he

Saturday, December 17, 2011

දුරකථනයකින් මම ඔබ අමතමි

ගෙ යාලුවෝ කට්ටියක් මෙ ලගදි සෙට් වෙලා. සෙට් වෙච්ච් තැනනම් කියන්න බෑ.  ඒකට හෙතුව මෙකතාවෙදි නම් කියන්න බෑ වෙන කතාවකදි මතක් කරන්නම් . මෙතන උන්නා අපෙ එක මිත්‍රයෙක් . අපි එයාට කියන්නෙ ඩයියා කියලා ඇත්ත නම ඩයස්. මිනිහා තාම කසාද බැඳලා නෑ. වෙන්න වයිෆ් කෙල්ලෙක් නම් ඉන්නවා . ඒ ළමයට ඩයස් බෝ පැලෙ. සුරා සූදුවෙන් තොර යහපත් චරිතයක් හෙබි කොල්ලෙක්. අර සෙට් වෙච්ච තැනදි උනු රසවත් කතාවක් තමයි මම අද කියන්නෙ.


මිනිහට තියනවා මරු පුරුද්දක් කොච්චර බිව්වත් කතාව කෙලින් හැබැයි ඉන්නෙ ඇදෙට. කතාකරනකොට කාටවත් තෙරෙන්නෙ නෑ මිනිහා බීලා කියලා. ඩයියට වැඩියි කියලා අපි දැනගන්නෙ අංශක 45ට හතර අතෙ වැනෙනෙකොට තමයි. ඩයියට තියන තවපුරුද්දක් තමයි ජංගම දුරකතනයෙන් මල් කඩන එක මම හිතන විදියට මිනිහගෙ ජංගම දුරකතන සෙවා සැපයුම්කරු (නොතෙරෙන අයට Service Provider) හැම අවුරුද්ද්කම හැම්පර් එකක් එවනවා මයෙ හිතේ. …



…දැන් කතාවෙන් පිටපැනලා මෙන්න කතාව . ඔන්න දැන් කට්ටියම සෙට් වෙලා සෑහෙන්න වෙලාවක් ගතවෙලා. වෙලාව රාත්‍රී 10ත් පැනලා. ඩයියා සෙට් වෙන ගමන් කවදාවත් මල් කඩන්නෙ නෑ මොකද බෝතල් වදින සද්දෙ ඇහුනම වෙන්න වයිෆ්ට මාට්ටු වෙන හින්දා. කොහොමහරි එදා වෙන්න වයිෆ් ගෙන් ඇමතුමක් ආවා බොන තැනට. ඉතින් මිනිහා නැගිටලා සෙට් වෙච්ච් තැන මිදුලෙ කෙලවරකට ගියා කතාකරන්න. යනකොට කට්ටියට ඩයියා අංශක 45ට කර කැවෙනවා දැනිලා තියනවා. … …


දැන් පැයකට කිට්ටු වෙන්න ආවා කාටවත් ඩයියා ගැන මතකයක් නෑ . මිනිහා ආපහු ඇවිල්ලත් නෑ එක යාලුවෙකුට මතක් වෙලා මිනිහව හොයන්න ගිහිල්ලා යනකොට කානුවක් ලඟ වමනෙ දාගෙන එතනම බිම දිගාවෙලා ඉන්නවලු. අනෙ ඉතින් යාලුවා ඩයියව උස්සගෙන අමු තිත්ත කුනු හරුපෙන් බැන බැන ගෙනල්ලා පුටුවක් උඩින් තියලා මූනට වතුර ගාලා දෙහි ගාලා තව කරන නොකරන සෙරම කරලා දන්නවනෙ ඔයවෙලාවට උදව් කරනකොට කතාකරන වචන මාලාව. හත් මුතු පරම්පරවම කැඳවනවනේ.




විනාඩි දහයකට විතර පස්සෙ ඩයිය ඇස් ඇරලා බලලා කට්ටිය දිහා බලලා සාක්කුවට අතදාලා ජංගම දුරකතනය අරන් කියනවලු .........."ආ ඩාලිං ඔයා තාම ලයින් එකේද මම මේ භාවනා කරකර හිටියෙ එහෙනම් බුදු සරණයි! ඔයා නිදියගන්න" කලින් ඩයියට දුරකතනය විසන්දි කරන්න අමතකවෙලා . ඒවෙලෙ තමයි මතක් වෙලා තියෙන්නෙ. …

17 comments:

  1. හප්පේ ඩයියගේ ලව් එක හබක් ද දන්නෑ....අනික් කස්ටියගේ පිං අනුමෝදනාව අහලා....

    ReplyDelete
  2. වෙන්න වයිෆ්ට සිංහල ඩොක්ටර් රේට් එකක් හම්බ උනාලු පහු වෙනිදා..

    ReplyDelete
  3. අපොයි දෙයියනේ වෙන්න වයිෆ් නිසා මොත්තයක් දැම්මනම් ෂේප් ඒත් ඇත්ත වයිෆ් නම් ඉඳලා ඕනෙ නැහැ. අපේ ගෙදරත් ඔහොම පොරවල් එනවා රෑට නයිට් පාක්. ඇයි කන කඩන් වැටෙන්න ගහලා ගෙදර යන්න බැහැ. නයිට් ඩියුටි කියලා ඇවිත් නයිට් පාක් අපේ ගෙදර ඉඳලා උදේට යනවා බෝපැල වගේ ඔක්කොම උදේම අහගන්නවා මගෙන්. එතකොට කියනවා " මෙයිට හොඳයි ගෙදර ගිහින් වයිෆ්ට අහු වුනානම් කියලා" බැරි මගුල් මොකට කරනවද?

    ReplyDelete
  4. අනේ මට හිනා බඩ අල්ලගෙන.. මරු භාවනාව තමයි හිකිස්‌..

    ReplyDelete
  5. තොපි අමතපුවට අරකිට මොනා උණාද දන්නෑ.....

    ReplyDelete
  6. did u meet him after that?


    --S--

    ReplyDelete
  7. උගේ මගුල ඉහලින්ම කෙරෙන්න ඇති නේද?

    ReplyDelete
  8. භාවනා කරනවා :)) හොඳ භාවනාව........... අරක්කු බෝතල් තියාගෙන අනිත්‍ය ධර්මය මෙනෙහි කරනවා වෙන්න ඇති

    ReplyDelete
  9. පින්වත්නි, ඉගෙනගන්න මේ අලුත්ම භාවනා ක්‍රමය, සතර අපා උත්පත්ති නොලැබ, අනිත් ඒවත් ඔක්කොම සිද්ධ වෙලා, කවද හරි නිවන් යන්න චෑන්ස් එකක් තියෙනවා මේකෙන්.

    නමුත් පින්වත්නි හොඳින්ම මතක තියා ගන්න ඕනෙ කාරණාව, නිවන් යන්න නං, ඊට ඉස්සෙල්ල පත්තු කොරන් යන්න ඕනෙමයි....

    ReplyDelete
  10. අපි හැමෝම දන්න බ්ලොග් කාරයෙක් ඉන්නව . . මිනිහ බොන වෙලාවට වයිෆ් කෝල් කලොත් මිනිහ කියන්නෙ "මම මේ ක්ලයන්ට් කෙනෙක් එක්ක වැදගත් ඩීල් එකක් කතාකරනව . . . " කියල . . . ඒ සැනින් ලයින් එක කට් කරන්නත් මිනිහ වගබලාගන්නව

    ප.ලි.
    ඔය කියපු බ්ලොග් කාරය කවුද කියල අහන්න එපා

    ReplyDelete
  11. බුදු බනේ නැති භාවනා ක්‍රමයක්

    ReplyDelete
  12. @ ඔබ නොදු‍ටු ලොවක්..... ඒකනම් තාම දන්නෙ නෑ මෙ කතාව උනු උනු කතාවක්

    @ මාතලන් නියම කියමන

    @ වෙද ගෙදර මහ වෙදනා මීට හොඳයි වයිෆ්ට අහූනානම් කියන උන් ආයෙම පහුවනදත් එනවා නේද ?

    @ වර්ණා හික් හි

    @ නරකයා ...!! තාම නොදනී

    @ Anonymous --S-- NO I Didn't

    ReplyDelete
  13. @ Sabith මොනවා කතාකරනවද

    @ Hasitha ඒකත් හොඳ භාවනාවක් තමා

    @ Observer සාදු සාදු සාදු !!!

    @ ඕනයා කවුද කියලා අහන්න එපා කියුව නිසා අහන්නෙ නෑ


    @ අසරණයා බුදු හාමුදුරුවන්ටහ් අමතක උන් එකක්

    ReplyDelete
  14. මට හිතාගන්න බෑ ඩයියව වැටිල හිටි තැනින් කුදලගෙන ඇවිල්ල පරම්පරාවම කැඳවනකොට වෙන්න නෝන අහගෙන හිටිය නෙම් මොනව හිතෙන්න ඇත්ද කියලා.... අර වෙදනා කිව්ව වගේ බැරි මගුල් මොකට කරනවද..... හික්ස්....

    ReplyDelete
  15. ප්‍රැක්ටිකල් කතාවක්..

    ReplyDelete
  16. ඔය ඩයියා ලංකා බැංකු මුලස්ථාන ගොදන්ගිල්ලේ තියෙන වෙනත් ආයතනයක වැඩ කලාද / කරනවද ?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..