he

Wednesday, February 8, 2012

නොදන්නා කෑම කෑමේ විපාක

සිරිල් ගැන මම කලින් කතාවකදි කියුවනෙ. අර කොලෝනියල් කසින්ස්ලා බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලාගන්න.


අද කතන්දරය සිරිල්ගෙ හිටපු ලොක්කෙක් ගැන. ඉස්සර සිරිල් වැඩකරපු කන්තෝරුවෙ ලොක්කා නිතරම දුරපලාත්වල සේවා දායකයො හම්බවෙන්න යන කෙනෙක්. ඔය යන වෙලාවට තනියම යන්නෙ නෑ . කාවමහරි එක්කගෙන තමයි යන්නෙ. මොකද රෑජාමෙ වාහනෙ මග හිටියොත් අඩු ගානෙ තල්ලුවක් හරි දමාගන්න කවුරු හරි ඉන්න එපැයි. හුග වෙලාවට ඔය ඩියුටියට අහුවෙන්නෙ සිරිල්ව තමා.



ඔන්න එදත් සිරිල් එක්ක ලොක්කා දෙහිඅත්තකන්ඩියෙ සේවා දායකයෙක් හමුවෙන්න ගිහින්. හැබැයි ලොක්කගෙ තියන එක සිරිතක් තමා ගියතැන වැඩිවෙලා ඉන්නෙ නැ. ගිය වැඩේ කරා ආවා. වෙලාවක් අවෙලාවක් නෑ. රෑ උනා දවල් නා නෑ වැඩෙ ඉවරනම් එදාම ගෙදර එනවා. මාතලන්ගෙ පුරුෂාධිපත්‍ය - Women's Rights කතාවෙ වගෙ හරියට වෙලාවට ගෙදර ඉන්න උවමනා නිසාද දන්නෙ නෑ.


සිරිල්ට එදා හොඳටම මල පැනලා ලොක්කා එක්ක. හේතුව එදා සිකුරාදා දවසක් දන්නවනෙ සිකුරාදට සිරිල් ගමෙ යන දවසනෙ. ඉතින් ගෙදර යන්න වෙන්නෙත් නැති අතර රෑ කෑමත් පහුවෙලා. ඒත් මොනවා කරන්නද ලොක්කා හන්දා ඉවසන්න එපැයි.


කොහොම හරි ගිය වැඩේ ඉවරකරලා දෙන්නා කොළඹ එන්න පිටත් උනා දැන් හෙන ගහන්න රෑවෙලා.
එන ගමන් ලොක්කාට බඩගිනි වෙලා. ඇල්ලුවා වාහනෙ රෑ කඩයකට.…මොනවා උනත් හොඳට කන්න බොන්න නම් ලොක්කා දන්නවා. බොනවා කියුවට බොන්නෙ ස්ප්‍රයිට් විතරයි. මොනවා කෑවත් ස්ප්‍රයිට් ඕනෙ. ඊජීබී නැත්නම් කෑම එපා නෙමෙයි මෙයා කියන්නෙ ස්ප්‍රයිට් නැත්නම් කෑම එපා කියලා.තව එකක් අමතක උනා කියන්න, ලොක්කා හරි කැමතියි කලින් කාපු නැති කෑම කන්න. ඒ කියන්නෙ අලුත් කෑම අත්හදා බලන්න.


මල පැනලා උන්න සිරිල් දැක්කා ඊස්ට් රොටි තියනවා. ලොක්කගෙ හැටි දන්න නිසා පොර දැම්මා මුට්ටිය එලියට.


"සර් කාලා තියනවද ඊස්ට් රොටි .. ෂා මරු කෑම මම පොඩි කාලේ කාලා තියනවා .. මාර රසයි .." …සිරිල් ලොක්කාට කියුවා. … …


"ඇත්තද ... " …


"කොල්ලා එහෙනම් ගේන්න අපිට ඊස්ට් රොටි.. " …


"සර් මම කොත්තුවක් කන්නම් මට දැන් රොටි කන්න බෑ. "


කියලා සිරිල් කොත්තුවක් ඇනවුම් කලෙ හිතින් හිනාවෙමින්.


ඔන්න දැන් ලොක්කා ඊස්ට් රොටි කනවා සිරිල් කොත්තු කනවා. අලුත් කෑමක් නිසා ලොක්කා බඩ පැලෙන්න කනවා. …ඔන්න දැන් තමා හොඳම හරිය. කාලා ඉවරයි.


…"කොල්ලා මට ගේන්න ස්ප්‍රයිට් එකක්... සිරිල්ට මොනවද ඕනෙ ?"
ලොක්කා ඇහුවම …


"මම ප්ලෙන් කෝපි එකක් බොන්නම්".
කියලා සිරිල් කෝපි එකක් ඇනවුම් කලෙ හිනාවෙමින්.


ඔන්න ලොක්කා ස්ප්‍රයිට් බීලා නැග්ගා වාහනෙට විනාඩි දහයක් විතර සුපුරුදු ධාවනයෙ යෙදුනා . වෙනදට ආසනය මත තියන ලොක්කගෙ පස්ස දෙපැත්තට ඉස්සෙනවා . වෙනදට 40ට යන ලොක්කා එදානම් එකසියගානට මීටරෙ කැරකෙන්න පෑගුවා.


කොහොමහරි වෙනදට කොළඹ එනවට කලින් ලොක්කා සිරිල්ව කොළඹ එක්කන් ආවා. එදයින් පස්සෙ ලොක්කා අත්හදා බැලීම් කෑම කරන්නෙ නැතිලු.
.........
සිරිල් එක්ක කන්න යන්නෙත් නැතිලු

37 comments:

  1. ඔන්න අක්කෙ මම තමා මුලින්ම කොමෙන්ට් එකක් දාන්නේ......මෙ පෝස්ට් එකට ගොඩට් කොමෙන්ට් ලැබෙන්න කියල පතනවා..
    කතන්දරේනම් නියමයි .ආමාශෙටම වදිනව

    ReplyDelete
    Replies
    1. මචො මෙක ලියන්නෙ අක්කෙක් නෙමෙයි ලොකු ජෝන්. අක්කෙක් ඔය බ්ලොගේ ඉන්නවා එයා දැන් සයිලන්ට්.

      Delete
    2. ජනිත් , මම මේකට කවි කීපයක් දෑම්මා කලින් .
      …නමුත් මේ බ්ලොග් එක ලොකු ජෝන්ගෙ මගේ නෙමේ . බොහොම් ස්තූතියි පෑමිණියාට .

      Delete
    3. ගොඩ වැදුනට ස්තුතියි! මාව අක්කා කෙනෙක් වගෙද පේන්නෙ ? හෆෝයි ඔය ඉන්නෙ ඒ අක්කා කොමෙන්ට් දාලා

      Delete
  2. මදැ..අත්හදා බැලීම් කොරන්ඩ ගියා...සිරිලා තමා සිරිලා දවසකටත්..හික්

    ReplyDelete
    Replies
    1. සිරි තාමත් හිනාවෙනවා ඒකතාව මතක් කරලා

      Delete
  3. නිකං ලැබෙන කෑම එක සිරිල නැතිකරගත්ත නේද ??

    ReplyDelete
    Replies
    1. පොරට නිකන් ලැබෙන කෑමට වඩා ඒ ගමන වාතයි ඒකයි එහෙම කරලා තියෙන්නෙ

      Delete
  4. සෑහෙන්න අමාරු වෙන්නති නේ! :D

    ReplyDelete
    Replies
    1. හප්පෙ තියන සනීපෙ කියන්න ඇති ගෙදර ගිහින්

      Delete
  5. හතුරෙකුට උනත් මෙහෙම කරන්න හොද නෑ බං.

    ReplyDelete
  6. හිකිස්.....පව් ඕයි. රහට තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. රසයි තමා ස්ප්‍රයිට් නොබී හිටියනම්

      Delete
  7. යීස්ට් රොටි කාපුවම අධෝ වාතත් පිට වෙනවද ?

    ReplyDelete
    Replies
    1. පිටවෙන්නෙ නෑ එකතුවෙනවා (බඩෙ)

      Delete
  8. සිරිල ෂටර්ස් ඇරන් වෙන්නැති එන්න ඇත්තෙ?

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවකුත් මතක් උනා හෙට ඒක දාන්නම්

      Delete
  9. Replies
    1. එහෙමමත් නෙමෙයි මෙතන වෙන්නෙ බඩ පුරවා දැමීම

      Delete
  10. සිරිල වාහනේ ඇතුලෙ හිටියෙ කෝමද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බඩ පුරවලා දානවා විතරනෙ එලියට එන්නෙ නෑ

      Delete
  11. ඇත්තට ඇයි එහෙම වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. බඩ පිපෙනවා කොල්ලො

      Delete
  12. ඊස්ට් සහ ස්ප්‍රයිට්........... :D :D :D

    ReplyDelete
  13. මදැයි වෙච්චී දේ.

    ReplyDelete
  14. අපෝ ඔය රොටි නම් මතක් කරන්න එපා

    ReplyDelete
  15. මගදි යන්න තිබ්බෙ..

    ReplyDelete
  16. ආ..... ඊස්ට් රොටි ගැන නම් අදමයි ඇහුවේ. ඒත් අත්හදා බලන්න උවමනාවකුත් නෑ වගේ, මේ කතාව ඇහුව ට පස්සේ........

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  17. සිරිලා තමයි මිනිහා...හික් හික් තව ටිකෙන් කාර් එක හෝදන්න වෙන්නේ....

    ReplyDelete
  18. බඩ පුම්බලා උඩ ඇරියා තව පොඩ්ඩෙන්..... :D

    ReplyDelete
  19. කාර් එක උඩින් ද ආවේ කොළඹ එද්දි...? ස්ටියරින් වීල් එකේ බඩ හිර වුණාද දන්නෑ...

    ReplyDelete
  20. ලොක්කට කන්න බොන්න ගියාම මොලේ වෑල් වහෙනවද කොහෙද.
    නැත්නම් ඔය දේ තේරුම යන්න එපැයි කන්න බොන්න කලින්
    කන්න කෙසේ වෙතත් ස්ප්‍රයිට් එක බොන්න කලින්වත්

    ReplyDelete
  21. ලොක්කට ඒවගේ උපදෙසක් දෙන්න ඒ මනුස්සය එඩිතර වෙන්න ඕන නේ.

    ReplyDelete
  22. හිහි මාර කතාවනේ

    ReplyDelete
  23. කාලෙකින් තමා ගොඩ වැදෙන්න ලැබුනෙ...!! කියෙව්වම ඊස්ට් රොටියක් කෑව වගේ හිත පිම්බුණා..!!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..