he

Thursday, February 2, 2012

හිතෙ අමාරුව නැතිකරගන්න

අද පෙට්ටගමෙ කතාව මීට අවුරුදු 15කට 16කට විතර උඩදි NIBM එකේ හිටපු මගෙ මිතුරෙකු හිතෙ අමාරුව නැතිකර ගන්න කල හපන්කමක් ගැන කියවෙන එකක්. මිනිහා තනියම කල හපන්කමක් නෙමෙයි එයාගෙ අක්කලා දෙන්නත් එක්ක කල හපන් කමක්. මගෙ යාලුවා කෝසල කියමුකො. කෝසලගෙ ස්ථිර පදිංචිය දකුනු පලාතෙ ගමක. කෝසලට අක්කලා දෙන්නෙක් උන්නා.  අක්කලා දෙන්නයි කෝසලයි වැඩිදුර අධ්‍යාපනයට කොළඹ NIBM එකට ආවා.


ඒකාලෙ NIBM එක තමා තොරතුරු තාක්ෂනයට තිබුන එකම ආයතනය. තිබුනෙත් කුරුණැගලයි කොළඹයි විතරයි. තිබුනෙත් ඩිප්ලොම පාඨමාලා විතරයි. ඒත් සුපර්.

එයයි අක්කලා දෙන්නයි නැවතිලා උන්නෙ රත්මලානෙ නවාතැන්පලක. ඔය රත්මලානෙ ඉතින් ඇඟලුම් කර්මාන්ත ශාලා එහෙම සෑහෙන්න තියන නිසා ගෑනු ළමයින්ට නවාතැන් පහසුකම් දෙන තැන් තැන් එමටයි. 
ඕවායෙ පහසුකම් නම් ඉතින් කියන්න දෙයක් නෑ රෑට වැටිලා නිදාගන්න ඉඩට අමතරව, ඇඳුම් බෑග් එක තියාගන්න විතරයි ඉඩ තියෙන්නෙ සමහර තැන්වල. 

කොහොමහරි තුන් දෙනාටම ඉන්න එක කාමරයක් ලැබුනා. එක බඩවැල කඩාගෙන ආපු උන් නිසාත්, උන් සහොදරප්‍රෙමයෙන් උන් නිසාත්, වර්තමානයට වඩා සංවරව හිතන පතන කාලයක් නිසාත්, එක කාමරයෙ එකට නිදාගන්න ඒ තුන් දෙනාට අපහසු උනෙ නෑ. 

මේ කාමරයට එක විදුලි බුබුලක් පමනයි තිබුනෙ. ඒකත් හරියට රෑ 8 වෙනකොට බෝඩිමෙ අයිතිකාරයා නිවා දමනවා. අනෙ ඉතින් රත්මලානෙ නැවතිලා ඉන්න ඇඟලුම් කම්හල් සේවිකාවන්ට රෑට එලිය අවශ්‍ය නොවුනට. මුන් තුන්දෙනා ඉගෙන ගන්න උන් නිසා පාඩම් වැඩට එළිය අවශ්‍යයිනෙ.

බෝඩිමෙ අයිතිකාරයගෙන් ඉල්ලීමක් කලාම උන්දෑ බෝඩිමෙ ගාස්තුව සංශෝදනය කරලා ඉදිරිපත් කරලා. ඒ සංශෝදිත ගාස්තුව ඒ කාලයෙ හැටියට ඉතාම අසාධාරන මුදලක්. ඒත් ඉතින් තුන්දෙනෙක් ඉගෙන ගන්නත් එපැයි. කට්ටිය එකඟවෙලා.

ඒත් අසාධාරන විදිහට ගාස්තු ගත්තම බෝඩින් අයිතිකාරයත් එක්ක හිත් අමනාපකම් ඇතිවෙනවනෙ. ඔය හිතෙ අමාරුව හන්දම කෝසල විසින් හිතෙ අමාරුව නැතිකරගන්න පොඩි උප්පරවැට්ටියක් යෙදුවා. 

වොට් වැඩි ගානක වතුර හීටරයක් ගෙනත් මීටර් 20ක් විතර දිග කේබල් එකකට ඇඩප්ටරයක් ගහලා රෑට පාඩම් කරලා ඉවර උනහම ලයිට් එක ගලවලා ඒ අඩැප්ටරයට හීටරය ගහලා කාමරයට යාබදව තියන ලිඳට දානවා. ඔන්න ඔච්චරයි. පහුවනදා උදෙන්ම නැගිටලා වයර් එක ඔතලා අරන් තියලා තුන් දෙනාම NIBM යනවා. 

වැඩිපුර ගෙවනවට හිතෙ අමාරුත් නෑ.

33 comments:

  1. මරු වැඩේ. එතකොට උන් නාන්නේ උනු වතුරද? හොද වැඩේ බෝඩිමේ අයිතිකාරිට.

    ReplyDelete
    Replies
    1. උදේට ගේම්බො ටික එහෙම තැම්බිලා නිසා උදේ කෑමත් හරි

      Delete
    2. උන් නාන්නෙ නෑ (ඇත්තටම ඌ නාන්නෙ නෑ)

      Delete
  2. අපේ බෝඩිමකදි ඔය ලෝකයා කියලා බ්ලොග් ලියන හාදයා ඇන්ටිගේ ටැලිෆෝන් වයර් එක්ට ෂොට් කරා ඒකත් මූට කෝල් ගන්න බැරිවෙන්න ඒක හැංගුවා කියලා....

    ReplyDelete
    Replies
    1. ඇන්ටිට ADSL එහෙම තියෙන්න නැතිව ඇති

      Delete
  3. හපොයි කරල තියන වෑඩේනම් . ඔහොමත් වෑඩ කරනවද ?

    ReplyDelete
    Replies
    1. කලා නේන්නම් නැත්නම් මම ලියාවියෑ

      Delete
  4. ඉතිං අයිතිකාරි කාන්ට් බිල ආවට පස්සෙ මුනව බෝඩිමෙන් එලෙවුවෙ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. නෑ ඉස්සරත් හැමදෙටම බැනුම් අහන ආණ්ඩුවම බැනුම් ඇහුවා

      Delete
  5. කියල වැඩක් නෑ... නියම වැඩේ... කොහෙද දැන් ඔය හාදයා ඉන්නේ.. අදහන්න වටින පොරක්... දැන් මිනිහ මොනව කරන පොරක්ද..?

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට නම් ඉතාලියෙ අවුරුදු 14-15කින් දැක්කෙ නෑ

      Delete
  6. හිනා වෙලා තව පොඩ්ඩෙන් මගේ නාකි ප්‍රානෙත් නිරුද්ධ වෙනව ඕයි

    ප.ලි.
    අර එව්ව කියපු ඊය හොයා ගන්න බැරි වුනා, ආයෙත් එවනවද ? කොයි ලිපිනෙටද එව්වෙ, ජීමේල් එකටද, Yahoo එකටද ?

    ReplyDelete
    Replies
    1. හෆොයි මම ඕවට නෑ ප.ලි gmail එකට සමහරවිට SPAM එකෙ ඇති

      Delete
    2. ඒකෙත් බලන්නං

      Delete
    3. ස්පෑම් එකේ තිබිල හම්බුනා, උත්තරයක් එව්ව.

      Delete
  7. නියම වැඩේ අසාධාරනෙන් සල්ලි හොයනවට.
    එවන් මල්ලියෙක් ලබපු අක්කල පින් කරලා තියනවා සෑහෙන...!!

    ReplyDelete
  8. අසාධාරණේට සාධාරණ පිළියමක් යොදලා !

    ReplyDelete
  9. බෝඩිමේ අයිතිකාරිට මරු ව්ඇඩේ කරලා තියෙන්නෙ..:D :D

    ReplyDelete
  10. මරු... උදේට උණු වතුරත් ලැබෙනවා.. ගේ අයිති කාරයට තරු පෙනුනද දන්නේ නෑ ලයිට් බිල ආවම..

    ReplyDelete
  11. හක් හක් හක්! මරේ මරු සීන්එක.
    රත්මලානෙ ඔය වැඩ වැඩිද මංද. අපේ අක්කල එක කාලයක් රත්මලානෙ ගෙදරක නැවතිලා හිටිය. ඒ ගෙවල් අයිතිකාරය මීටරේ වෙනස් කරල. අන්තිමට බොහොම චුට්ටයිලු කරකැවෙන්නෙ. මිණිහ කරනව කියන්නෙ ලොකු බාල්දියකට හීටරටක් ගහනඑකලු.

    ReplyDelete
  12. උපරිමයි,,, විශිෂ්ඨයි,, අති-විශිෂ්ඨයි.

    ReplyDelete
  13. හිතේ අමාරුවට මං හිතුවේ වෙන මොනාහරි කරලා කියලා....බෝඩිං කාරයා පව්...

    ReplyDelete
  14. මල්පහයි...කස්ටිය අලුත් බොඩින් කරුමාන්තයක් එහේම පටන් ගන්ඩ යනවනං එහේම... අපේ ජොන් අයියගෙන් උපදෙස් ටිකක් ගත්තොත් වැඩේ නැගල යයි...ඔන්

    ReplyDelete
  15. ඒක නියම මොළේ හැබැයි....නව නිපැයුම්....හොඳ වැඩේ බෝඩිම් අයිතිකාරයොන්ට....අද ඉඳල එන්නම් දිගට මේ පැත්තෙ...ජය වේවා...!!!

    ReplyDelete
  16. ආයිශප්ප ඒක නම් නියමයි අක්කේ

    ReplyDelete
  17. ආන්න ඒකට මම හිටපු බෝඩ්ං . . . එක බෝඩිමක අයිතිකාර අක්කට දුක කියල . . . අක්ක මාස 3ක ගාස්තු ගත්තෙත් නෑ . . . හිටපු කාලෙටම කෑම නිකං

    ReplyDelete
  18. REVENGE IS SWEET මෙයා VERY SWEET!!!!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  19. බෝඩින් කාරයෝ ඔහොම්මමයි අපිත් අවුරුදු 5 ක් විතර ඔය කට්ට කාව.සල්ලිම තමයි උන්ට ඕනේ..

    ReplyDelete
  20. පොඩි ප්‍රශ්නයක්,
    ලයිට් එක නිවන්නෙ ඔයාල ද?
    නැත්තං බෝඩිමේ අයිතිකාරය ද?
    අයිතිකාරය බලාපොරොත්තු වෙන්නෙ එළියක් නොපෙනීම නම් මේක වෙන්න පුළුවන්,
    පැහැදිළි මදි නැත්තං,
    මොකද ඇඩප්ටර් එක ගැහුවත් ස්විච් එක ඕෆ් නම් වැඩ නෑනෙ.

    ReplyDelete
  21. අපොයි මම පරක්කු වුණාද මන්දා..

    සෝයි උණු වතුර ලිද..

    ReplyDelete
  22. කරපු වැඩේනම් ඉතින් හරි කියල කියන්න බැහැ එත් බෝඩිම් කාරයා අසාධාරණ කමක් කරානම් මේ වගේ වැඩක හරි කරලා බෝඩිම් කාරයා කරපු අසාධාරණය වැඩකට නැත්තක් කරන එක හොදයි

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..