. ඒකනෙ පහුගිය දවස්වල මුකුත් නොලියා හිටියෙ නැත්නම් ගිය ට්‍රිප් එකක් ගැන කතාවක් තිබුනා ඒකෙ තාර බර සෙරම ඇරියා අන්තිමට …මුකුත් ඉතුරූනෙ නෑ

      Delete
  11. ඔය දෙක මාරු වෙනවද අප්පා...

    ReplyDelete
    Replies
    1. නෑ කොහෙත්ම නෑ හැබැයි කෑන් මාරුවෙන්න පුලුවන්නෙ

      Delete
  12. ඇන්ජින් ඔයිල් ගහපු එකා ඊ ටපස්සේ හෙන ඉස්පීඩ් දුවනවලු නේද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවකුත් තියනවා.

      …මොන මූ දපලා උන්නෙ ට්‍රිප් එක ඉවරවෙනකන්

      Delete
  13. අඩේ රායි ඇන්ජිං ඔයිලුයි මාරු කර ගත්තනම් ඌව තියන්න වටින්නෙ නෑ, තව ඩීසල් කාලකුත් පොවලම ඌව නැගිට්ටුවානම් හරි... අපෙ එකෙක් නම් පැට්‍රොල් ගැහුවා.. මේ තියෙන්නෙ ඒක
    http://funlokaya.blogspot.com/2010/12/blog-post_29.html

    -ප්‍රසා

    ReplyDelete
    Replies
    1. අඩෙ නොදන්න කමට බීවම ඔහොම කියන්න එපා.

      …උබෙ කතාවත් එල

      Delete
  14. රා බොන් බොන්
    පළයන් බන් :-)

    ReplyDelete
    Replies
    1. ඔය කට්ටිය රා පිලිබඳ පස්චාත් උපාධි ගත්තට මූ රා හෝඩිය ෆේල් :D

      Delete
  15. හ්ම් ජෝනගේ යාලුවොත් ජෝන වගේම නැතෑ.

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද උන් මේවා නොබලන හන්දා හොඳා. මට බය ලබන මාසෙ උන්ව හම්බ වෙනවා බිග් මැච් එකේදි.

      Delete
  16. අනේද කියන්නෙ ගිම්හානි.... :D

    ReplyDelete
    Replies
    1. ඔන්න තව උල්පන්දම් දෙන්න ආවා

      Delete
  17. අපෙ අප්පේ මෙහෙමත් වැඩක්. අපේ එකෙක් බූමිතෙලුත් බිව්වා රා කියලා.

    ReplyDelete
    Replies
    1. හුඟ දවසකින් මුකුත් නොදැම්මෙ බූමිතෙල් ගනන් ගියහන්දා නෙමෙයිනෙ ?

      Delete
  18. මම නම් තවම රා බීල නැත

    ReplyDelete
  19. රා වලයි ඔයිල් වලයි වෙනස අදුරගන්න බැරි මූව අදහන්න වටිනවනේ බං

    ReplyDelete
  20. හොඳ වැඩේ මල පෙරේත කමට......පට්ට සීන් එක.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..