he

Saturday, December 24, 2011

"චූ" කතාවක් වටිනාකම රුපියල් 4000

 නත්තලත් ලැබුවා. හැමෝම සුබපතන හන්දා මමත් සුබ පතලම අද කතාව පටන් ගන්නම්. එහෙනම් හැමෝටම සුබ නත්තලක්! නත්තල ගැන කතාකරනකොට නත්තල් සාද ගැනත් කතා නොකර බෑනෙ. සාද ගැන කතා කරන කොට ඉතින් මදුවිත ගැන කතා නොකර බෑ. මදුවිත පානය කරන්න තියන තැන් වලට අපි කියන්නෙ තැබෑරුම කියලනෙ. ඉති අද කතාවට මාතෘකාව වන්නෙ තැබෑරුමක්.


 මෙ කතාවත් කාටවත් මඩක් එහෙම නෙමෙයි. මේක විහිලු කතාවක්. සමහර අය දන්නවත් ඇති. මෙක ලියන්නෙ නොදන්න අයට. දන්න අයත් බැලුවට කාරි නෑ. …

තැබෑරුම් කරු නොහොත් බා කීපර්, ඔය තානාන්තරය උසුලන්නෙ තරමක් හැඩි දැඩි අය. මරුමුස් පෙනුමක් උනත් තියෙන්න බැරි නෑ. මොකද මෙතනට එන යන ගනුදෙනු කාරයො ආණ්ඩු මට්ටු කරන්න එහෙම පෙනුමක් නැතිව බෑ. …


 තැබෑරුම් වලට ඔය නානාප්‍රකාර අය එනවනේ. හවසට "ගෙදර යන ගමන්" චිට් එකක් දාලා ශොට් එකක් දාලා යන අයත් ඉන්නවා. චිට් දානවා කියන්නෙ ඔට්ටු අල්ලන එකටනෙ. අද කතාව ඔට්ටු කතාවක්.


 ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා, අපි එයාට රොඩ්නි කියමු. රොඩ්නිගෙ වැඩෙ හැම දෙයටම ඔට්ටු අල්ලන එක. ඔන්න එක දවසක් මෑන් තැබෑරුමට ගොඩවෙන ගමන් යාලුවොත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා රුපියල් 5000 කට. ඔට්ටුව මෙකයි. "මම අර බා කීපර් ගෙ මෙසෙ උඩට නැගලා පොරගෙ ඇඟට චූ දානවා" කියලා. කට්ටිය පැනලා ඔට්ටුව ඇල්ලුවා. මොකද එතන බා කීපර්ගෙ ඇඟට චූ දානවා තියා ඇඟේ කවුරුහරි වැදුනත් මල පනිනවා.


මොකද හිතන්නෙ රොඩ්නි ඔට්ටුව දින්නද ?


රොඩ්නි කෙලින්ම ගියා බා කීපර් ලඟට. ඉල්ලුවා ෂොට් එකක් ගැහුවා එතන ඉඳන්ම.කාරලා කටත් පිහදාලා "ලොක්කා මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක්? , මම මෙ මෙසෙ උඩට නැගලා ලොක්කගෙ අතෙ තියන මෙන්න මෙ බියර් වීදුරුවට බිංදුවක්වත් බිමට නොවැටෙන්න චූ කරනවා මොකද කියන්නෙ රුපියල් 1000ක් ඔට්ටුයි" කියලා.

බා කීපරුත් දන්නවා රොඩ්නිට බිංදුවක් බිමට වැටෙන්න තියා බිංදුවක් වීදුරුවට වැටෙන්නවත් චූ කරන්න බෑ කියලා. මොකද මිනිහට ඒ තරමටම වැඩියි. පොරත් ආයෙත් නොහිතාම ඔට්ටුව ඇල්ලුවා. 

රොඩ්නි මේසෙ උඩට නැගලා චූ කරන්න ගිහින් "චූ" කරන ගැජට් එක ඔනකමින් හොල්ලලා බා කීපර්ගෙ ඇගට "චූ" කරලා උන ඔට්ටුව පැරදුන නිසා රුපියල් 1000 දුන්න. පොරත් "චූ" පිහිදගත්තා රුපියල් 1000ක් ලැබුන නිසා. රොඩ්නි යාලුවො ලඟට ගිහින් තමන් දින්න රුපියල් 5000 අරගත්තා . ඔට්ටුවෙ ලාබය රුපියල් 4000. ..

මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක් ?

17 comments:

  1. ජෝන් මගේ සම්මානෙට වැඩේ දෙන්න වගේ, ඒව කොහෙද මට තමයි ඊලඟ අවුරුද්දෙත් ආතල් චූ සම්මානේ හෙක්.... හෙක්....
    නියම කථාව. ඔය කථාවේ එක එක වර්ෂන් කීපයක්ම තියනවා නේද?

    ReplyDelete
  2. හිහ් හිහ්.. මේක කලින් අහල තිබ්බෙ නෑ.. ෆට්ට කතාව.

    ReplyDelete
  3. බාකීපර් කොළු කාරයලු නේද......හික් හික් හික් .....

    ReplyDelete
  4. මාත් වෙන වර්ශන් එකක් අහලා තියෙනවා....

    ReplyDelete
  5. අර අර බැංකු මැනේජර්ගෙ කලිසම ගැලවීමේ ඔට්ටුව නොහොත් පුකසුදු වීමේ ඔට්ටුව මේ වගේම තමයි.

    ReplyDelete
  6. උඹේ නත්තල් කතාව මරු මචං . . නත්තලට නියමෙට මැච් වෙනව . . මීට කලිං ඔය වගේ වැඩක් කලේ ජිප්සීස් සුනිල් විතරයි . . . මිනිහ කඳානෙ නත්තල් සංගීතෙට ඇවිල්ල "මේ නත්තල තවත් ලස්සන වෙන්න මෙන්න මගෙං නත්තල් ගීතයක් . . . . ගහන්න මල්ලි සයිම කට් වෙලා" කියල බෑන්ඩ් එකට කිවුව . . .

    (ටිකක් හෙවුවොත් යූ බටේ තියනව අදාල වීඩියෝ කෑල්ල)

    ReplyDelete
  7. මට කඳානෙ සංගීතෙ ක්ලිප් එක හොයාගන්න බැරි උනාට මෙන්න මේක හොයාගන්න පුලුවං උනා . . .

    ReplyDelete
  8. කතාවේ වර්ෂන් කොච්චරක් තිබ්බත් මේක අහලම නැති එකක්. හෙහ්...හෙහ්....

    ReplyDelete
  9. මෙ කතාව ලියන්න හිතුනෙ මගෙ කන්තෝරු මිතුරෙකුට මෙ කතාව මට කියන්න ඕන උනා. කතාව කියනවට වඩා ලියන එකෙන් තව තුන් හතර දෙනෙකුට හරි කතාව දැනගන්න ලැබෙනවානෙ ඒකයි . වැඩෙ සාර්ථකයි වගෙ නොදන්න අය ඉන්නවා. කොමෙන්ට් දාපු කොමෙන්ට් නොදා බලපු හැමෝටම ස්තුතියි

    ReplyDelete
  10. @ වෙද ගෙදර මහ වෙදනා එහෙම සම්මානෙකුත් තියනවැයි. එහෙනම් ගන්න බලන්න ඔනෙ තරග කරන්න ඉන්නෙ එසේ මෙසේ කෙනෙක් යැ හික් හික්
    අනිත් ඒවට වඩා මගෙ හිත ගියෙ මෙ කතාවට.

    @පැණි දොඩම් කතාව දැම්මට පාඩු නෑ එහෙනම්

    …@ඔබ නොදු‍ටු ලොවක් ඒකනම් හරියට දන්නෙ නෑ

    @නරකයා....!! කියුවනම් එහෙම අපටත් ඇහෙන්න

    ReplyDelete
  11. ඕනයා ඇත්ත ඒකනෙ නත්තල කට්ටිය පාවිච්චි කරන්නෙ කන්න බොන්න සතුටු වෙන්න මෙක බොරු නෙමෙයිනෙ

    Observer ඔබා මාමත් අහලා නැත්නම් වෙන මොන කතාද .

    ReplyDelete
  12. අනේ මං අහල තිබුණෙත් නෑනෙ කලින්... මරු ඔට්ටුව...හික්ස්...

    ReplyDelete
  13. යකො..දැන් චූටිකත් මාකට් කොරලනේ...මක්කොරනැයි...හැමදෙයක්ම විකිනේන කාලයක් නොවැ මේ...හික්

    ReplyDelete
  14. එල....මටත් හිතුනා ඔට්ටුවක් අල්ලන්න...

    ReplyDelete
  15. එල කතාව ටිකක් වෙනස් විදිහට මේක මම අපි නොදන්න ලයිවු වල දැක්කා ..

    කෝම වුණත් පස්ට කතාව

    ReplyDelete
  16. අවුලක් නැහැ මේ කතාව අහල නැහැ.

    ReplyDelete
  17. මමත් මෙකේ අර බෑන්ක් මැනේජර්ගේ වර්ෂන් එක අහල තියෙනවා. මේ වර්ෂන් එක ඇහුවෙ අද..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..