Saturday, November 12, 2011

රඟහල දැන් ඇත ඝන අඳුරෙ - නාට්‍ය කරුවා ඇත පිලිකන්නෙ

සෑහෙන කාලෙකින් නාට්‍යයක් බලන්න ගියා.  බැලුවෙ ජයලත් මනෝරත්නයන්ගෙ "බූරුවා මහත්තයා" ඉන්දියානු ජන සමාජය පසුබිම් කරගත් නාට්‍යයක්. උඩින්පල්ලෙන් විසඳුම් හොයන, උඩින් පල්ලෙන් ප්‍රශ්න තෙරුම් ගන්න උදවියට හොඳ කතාවක්. හැබැයි එතුමගෙ අනිත් නාට්‍ය තරම් නම් මගෙ හිතට වැටුනෙ නෑ.

නාට්‍යය කෙසේ වෙතත් හිටපු සෙනග ගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ හිස් ගෙඩිවලින් ම ශාලාවෙ එක් තැනක සිට ගනන් කලහැකි ප්‍රෙක්ශක පිරිසක් තමයි උන්නෙ.

  … 1993 වසරෙදි පානදුර පුරහලට  ගෙන්වුවා "ඔත්තු කාරයා" කියලා නාට්‍යයක් මට මතක හැටියට ඒක ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙ. (වැරදිනම් කවුරුහරි දැනුවත් කරන්න ) නාට්‍යය පටන් ගන්නෙ රගහලෙන් එළියෙ මළගෙදරක ස්වරූපයෙන් තමයි ඇරඹෙන්නෙ. එදා 6:30 දර්ශනය නියම වෙලාවට ආරම්භ කරන්න බැරිඋනා. 


 සෙනග සූගාල . ඇත්තටම සූගාල කියන්නෙ මොකක්ද කියලා මට තෙරුනෙ එදා මුලු රඟහල පිරෙන්නම සෙනග. වැඩියෙන්ම උන්නෙ හිටගෙන බලන උදවිය. ඒ තරමටම නාට්‍යට ඉල්ලුමක් තිබුනා. 

 7:15ට විතර තමයි පටන් ගත්තෙ. කොහොමහරි 8:20ට විතර විදුලිය විසන්දි වීමක් උනා. ඒකාලෙ ජෙනරේටර ගන්න වත්කමක් නට්‍යයක් ගෙන්වන අයට තිබුනෙ නෑ. රාත්‍රී 9:45 විතර වෙනකම් විදුලිය ආවෙ නෑ. අර පටන් ගන්නකොට හිටපු සෙනග එහෙමමයි. නාට්‍ය කන්ඩායමටත් පුදුමයි සෙනග ගැන. එදා නාට්‍යයෙ ප්‍රදාන නලුවා කමල් අද්දරාරච්චි. එයා නැගිටලා කියුව "මෙ වගෙ නාට්‍යය බලන රසික පිරිසක් ගැන ආඩම්බරයි ඒ හන් දා මෙ නාට්‍යය නැවත් මුල ඉදන් රඟ දක්වනවා" කියලා එදා නාට්‍යය ඉවර වෙනකොට රාත්‍රී 12ට ආසන්නයි. 

එදා ඒ අයුරින් මාදුටු සූ ගාන සෙනග අද රඟහල තුල නෑ ඉන්නෙ ටිකට් විකුනන නිසා ටිකට් ගත් කොටසක් පමනයි.සමහරු ටිකට් ගත්තත් බලන්නෙ නෑ 

මම මෙ කතාව කියුවෙ නාට්‍ය බලන රසිකයන්ගෙ උනන්දුව මත තමයි රංගන ශිල්පීන් ඒ අයගෙ හැකියාවන් අපත් සමග බෙදාගන්නෙ. අපි  ටිකට් ගත්ත පමනට නාට්‍ය ශිල්පීන් නාට්‍ය විකුනන්නෙ නෑ. නාට්‍ය විකුනන්නත් බෑ. විකුනන නාට්‍යත් නැත්තාම නොවෙ. ඒත් නාට්‍ය කලාව විකිනෙන කලාවක් නොවන වග තෙරුම්ගැනීමට නාට්‍ය කණ්ඩායමක් දිනකට අයකරන මුදල සසඳා බැලීමෙදී, ඔබට තෙරුම් යනු නො අනුමානයි. 20 දෙනෙකුගෙන් සමන්විත නාට්‍ය කණ්ඩායමක් දිනකට ඉලක්කම් 5කින් සමන්විත මුදලක් විනා ඉන් ඔබ්බට යාමට නොහැකි තත්වයක් පවතී. නාට්‍යයක් මාසයකට පවත්වන දර්ශනවාර හා සසඳන්න එක් ශිල්පියෙකුට මසකට රුපියල් 20000ක් වත් ලබාගත හැකිද. 
 

නාට්‍ය කරුවා දිරිමත් කල යුත්තෙ අනාගත පරපුරට හැකියාවෙන් පිරුනු රංගන ශිල්පීන් පිරිසක් ඉතිරි කිරීමටය. ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගෙ කෙරෙන ටෙලි නලු නිලි රඟපෑමෙන් එලෙස ප්‍රතිභා පූර්න රංග ශිල්පීන් බිහි කල නොහැකි බව මා නොකියුවාට TV චැනලවල යන ටෙලි නාට‍ය නැරබීමෙදී ඔබටම වැටහෙනු ඇත. …

ඉතින් රඟහල තුලට අපි නොයන්නෙ නම් නාට්‍ය කරුවාට පිලිකන්න මිස වෙනතැනක් ඇත්ද?

14 comments:

  1. ඔබ හා එකඟයි. අපේ මිනිස්සුන්ගේ රසඥතාවය මොට වෙලා. මම දන්නේ නැහැ මේ විදියට කවදා හරි අපේ රටේ ඉතිරි වෙන්නෙ මොක්කුද කියලා. මෙහෙමත් විඳවන ජාතියක්. නිකමට විනෝදයක් ගන්න බැරි තරමට අපි පිරිහිලා. ඔබ හරි.

    ReplyDelete
  2. මෙහි කරන සාකච්චාව ඵල රහිත වග වැටහෙන කෙනෙක් ඇත්නම.....
    ඉංග්‍රීසියෙන් කියවා තර්කානුකූල අවබෝධයක් ඇතිකරගැනීම හොඳයි යයි සලකයිනම්
    තමන්ට වඩා යමක් දන්නා අයගේ ඇසුර වටින්නේයැයි සිතයිනම්.........
    http://www.nickrobinson.info/clients/ctv/search.php?search_id=active_topics
    වෙත ඇවිත් බලන්න.
    (මුදල් අය නොකෙරේ.)

    ReplyDelete
  3. අද බොහෝ දෙනෙකුගේ රසඥතාව අන්තයට ම පිරිහිලා. වැඩිහිටි අතලොස්ස හැරෙන්න ට තරුණ පරපුරේ රසඥතාව ගැන නම් කොහෙත් ම සෑහීමක ට පත් වෙන්න බැරි තරම්. facebook, sms ජීවිතේ කරගත්තු, පොප්, හිපොප්, ‍රැප් ආකෘති කරපින්නාගෙන බොලිවුඩ්, හොලිවුඩ් වන්දනාමාන කරන පිරිසක් බිහි වී සිටීම ජාතියේ අවාසනාවක්.....

    දැන ට අපේ නාට්‍ය කලාව අගය කරන අය ‍රැකගෙන, ඒ පිරිස වැඩි කරගැනීම ට නම් යමක් කළ යුතුමයි..........

    ReplyDelete
  4. අපේ ටවුන් හොල් එකට ගියාට වාඩිවෙලා වැඩිවෙලා ඉන්න බෑ...මකුනෝ හප්පා......

    ReplyDelete
  5. ඒක නම් ඇත්ත ජෝන් බොහොම කණගාටුදායක තත්වයක් ......

    ReplyDelete
  6. මනෝගෙ නාට්‍යයකටත් එහෙම උනා නම් අනිත් අය ගැන කියන්න දෙයක් නෑ... පව්... ඒ වගෙ තත්ත්වයක් යටතෙ නාට්‍යකරුවො නාට්‍ය හදන්නෙ ආදායමකට වඩා වේදිකාවට තියෙන ආදරේටම වෙන්න ඇති... ඒත් බලන්න අය නැති ස්ටේජ් එකකට ගොඩ උනාම එයාලට මොනව හිතෙනව ඇතිද...?

    ReplyDelete
  7. ඔබත් සමග එකඟයි මේ කරුණු සම්බන්දව. ඉස්සර මට මතකයි අපි කුඩා කාලයේ පාසල් වලින්ම ගෙන යනව නාට්‍ය බලන්න. ඒ නිසා අපිට අවස්තාව ලැබුන සැම නාට්‍යයක්ම බලන්න. ඒ අතින් අපේ රස වින්දනය ඉහලයි. අද තරුන පරපුරනම් මේ අතින් ඉතාම පහත් මට්ටමක ඉන්නේ . මනෝ රත්නයන්ගේ නාට්‍යයකටත් මෙහෙම උනානම් නේද අනිත් ඒවා ගැන කුමන කතාද ..

    ඔයාලවත් ඔයාලගේ දරුවන් හොඳ රසවින්දනයකට හුරු කරවන්න ..ඇත්ත කියන්න තනියම නේද බලන්න ගියේ?

    ReplyDelete
  8. @වෙද ගෙදර මහ වෙදනා මට මෙ ලිපිය ලියවුනෙ දුකටමයි
    …@මහි එකට කරන්න තියෙන්නෙ ලමා පරපුරෙන්වත් පටන් ගන්න එක අන්නගත්යෙදිවත් හරි යන්නෙ නැතැයි
    @ඔබ නොදුටු ලොවක් නාට්‍ය කලාව වෙනුවෙන් ඉවසන්න පුරුදුවෙලා මම ඉන්නෙ ඒ හන්දා මටනම් ඒ ගැන ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
  9. @The Lion අපිම තමයි එක නැතිකරන්න ඔනෙ
    …@Miyuru නාට්‍ය කරුවට ඇතිවුනු දුක මතක් වෙලා තමයි මට මෙක ලියන්න හිතුනෙ අද ලියන්න හිටපු ලිපිය පස්සට කල් දැම්ම
    …@ Gimhani අද පරපුර මම හිතන්නෙ බෙර සද්ද වලට බයයි ... එක නෙමෙය් කොහොමද දැනගත්තෙ මම තනියම ගියෙ කියලා කොහොමටත් මගෙ ලොකු කෙල්ල විතරයි නාට්‍ය වලට කැමති එයා ඉස්කොලෙ විබාගෙට පාඩම් කරන නිසා මම එක්ක ගියෙ නෑ

    ReplyDelete
  10. @ Dimuthu Calyaneratne අපි මෙ බ්ලොග් සිංහලෙන් ලියන්නෙ ඉන්ග්‍රීසියෙන් ලියන්න අවශ්ය නැතිනිසා මොකද ඔනතරම් ඉන්ග්‍රීසි ලිපි google ගියාම හොයාගන්න පුලුවන්. සිංහලෙන් ලියන සිංහලෙන් හිතන අයට තමයි මෙ බ්ලොග් අපි සිංහලෙන් ලියන්නෙ . ඔබ තුමාට පුලුවන්නම් සිංහල විතරක් කියවන්න පුලුවන් අයට ඔබ තුමා සිංහලෙන් පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්න. අපිට අවශ්‍ය සිංහල විශ්වයට ගෙනියන්න මිසක් .

    ReplyDelete
  11. ඒකනම් ඇත්ත.. මමත් ගොඩක් කාලෙකින් නාට්‍යක් බලලා නෑ..

    ReplyDelete
  12. ළඟකදී මම නරිබෑනා බලන්න ගියා එල්ෆිනිස්ටන් එකේ. ඒකට නම් පොඩි ළමයි ගොඩක් අම්මලා තාත්තලා එක්ක ඇවිත් හිටියා. එයාලා නම් මේ නාට්‍යයෙන් ලොකු විනෝදයක් ගත්තා කියලා පෙනුණා.

    ReplyDelete
  13. @ Dinesh එහෙනම් දැන් බලන්න පටන් ගන්න කාලයයි

    @ Hasitha පොඩිකාලෙම ඔලුවට වැටුනම හොඳයි . මමත් මුලින්ම බලපු වෙදිකා නාට්‍යය තමයි, සොමලතා සුබසිංහ මහත්මියගෙ "තොප්පි වෙලෙන්දා සහ පුංචි අපට දැන් තේරෙයි" ඒකාලෙ ඒ රසය ඔලුවට කිඳා බැහැපු හන්දා තමයි දැනුත් ඒ රසට කැමති

    ReplyDelete
  14. ඉතා ඉහල රස වින්දනයක් සහිත සිංහල මිනිස්සුන්ගේ රස වින්දනය වැඩකට නැති මෙගා ටෙලි නාට්ටි වලින් විකෘති කරලා....
    මේක පටන් ගත්තේ සිරස කාරයෝ.....
    ඇත්ත තමා මේ කතාව!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..