he

Thursday, November 24, 2011

ප්‍රවාහනය කළුතරට පමණයි!

  කන්තොරු කතන්දර ගොඩට තවත් කතන්දරයක් එකතු කරන්නයි යන්නෙ. කතා නායකයා ජයේ, නමට තව කෑලි තිබුනට කවුරුත් කියන්නෙ ජයේ කියලා. මෙයත් අර කලින් "මල්ටි purpose අයන්" කතාවෙ දෙන්නා වගේම නුගේගොඩ කාමරයක නැවතිලා තමයි රැකියාවට ආවෙ. 

 ජයේ රාජකාරිය කරපු ආයතනය තිබුනෙත් නුගේගොඩමයි. ඒත් ජයේ ලොක්කට කියලා තිබුනෙ එයා නැවතිලා ඉන්නෙ එයාගෙ නැන්දා කෙනෙක් එක්ක කළුතර කියලා. ඇත්තටම කලුතර එයාගෙ නෑයො කවුරුවත්ම නෑ. ඒත් එහෙම කියන්න හේතුව මෙ ආයතනයෙ ප්‍රවාහන දීමනාවක් කියලා බස් ගාස්තුව මාසෙ පඩියට එකතු කරලා දෙනවා. ඒකත් දෙන්නෙ එන දවස් වලට විතරය් මතකනෙ "cost cutting" අන්න ඒ වගෙ තමා මෙ ආයතනයෙත් පාලනය. කොහොමහරි නුගේගොඩ ජයේ, කළුතර ප්‍රවාහන දීමනාව මාස ගනනාවක් ගත්තා ලොක්කට නොතේරෙන්න.

   

   එක දවසක් ලොක්කා ජයෙට කියුවලු පහුවෙනිදා උදෙම එන්න කියලා. මේ කියන ආයතනයෙ බොහෝමයක් සේවාදායකයෝ ඉන්නෙ දුර බැහැර ප්‍රදේශවල. එදත් උදෙන් එන්න කියලා තිබුනෙ ඒ වගෙ දෙනියාය පැත්තෙ සේවාදායකයෙක් හමුවෙන්න යන්න. ගමනට අවශ්‍ය ද්‍රව්‍ය එක් රැස් කරගන්න තමයි ලොක්කා උදේම එන්න කියල තියෙන්නෙ. කොහොමහරි ලොක්කාගෙ ජීප් එකෙන් දෙන්නා දෙනියායට ගිහින්. 

  ගිය අවශ්‍යතාවය අවසන් කරලා දැන් දෙන්නා කොළඹ බලා එනවා . ජයෙට මහන්සියට නින්ද ගිහිල්ලා . වාහනය යනකනුත් එනකනුත් පදවාගෙන ගිහිල්ලා තියෙන්නෙ ලොක්කා. කළුතරට එනකොට රාත්‍රී 12 පහුවෙලා. 

ලොක්කා ජයේව කළුතරදි නැගිට්ටවලා නැන්දලගෙ ගෙදරට යන පාර අහලා ඇරලවන්න. එතකොට තමයි ජයෙට තරු පෙනිලා තියෙන්නෙ. "නෑ සර් ඒ පාරෙ වාහන යන්න බෑ" කියලා කළුතරින් බැහැලා . 

ලොක්කත් ජයේව කළුතර දාලා එයා නුගෙගොඩට ඇවිල්ලා. ජයේ පහුවනදා වෙනකම් කලුතර බස් නැවතුමෙ ඉඳලා උදෙ නුගෙගොඩ ඇවිල්ලා ..

14 comments:

  1. එලිවෙනකම් නිදි මැරුවත් පාඩු නෑ . අහු උනානම් ඊට වඩා පාඩුවක්නෙ වෙන්නේ ...

    …අනේ මේ කන්තෝරුවෙ කිසි කෙනෙක් … නැද්දෝ මේ ජෝනට මඩක් ගහන්න ..

    ReplyDelete
  2. බෝධිය පැත්තේ ඔයිට ටිකකට කලින් ගියානම් නිකම් ම කාල හොඳ පොට් එකක් අල්ලගන්න තිබ්බ බුදියගන්න :)

    ReplyDelete
  3. @ Gimhani මෙන්න කවුරුහරි මෙ උදව්ව කරන්ඩෝ....
    @ Sabith එක හරි එතනත් මෙ වෙලාවෙ වහලා

    ReplyDelete
  4. 99 යෙන් ජයේ බේරිලා තියෙන්නේ.. හොද වෙලාවට නිදි මරගාතෙන් වත් කිවුවේ නැත්තේ මං ඉන්නේ නුගේගොඩ කියලා..

    ReplyDelete
  5. මම හිතන්නේ පොර නිදි මතේම ආපු නිසා අයිනක වැටිලා නිදා ගන්න ඇති
    නැත්නම් දුර ඉඳල එන බස් ඕනෙතරම් එනවනේ කළුතර හරහා මහ රෑටත්....

    ReplyDelete
  6. බොරු කරාට හොඳ පාඩමක් :)

    ReplyDelete
  7. තමන්ගේ බොරුවට තමන්ම අහුවෙනවා කියන්නේ මේවාට තමා :))

    ReplyDelete
  8. හප්පේ මාර සීන් එකනේ...ඕක තමයි කියන්නේ බොරුව කවදා හරි එලි වෙනවා කියලා...හික් හික් ....

    ReplyDelete
  9. අඩෝ ජෝනා තො ඉස්කොලෙදි කලෙත් අනුන්ට මඩ ගහපු එක දැන් ආයෙත් පටන් ගත්තද පරන පුරුද්ද ? හිටපිය තොට ...

    ReplyDelete
  10. @ Dinesh ඒක ලොක්කා දන්නවා . ඒඋනාට ලොක්කො කවදත් ඉන්නෙ නොදන්නවා වගෙ

    @ ලොකු පුතා මේක අද ඊයෙ කතාවක් නම් බස් තිබුනා ඒත් මෙ අවුරුදු ගානකට කලින් කතාවක් ඒ දවස්වල රෑට කලාතුරකින් තමා බස් තියෙන්නෙ

    …@ Gordonia ceylanica මිනිස්සුන්ගෙ ආර්තික අම්මරුකම්ම් එක්ක ඔහොම බොරු නොකරත් බෑ

    ReplyDelete
  11. වර්ණා මටත් එහෙම හිතුනා

    Hasitha ඒකනම් සහතික පට්ට

    ඔබ නොදුටු ලොවක් ... ඔය බොරුවනම් එළිවෙලා හුගක් කල්

    93 එකෙක් කවුද මෙ හැන්ගිලා කෑගහක එකා

    ReplyDelete
  12. මදැයි.... මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ.... තව පොඩ්ඩෙන් මහ විනාසයයි... :)

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..