he

Wednesday, December 28, 2011

සංගීතය සහ කොස් ඇට

සංගීතය රස විඳින්නට අකමැතිවූවෝ කවුරුන්ද? ඉබේ ඇහෙන සංගීතයත් විහින් අහන සංගීතයත් රසවිඳින්නට අප පුරුදුවී සිටින්නෙමු. මා අද කියන්නට යන කතාව මොනයම්ම ක්‍රමයකින් ඔබ අසා නැතුවා වෙන්නට බැරිය. සමහර විටක ඔබද මේ අත්දැකීම විඳ නොඇත්තාවන්නට බැරිය. මේ කතාව විහිලු කතාවක් වුවත් මා ලියුවෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්
.


…පහුහිය දවසක මම ගියා මගෙ යාලුවෙකුගෙ ගෙදර එහාට තම මගෙ මිත්‍රයො දෙන්නෙකුත් ඇවිත් උන්නා. එතන එකෙක් හිටියා රසික කියලා. මිනිහා නමෙ හැටියටම හොඳ ගීත රසිකයෙක් ඇහෙන්නෙ මොනවද අහනවා. බස්‍ රථවල ඇසෙන කන්කරච්ච්ල බෙලෙක් තලන සංගීතය රසවිදින්නටනම් මම කැමති නැත. ඒත් මෙ රසිකටනම් එහෙම නැත. ඒවාටද කැමතිය. උගෙ ගෙදරත් රෙකෝඩ් බාර් එකක් වගෙය. අපි උගෙ ගෙදර යන්නට අකමැතිය. හෙතුව උගෙ අම්මාගෙ කන්කරච්ච්ලය අසන්නට බැරි නිසාමය. හම්බකරන මුලු පඩියම අලුත් අලුත් ගැජමැටික් වලටම යටකරන හෙතම ගෙදරට, මම හිතන්නෙ සතපහක්වත් දෙන්නේ නැත. ඒවා ගැන අපි කතාකරන්න යනවිට ඌ කියන්නෙ මගෙ සල්ලි මට ඕන විදිහට වියදම් කරාම උබලට තියන අමාරුව මොකක්ද කියාය.


අදත් කතාවෙන් පිට යන්නවගෙ හදන බව මටම හිතුන නිසා මෙතන ඉදන් වත් කතාව කියන්නම්. අද කතාව රසිකට උන දෙයක්. රසික හරිම බඩජහරියා අහුවෙන හැම මලදානෙම කනවා. 

දවසක් මිනිහා එයාගෙ ප්‍රියම්භිකාවගෙ ගෙදර ගිහින්. ප්‍රියම්භිකාවට මල්ලියෙක් ඉන්නවා. කොහොමටත් කට්ටිය පොඩි මස්සිනාවනෙ මුලින්ම යාලු කරගන්නනෙ බලන්නෙ. රසිකත් ඉතින් සම්ප්‍රදාය කඩනොකර පොඩි මස්සිනාව යාලු කරගන්න පොඩි ට්‍රික් එකක් දැම්මලු.  

ප්‍රියම්භිකාවගෙ ගේ ඉස්සරහ ලොකු වැල ගහක් තියනව. වැල පිරිලා. කොස් ඇට බිම හැමතැනම. මූ මල්ලිට කියුවලු අපි කොස් ඇට පුච්ච්මු කියලා. පොඩි උන් කොහොමත් ඔයවගෙ දෙවල් වලට කැමතියිනෙ. ඒ පොඩි එකත් එකපයින් කැමති උනාලු වැඩෙට. දර ටිකක් එකතු කරලා ගිනි ගොඩක් ගහලා වටෙ වැටිලා තිබුන කොස් ඇට ටික එකතු කරලා ඒකට දාලා. පුච්ච්ලා අරගෙන කාලා. මම හිතන්නෙ මූට දවල්ට බත් දීලා නෑ මූ කොස් ඇටම කාලා.


දැන් පොර ගෙදර එන ගමන්. රසික කියන්නෙ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙක් ඒ කියන්නෙ බස් එකේ යන්නෙ එන්නෙ. රසික හිටගෙන බස් එකේ එල්ලිලා ඉන්නවලු. මේ අස්සෙ මුගෙ බඩ සෙල්ලං දානවලු ඇයි පුදුම කොස් ඇට කෑමක්නෙ කෑවේ. බස් එකේ සෙනගත් තරමක් පිරිලා ඒ කියන්නෙ ආසන සියල්ල සම්පූර්නයි. අතරින් පතර එක් කෙනෙක් දෙන්නෙක් හිටහෙන ඉන්නවා, රසිකත් ඇතුලුව. මෙන්න දැන් රසිකගෙ බඩ වාතය පහකරන්න හොයනවා. පැලෙන්න ඇහෙන සංගීත රසය නිසා රසිකත් එන වාතය කාටත් නොදැනෙන්න සැහැල්ලුවෙන්ම පිටවෙන්න දුන්නා. දෙතුන් වතාවක් බඩට ඇවැසි පරිදි වාතය පිටකරන්න ඉඩ දුන්නු රසික බහින තැනටත් ලං උනා. පොර බහින්න පස්සට එනකොට කට්ටිය පොරගෙ මූන බලනවලු සමහරු කටවහගෙන හිනාවෙනවලු. … …


මල කෙලියයි සංගීතය ඇහිලා තියෙන්නෙ උගෙ ipod එකෙන්. පිටකරපු වාතයෙ සද්දෙ ඇහිලා නැත්තෙ ඌට විතරයි.

21 comments:

  1. meka meeta kalin kauda liyala thibuna, nam gam siddiya wenas

    ReplyDelete
  2. @ amila ඉතින් ඒක තමයි මම පටන් ගැන්මෙදිම කියුවෙ මෙක කලින් අහලා තියෙන්නෙ පුලුවක් කියලා වැඩෙ තියෙන්නේ මම අඳුනන එකෙකුට උන එකයි

    ReplyDelete
  3. ෂද්දෙට ෂද්දෙ නං ෂරි දොරේ . . . කඳට මොක්කද කරනවා ?????

    ReplyDelete
  4. හික් අනේ මට තාම හිනාව නවත්තගන්න බෑ

    ReplyDelete
  5. මම එක පාරක් වෝක්මන් එකක් දාන් ශ්‍රීපාදෙ උඩ මලුවෙදි මා එක්ක ගිය අනික් එකාට කිව්ව "ඒ කැx කෑල්ලක් ඉන්නව අර බලපන්" කියල. එච්චරම තමයි...!

    ReplyDelete
  6. පොර ඉතින් ඊට පස්සේ බස් එක ගියපු දිහාවවත් නොබලා ගියාලු ;)

    ReplyDelete
  7. බස් වල පඩ ගිය කතා කියවන්න . . . .
    http://dhumee.blogspot.com/2011/03/blog-post.html

    (ඔ්නයා දුන්නෙ ඔං අපි නෑ...)

    ReplyDelete
  8. බස් එකේ එවුං අරූට දාගෙන නෙලන්නේ නැතුව හිටි එකම මදෑ .

    ඇත්තටම කිවොත් ඔය කොස් ඇට කාලේ පඩයක් ඇරියොතින් ඉතින් බඩුම තමයි ආයේ පරමානු බෝම්බේ නාහෙට ගැහුවා හා සමානයි

    ReplyDelete
  9. ශිෂ්...ජෝනත් එකයි, ජෝනගේ යාලුවොත් එකයි.... :-)

    ReplyDelete
  10. අහල තියේද මයික් පඩය ගැන එකත් ඔය වගේ සිද්දියක්

    ReplyDelete
  11. විලිලැජ්ජාවේ සංතොසේ බෑ..අම්මපා බස් එකේ ඉඳ තියෙන්නේ ගඳ සුවඳ දැනෙන් නැති එවුන් වෙන්ඩැ...

    ReplyDelete
  12. ඔක්කොටම හපං ඔයවැඩේ ඒසී බස්එකකදි උනොත්.

    ReplyDelete
  13. @ඕනයා බශ් එකේ ශෙනග හන්දා ඒක ප්‍රශ්නයක් නෑ

    @වර්ණා මටත් ලියනකොට ඔහොම උනා කට්ටිය අහනවා මොකද තනියම හිනාවෙන්නෙ කියලා

    @ඉන්දික උපශාන්ත කොහොමටත් වෝක්මන් දැම්මම නිකන් කතාකරනවට වඩා හය්යෙන්නෙ කතා කරන්නෙ

    @ChammA මොන ඌ බඩජහරියා වගෙම ලජ්ජාවක් තියන එකෙක් නෙමෙයි. අපිට ලැජ්ජයි ඌත් එක්ක යන්න හික් හික්ස්

    ReplyDelete
  14. කොස් ඇට කාලා ඔය වැඩේ කලා කියන්නේ ඉතින් අහල පහල හිටපු අයට දෙයියන්ගෙම පිහිටයි...

    ReplyDelete
  15. @නරකයා....!! …කවුරු දුන්නත් කමක් නෑ ටැන්කූ කියුවා එල පඩ කතාටික

    @හිස් අහස …ඒ උනාට ඒකෙ හීන් ආතල් එකකුත් තියනවානෙ ..

    @Observer …ඒකනෙ එකට සෙට් වෙන්නේ

    @අසරණයා …ඇත්තටම අහලා නෑ නරකද කියුවොතින් නොදන්න අයට දැනගන්න

    @Raj …එහෙමත් නෑනෙ දැන් උබ යන බස් එකක එකෙක් හයියෙන් පඩ ඇරියොත් උබ ඌට කියනවද ? නෑනෙ

    @රාජ් හපෝ …කියලා වැඩක් නෑ

    ReplyDelete
  16. ආඩම්බරයි...ගොඩක් ආඩම්බරයි උඹේ යාලුවෝ ගැන...

    ReplyDelete
  17. හප්පේ විළි ලැජ්ජාවේ බෑ..ගෙවල් ලග කෙල්ලෝ එහෙම හිටියනං මූට කාඩ් එකකුත් ගහලා ඇති පඩ්ඩා කියලා...

    ReplyDelete
  18. අපොයි...මරු බ්ලොග් එක මචං

    ReplyDelete
  19. හී හී ... ආතල් වැඩේ වෙලා තින්නෙ...

    ReplyDelete
  20. අයියෝ මරු කතාව :)))))))))))))))))))))))
    හතර හිනා :)

    ReplyDelete
  21. ඊට පස්සෙ නං උඹ අයිපොඩ් ගහං බස්එකේ යන්නැතිව ඇති නේ බං...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..