he

Wednesday, January 25, 2012

Thrill එක

බ්ලොග් අවකාශෙ මේ දවස්වල මද කිපෙන සමය වගෙ. කොතනට ගියත් කතා කරන්නෙ ලිංගිකත්වය ගැන. මාත් ටිකක් විතර ඒ ගැන තමා කතාකරන්න හිතුවෙ. හැමෝගෙම ලිංගික කතා කියවලා කෙන්ති අරගෙන ඉන්නවනම් මගෙ මෙ පොස්ටුව කියවන්න. එහෙම නැතිව මදකිපිලා ඉන්නවනම් ඒත් කියවන්න. එහෙමත් නැත්නම් ඒත් කියවන්න. …
   
   කොටින්ම කියනවනම් මම කතාකරන්නෙ තෘප්තිය ගැන. 



   මෙ කතාවෙ කතා නායකයා ටිකක් එක විදියක කෙනෙක්. ඒ කියන්නෙ කුකුලෙක් කියුවත් වැරදි නෑ. ඔය මනුස්සය හතර වටෙම අමතර බිරින්දෑවරු තියාගෙනලු උන්නෙ. මෙ පිලිබඳව මනා වැටහීමක් ඔහුගෙ බිරිඳට තිබුනා. හොඳ දෙමාපිය යුවලකගෙන් පැවත එන, එලෙසම උසස් අධ්‍යාපනයක් ලද ඇය දරුවන් ගැන සිතා, පවුල් සංස්ථාව රැකගන්න ඕන නිසාත්  මේ ගැන ඔහුත් සමග තර්ක විතර්කයට නොගොස්, තමාගෙන් ඉටුවිය යුතු අර මාතලන් එයාගෙ බ්ලොග් එකේ කියුව පිරිමින්ට අවශ්‍ය දෙය දීලා ඔහේ පාඩුවෙ උන්නා. 

මෙ මනුස්සයත් මෙක නොදැන උන්නෙ නෑ. ඇගෙ නිහැඩියාව පනින රිලවුන්ට ඉනිමං බැදීමක්.
ඔන්න මේ ස්වාමි පුරුෂයා රැකියාව අහවර කරලා ගෙදර ඇවිත් තම බිරියට ඇහෙන්න තමන්ගෙ ඇසුරු කරන කාන්තා පාර්ශවයෙ පුරාජෙරු කතා කියනවලු. ඕක දිනචරියාවෙ කොටසක්. මෙය බිරින්දෑවරු අහන්න කැමති දෙයක් නොවුනත්, ඇය මේ කතාව ඔලුවෙ පුරෝගෙන ඉන්න තවත් එක් කරච්ච්ලයක්. 

  දවසක් මෙ දෙන්නා නිදි යහනට වෙලා පෙම් බස් දොඩමින් ඉන්න වෙලාවකදි බිරිඳ සැමියගෙන් අහනවලු අහවල් වැඩෙ කොරද්දි වැඩියම ත්‍රිල්… ගෑනිටද මිනිහටද? කියලා. 

"අන්න ඔයාට තෙරුනා ඒකනෙ පිරිමින්ව සතුටු කරන්න අමාරු" මිනිහා තමන්ව සුද්ද කරන්න එහෙම කියලා.

ඇය ඔහුගෙ ඇගිල්ල ගෙන තම කන තුලට දමා සෙලෙවලා . 


"මොකක්ද ඔයාගෙ ඇගිල්ලට දැනෙන්නෙ " අහපු ඇය ඇගෙ ඇගිල්ල ගෙන ඔහුගෙ කන තුලට දමා සෙලෙව්වාය. 

"දැන් වැඩියම සනීප ඔයාගෙ ඇඟිල්ලටද නැත්නම් ඔයාගෙ කනටද ?" යැයි විමසූවාය. 





ඊට පස්සෙ අර හවසට ඇහෙන පුරාජෙරු කතා නැවතිලා, මොකද බිරිඳට වෙන කාට හරි කියලා කන කිතිකවාගන්න හිතුනොත් .......





59 comments:

  1. හෙහ්...හෙහ්...නියම කතාව. ඒ කාන්තාව නම් ඇත්තටම බුද්ධිමත්.....

    ReplyDelete
  2. හා... ඒකත් මරු උදාහරණෙ... හුක් හුක්..... ඒ උණාට ඇගිල්ලෙ අග්ගිස්සෙ අර තරම් පේෂි තියෙනවද..

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගික ජීවිතය සිද්ධාන්තවලට වඩා වෙනස්

      Delete
    2. මං අහල තියෙනව වෙනමකතාවක්.අපේ තාත්තා
      යාළුවන්ට කියපු.කං හැන්දෙන්
      කණ කසන කොට කණට සැප
      කං හැන්දටද? කියල .

      Delete
  3. අයියෝ මෙහෙමත් දෙයක්.... ඒකනම් නියමයි. හෙක්... හෙක්...

    ReplyDelete
  4. ඇඟිලි වල බඩවැල් තියෙනවයි කියල අහල තිබුනට පේශීන් ඇති බව දැනගත්තේ අදයි.. හැබයි ඔය කන් සැප ගැන වෙනම කතා කරන්න ඕන එකක්. දන්නෝ දනිති..

    ReplyDelete
  5. හෙහ් ඔන්න ඔහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඔනේ.:)

    ReplyDelete
    Replies
    1. නැතිව මෙ බ්ලොග් වල යන වලිත් එහෙම ගොඩ දාගන්නවනම් එළ

      Delete
  6. හික්ස්! කන් සැප!

    ReplyDelete
    Replies
    1. හික් තෙරුනා වගෙ වෙනස

      Delete
  7. අහ්හ් බලන්න නියම කාන්තාවක් :))

    ReplyDelete
    Replies
    1. නැතුව, ඔහොම අය ඉන්න එපෑ

      Delete
  8. Replies
    1. කොහොමද මගෙ SEX පොස්ටුව අර වලි ඒවා වගෙද ? හික් හික්

      Delete
  9. සැප කනේ කියන්නේ ඕකට තමා !!!

    ReplyDelete
  10. දෙයියෝ සාක්කි...දැං කනත් ඒවට පාවිච්චි කරනවද....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කන ගත්තෙ උදාහරනෙට විතරයි

      Delete
    2. හික් හික් ඒක නේන්නං...මේ කාලේ හැටියට ඒවත් වෙන්න බැරි නෑ.....

      Delete
  11. හික් හික් හික් නියම පොස්ට් එක. තව මේ වගේ වැදගත් පොස්ට් ටිකක් දාන්නකෝ. බ්ලොග් එක දිගටම ලියපන්.ජයවේවා..!!!!

    ReplyDelete
  12. මාවත් හිරිවැටුනා බොල..

    අඩේ පෙට්ටගම බලන්න ඉස්සර දිගටම ආවා. මෑතක ඉදන් මට මිස්වෙලා බොල.
    දැන් හරි ගූගල් රීඩරේට දා ගත්තා..

    ReplyDelete
    Replies
    1. ඒක හොදා .කට්ටිය එන හන්ද තමා ලියන අය ලියන්නෙ නෑ විදින් ඉන්න එපෝ

      Delete
  13. අපෝ මටනම් කිසිම තෘප්තියක් නෑ මේ පෝස්ට් එකේ .කෝ මේකෙ මඩ නෑනෙ .
    …මඩ ටිකක් ගෑවනම් හොඳ පෝස්ට් එක . D

    ReplyDelete
    Replies
    1. මම ගහන්න ඕනැයි ඔය තමන්ම ගහගෙන තියෙන්නෙ හොඳ මඩක්

      Delete
  14. අනේ මන්දා මෙහෙමත් ලෝකයක්..මට නම් පිස්සු වගෙ අනේ...... :ප්
    කකුලේ ඉදන් ඉන ලග නතර උනා..
    ඉනේ ඉදන් බඩ ලග නතර උනා..
    බඩෙ ඉදන් තිසරුන් ලග නතර උනා..
    එතන ඉදන් කට ලග නත උනා..
    දැන් කටෙ ඉදලා කන ලගටත් ගිහින්..
    ඇයි නහය අමතක කෙරුවේ????????
    ඒක සිදුරක් නෙවෙයිදෝ......
    නහයට පොස්ට් එකක් දාන්න කෙනෙක් ඉන්නවා නම් ඌ තමයි වැඩ්ඩා..

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි එහෙම එකක් දැක්කා වගෙ මතකයි

      Delete
  15. තමන්ගෙ ස්වාමි පුරුෂයා බේරාගන්න කරපු උපාය නම් මරු.
    නරකමත් නෑ ‍හොඳ උපායක්.

    ReplyDelete
    Replies
    1. කවුද නරකයි කියුවෙ කොච්චර හොඳද

      Delete
  16. අහ්.අන්න නියම බුද්ධිමත් කාන්තාවක්.....

    ReplyDelete
  17. ඹන්න මමත් කනට ඇඟිල්ල දාල බැලුව.... මොකුත් දැනුනෙ නෑනෙ
    මොකද්ද මේකෙ වෙනස කියල දෙනවද තරහ නැතුව... දන්නෙ නැති හින්ද ඇහුවෙ.තරහ වෙන්නනං එපා හොඳේ...

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙනං පොල් කෙන්දක් වගෙ එකක් දාලා බලන්න

      Delete
  18. හි හි..මරු උදාහරණයක් නේ දීලා තියෙන්නේ..

    ReplyDelete
  19. කන කසිල්ලේ මාර වින්දනයක් තියෙනවා.අප්පා දැනෙන සනීපෙ..

    ReplyDelete
  20. පට්ට බුද්ධිමත් බිරිඳක්.. තමන් පත් වෙන්න පුළුවන් අපහසු ම තත්වෙට පත් වෙලත් කිසි ගානක් නැතුව එයින් මිදුන විදිය එල.. උඩින් කියවෙන දේට වඩා සෑහෙන්න තේරුමක් ගන්න පුළුවන් කතාවක්!

    ReplyDelete
    Replies
    1. මට කතාවෙ කියන්න ඕනවෙලා තිබුනෙ ඒක තමා

      Delete
  21. ඇඟිල්ලෙත් මොලේ!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බලාගෙන මොලෙ ඇඟිල්ලට giyoth

      Delete
  22. ඇයි බං උඹ අර අන්තිම නිල් පාට ටික ලිව්වේ.... චින්තන ශක්තිය හීන වෙනවා වගේ... නැත්තං මේකට මල් වෙඩි වගේ කමෙන්ට් වැටෙන්න තිබ්බා... තම තමන්ට හිතෙන එව්වායෙන්....

    ReplyDelete
    Replies
    1. නෑ බං හැමදාම මම ලියන ඒවායෙ තෙරුම වෙන විදියට තෙරුම් ගන්න කොටසක් ඉන්නවා එතකොට මම හිතන දෙ හරියට වෙන්නෙ නෑ ඒ හන්දයි ඒහෙම ලියුවෙ . මාත් පිලිගන්නවා එතකොට චින්තන ශක්තිය හීන වේනවා කියලා. ඒ උනාට හුගක් වෙලා කියවලා තෙරුම් ගන්නවට වඩා ඉක්මනට කියවලා අදහස අරන් යන අය වැඩියි. මට ලැබෙන කමෙන්ට් ප්‍රමානයයි page views ප්‍රමානයයි බැලුවම මට තෙරෙන්නෙ ඒකයි

      Delete
  23. අඩේ කන් සැප... එල කතාව...

    ReplyDelete
  24. සිරා කතාව , මේකත් ලිංගිකත්වය ගැන තමයි.[ලිංගික තෘප්තිය ගැන]

    ReplyDelete
  25. අම්මපා ආච්චි අම්මේ හැබෑටම ඒ කතව ඇත්ත තමා .මම මේක බලන්න කලින් ගැමියා මේක බලල මේ කතාව මට කිව්වම අපිත් කරල බැලුව ඕං.හැබෑනේන්නං

    ReplyDelete
  26. ටියුබ් ලයිට් වෙලත් තිබ්බ ටිකක්.. දැන් හරි...

    ReplyDelete
  27. අප්පේ ඇගිල්ලකටත් උපමා කලා එහෙනම්, පිරිමින්ටත් ගිය කලක් :(
    මේ වගේ ටොපික් එකක් ගැන ලියපු එක ලොකු දෙයක් !!!

    ReplyDelete
  28. අඩේ මම දැනුයි කියෙව්වෙ......

    ReplyDelete
  29. කං සැප විදිනු වගේ ප්‍රීතියක් ඇත්තේ නැ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..