Saturday, November 5, 2011

පාලම උඩ

දෑස් පියවෙන්න පෙර …
දිවිය ඉල්ලා හඬන …
තංගුස් නූල් පට අතැර
…හුස්ම අහසට පිඹින
…අලුත් පාලම උඩ පානදුර
…තිත්ත පැටියන් නිතර අල්ලන
…පලා ගිය මැදියමෙ අඳුර
…අමතකද ඒ සමය භීෂන .....


 ගාළුපාර ඔස්සෙ කොළඹ සිට කළුතර දෙසට පානදුර පසුකර ගොස් ඇති ඔබට පානදුර අළුත් පාලම මතක ඇතිනෙ. අලුත් කියුවට තව වෙනම පරණ පාලමක් නැහැ. කොහොම හරි මෙ පාලම තමයි අද සටහනට මුල.


…පහුගිය ඉරිදා මම ගියා මගෙ පෞද්ගලික වැඩකට පානදුර මෝදරට. මෝදර කියුවෙ මතකනෙ අර පොලිස් කොස්තාපල් වරයෙක්ව කපලා කොටලා මරලා සැකකාරයා ගඟෙ ගිලිලා සිය දිවි නසා ගත්තෙ අන්න ඒ පැත්තෙ ගිහිල්ල ආවෙ ඔය පාලම උඩින්. පාලම දෙපැත්තෙම ලයිට් දාලා වෙලාව හවස 7 විතර ඇති. හරි එළියයි. පාලමෙ ගැටි උඩ කොලු
අංකල්ලා මාලු අල්ලනවා බිලීපිති දාගෙන නෙමෙයි Fishing Rod එක දාගෙන. ඔය කොලු අංකල්ලා අතර දැකලා පුරුදු මූනක් තිබුනා .මම ඒ මූනෙ අයිතිකාරයට අමරසේන කියන්නම්කො . අමරසේනත් කෙටිකරලා අමරෙ කියලා තමයි කවුරුත් කියුවෙ. පන ගැහි ගැහි දඟලන මාලු දහ පහලොස් දෙනෙක් අමරෙ අය්ය ළඟ හිටියා. අමරෙ අය්යාගෙ කොලුවත් දඟලන මාලුන්ට කෝචොක් දම දම උන්ව පෙරල පෙරල ළඟ ඇන තියාගෙන උන්නා....... ...මෙන්න මෙතනදි තමයි ඉහත් පද පෙලිටික මගෙ ඔලුවට ආවෙ. …


මීට අවුරුදු 22 කට විතර උඩදි අමරසෙන අය්යා තහනම් කරපු දෙශපාලන පක්ෂයක ප්‍රබල සාමාජිකයෙක් පංති (දෙශපාලන පංති ) පවත්වන්න තමයි මෙයා ප්‍රචලිතවෙලා උන්නේ. හැඳුනුම් පතට අනුවනම් ලිපිනය කෑගල්ල රඹුක්කන . දෙශපාලන වැඩ කලෙ නම් පානදුර මාලමුල්ල පැත්තෙ. … දෙශපාලන වැඩ නිසා හැංගි හැංගි තමයි මිනිහා ජීවත් උනෙ. කොහොමහරි දවසක ඇඳිරි නීතිය දාලා ගෙවල් වලට පැනලා කොල්ලො කුරුට්ට සෙරම කුදලගෙන යනදවසක අමරෙවත් අහුවුනා. ගොනිබිල්ලට පෙන්නන පෙරට්ටුවෙදි මිනිහව පෙන්වද්දි ගෝනි බිල්ලට ඔලුව වැනිලා. ඉතින් අහන්න දෙයක් නෑනෙ මොකද උනෙ කියලා . සති ගනනාවක් මිනිහා missing. ගමෙ හැමෝම ආයෙත් අමරෙ අය්යව දකින ආසාව අත් හැරගෙන. ......
   පස්සෙ වුනු දෙවල් කීවෙ අමරෙ අය්යාමයි ..අමරෙ අය්යව බූස්සට අරන් ගිහින් ඊට පස්සෙ ඇස් බැඳලා දවස් ගානක් තියලා. එයා කියන විදිහටනම එයාට ගහලා තියෙන්නෙ එක පොලු පාරයි. මොකද ඒකෙන්ම එයාට සිහිය නැතිවෙලා … …නැගිටිනකොට අමරෙ අය්යගෙ ඇඟිලි වල නියපොතු කිහිපයක් අඩුයිලු ඒවයෙන් එන වේදනාව ඇගට තෙරෙන්නෙ නෑලු ඒ තරමටම මුලු ඇගම නිල් වෙන්න සලකලා. කොහොමහරි මෙයත් සමග තව කීපදෙනෙක් ව කැබ් එකකට පටවලා ඊට පස්සෙ පාලමක් උඩට ගෙනල්ල කට්ටියවම කැබ් එකෙන් බිමට තල්ලුකරලා.

  කැබ් එකෙ ඉස්සරහ ආසනයෙන් බැහැලා ආපු එකෙක් පිස්තෝලයක් අරන් අර බිමට දාපු එක් පුද්ගලයෙකුට වෙඩි තියලා, බාගෙට පියවුනු ඇස්වලින් අමරෙ අය්යා ඒක දැකලා තමන්ට අත්වෙන්න යන ඉරනම මතක් වුනු අමරෙ අය්යට සිහි නැතිවෙලා. …
ආයෙත් සිහි නොඑන්න තිබුනට අමරෙ අය්යගෙ ඉරනම ලියලා තිබිලා තියෙන්නෙ වෙන විදිහකට. ආයෙත් සිහිය ඇවිල්ල තියෙන්නෙ ගඟක් අයිනෙ මඩ ගොහොරකදි. එතනට ආපු විදිහනම් මිනිහා දන්නෙත් නැතිලු. …   


  ඒ දවස්වල මට අවුරුදු 14ක් 15ක් ඇති අපෙ ගෙවල් තිබුනෙ පානදුර පාලම පෙනෙනෙ නොපෙනෙන මායිමෙ. සමහර දවස් වලට රෑ 1 , 2 විතර වෙන කොට ඇහෙනවා වෙඩි සද්ද එක දිගට . අපිට ගෙදරි එලියට බහින්න තියන අවකාශ සෙරම අවහිර කරලා තමයි පහුවදාට අපෙ අම්මලා රැකියාවට යන්නෙ. දොරවල් සේරම ලොක් කරලා. [ඔය දොරවල් ලොක් කරලා දාලා හිය දවසට කරන වැඩ ] ගොඩක් තියනවා. ඒවා ඉඩ ලැබෙන හැටියට දාන්නම්. …
දොරවල් වැහුවට මායි මල්ලියි සිවිලිමට නැගලා වහලෙ උලු කැට කීපයක් අයින් කරලා බිමට බහිනවා [අම්මලා එන්න කලින් ගිය විදිහටම ආපහු එනවා ]. කුතුහලය නිසාම අපි පාලම පැත්තට යනවා බලන්න. එතකොට ඔය පාලම විවෘත කරලා නෑ එතකොට ඔය මොරටුවෙන් එන එගොඩ උයන කොරළවැල්ල දුම්‍ රිය පාරට සමාන්තර පාරත් නෑ. …
මුලු පාලමම පාලු සොහොන් පිටියක් වගෙ පාලුයි. පාලමෙ එක් කොනක, හරියටම අමරෙ අය්ය මාලු අල්ලන තැන. රත් පැහැගැන්වී තිබුනෙ අමු ලේ වලින් ගවඝාතකාගාරයක් සෙ දිස්වන පාලමෙ මේ කොටස රාත්‍රියට වෙඩි වරුසාව ඇසෙන ඉසව්ව යැයි හඳුනා ගැනීමට කාටත් අපහසු නෑ 



(නම් මනංකල්පිතයි, ගම් සත්‍යයි, සිදුවීම් ගනනාවක් එකතුකර නිර්මානය කර ඇත.)

21 comments:

  1. ඔව් ජෝන් ම්ම්ත් ඔය වගේ කතා අහල්ල තියෙනවා.පින්වත්ත පාලම සහ තල්පිටිය පාලමත් ඕකට පාවිච්චි කරාලු .අදටත් වෙඩි උන්ඩ පාරවල් දකින්න තියෙනවා ...........

    ReplyDelete
  2. ඔය වගේ සිද්ධි ගණනාවක් මාත් අහලා වගේම කියවලත් තියෙනවා. යලි කිසිම කාලෙක නො ආයුතු කාලයක් තමයි ඒක.

    ReplyDelete
  3. අපෝ මගේහිසෙ කෙස් ගානට මේවා දැකලා තියනවා. අනේ ආයිත් නම් ඒවගේ කාලයක් එන්න එපා. අපි නම් දැන වයසයි අපේ දරුවෝ දෙවියොම බලා ගන්න ඔනෙ.
    ඔබ මහ භ්‍යානක වැඩක්නෙ කරලා තියන්නේ. පොඩ්ඩ ගැස්සුනානම් සුං. ජෝනුත් සුං, ජෝන්ගේ මලයත් සුං, ආතම්මගේ පෙට්ටගමත් සුං.

    ReplyDelete
  4. මටත් ඒ හැටි මතකයක් නෑ ඔය කාලෙ ගැන. අපේ තාත්ත කියලා තියෙනවා ඒ දවස් වල පාලම උඩින් වැඩට යන කොට ඔලුව නැති කඳන් පාලමේ කනු වලට හේත්තු කරලා තිවුනා කියලා...

    ReplyDelete
  5. මම ඔය කලේ වෙනකොට ඉපදිලත් නැ.හැබැයි පත්තර වලින් දැකලා විස්තර අහලා තියනවා.ඔයවගේ දෙයක් අයෙත් ඇති නොවේවා කියල ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  6. භීෂණ කාලය ගැන කියන්න තරම් ලොකු මතකයක් නෑ...අපි හුඟාක් පුංචියි නේ...ඒත් ඉතින් දැනටත් ඔය වග හිඳ හිට කතා වෙනවා...මහා කාලකන්නි කාලයක් කියලා...අපේ පැත්තෙත් කී දෙනෙක්ව ඔය වගේ මරා දැම්මද...

    ReplyDelete
  7. බාගෙට පිච්චුන මල කඳන්, ගඟේ පාවෙන මල කඳන්, මහ රෑ තිස්සෙ පත්තුවෙන වෙඩි, හෙට දවසෙ එලිය දකින්න පුලුවන් වෙයිද කියල තියන බය, ආණ්ඩුවේ ඇඳිරිනීතිය ඉවරවෙද්දි කොල්ලංගෙ ඇඳිරි නීතිය . .. .අම්මෝ එහෙම කාලයක් . . . මම එතකොට හතරෙ පංතියේ හරි පහේ පංතියේ හරි . . . ඒත් ඒ හැම දෙයක්ම එදා වගේම මතකයි . . .

    ReplyDelete
  8. පානදුර ඔය අළුත් පාලමයි, පිංවත්තේ පාලමයි හොරන පාරේ බොල්ගොඩ පාලමයි තමයි මිනී වැඩිපුරම තිබ්බේ...මමත් හිටියේ ඔය ලග පාත......ඒ අතීතේ ආයිත් නෝඑවා කියලා පතනවා....

    ReplyDelete
  9. The Lion මෙක මම අත් වින්ද අත් දැකීම් ගොඩක්
    උදාර ආයෙත් නම් එහෙම නොවේවා
    වෙද ගෙදර මහ වෙදනා ඒ කාලෙ කුතුහලය නිසා එහෙම කලාට දැන් නම් බය හිතෙනවා අම්මලා අපිව ගෙට දාලා දොරවල් වහලා ගියෙ ඇයි කියලා දැන් තමයි තෙරෙන්නෙ

    ReplyDelete
  10. prasanna86k ට තාත්තලගෙ බය ගැන ආයෙත් අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ

    දිල් ට ඒවා අහන්නවත් නොලැබෙන තරමට හොඳයි

    ඕනයා ට කොල්ලං ගෙ ඇදිරිනීතිය ගැන වෙනම කතාවක් ලියන්න තියනවා

    ඔබ නොදු‍ටු ලොවක්..... ට හැමොගෙම පැතුම ඒකම තමයි

    ReplyDelete
  11. ඒ අවාසනාවන් සමය ඇසින් දුටු , ඒ පිළිස්සුන් මළ කඳන් අතරින් පාසලට යන්න වුනු , ගියත් ආයෙත් හැරිල එන්න වුනු , ගෝණි බිල්ලන් , වෙඩි බෙහෙත් ගඳ , වරින් වර ආ තිගැස්සෙන වෙඩි හඬ ...මගේ පාසල් සමයේ දහ වන වසරේ සොඳුරු බව බිඳ දැම්මා දැයි මට අදටත් සිතෙනවා ...

    ReplyDelete
    Replies
    1. Maath ehemai, man a/l karana awa vitharai. Tire pichchena ganda vitharak nemei Yalu, amu amuwe paranayak nirwashthrawa pichchenawa dakka, eda in eda ada wenakam man mas kanne na,,
      Ane api kochchara bayenda unne,,,
      Kumari.

      Delete
  12. ඒ කාලේ ගැන කියන්න තරම් දෙයක් මං දන්නේ නෑ.. ඒත් ආයෙම ඒ වගේ කාලයක් නොඒවියි කියලා හිතනවා...

    ReplyDelete
  13. ඒ කාලේ ‍හිටියේ නැතිවුනාට විස්තර දන්නවා. අපේ අම්මට හිටිය එකම අයියා. එයත් ඔය මිනිස්සු අරන් ගිහින් පාලමක් උඩ තියලා බවඩි තියලා මරලා දාලා තිබුණා. අඩු ගානේ මිනීයවත් හොයා ගන්න බැරි විදියට.

    ReplyDelete
  14. ඔය කාලේ මම වැඩ කැලේ, ලංගම අලව්ව ඩිපෝවෙ, දැක්ක අහපු දේවල් මතක් වෙනකොට, තාමත් ඇඟේ හිරි ගඩු පිපෙනව. පවුල පිටින්ම රටින් පිටවෙන්න අවස්තාවක් ලැබුනම, දෙපාරක් හිතන් නැතුව පිට වෙන්න ඔය භීෂණ සමය තමයි ප්‍රධාන හේතුව වුනේ.

    ReplyDelete
  15. මහේෂ් නිශාන්ත එකාලෙ අපි ඉස්කොලෙ ගිහින් එනතුරු අම්මලා කොහොම බලන් ඉන්න ඇත්ද ?
    ishanbuwa ස්තුතියි
    Dinesh ඉතිහාසය නැවත නැවත එන එක නවත්වන එක තමයි කරන්න ඔනෙ

    ReplyDelete
  16. batti මරපු හැමොවම මැරුවෙ නන්නදුනන පැතිවල එකයි මිනී හොයාගන්න බැරි ඔන්න මානව හිමිකම්
    Observer ඔන්න එහෙනම් රටයන්න හෙතුවත් දැනගත්තා

    ReplyDelete
  17. මම නම් අහලා තියෙනවා විතරයි..
    ඒ වගේ කාලයක් නම් දකින්න සිද්ද වෙන්න එපා!

    ReplyDelete
  18. අපිටනේ භීෂණයේ දරුවෝ කියන්නේ. 89 උපන් මිනිස්සුනේ :)

    ReplyDelete
  19. Ape gamata tikak durin haldummulla, eke thibuna the waththak mada Loku bangalawak,,, eke sidda una dewal wachana walin visthara karanna ba,,, loke mamala awith ape appachchith ekka kiyawanawa. Man horen ahan innawa.. Ane samahara daduwam s-loan bata ------- dala ewa athulen Katu kambi danawalu,(samawenna waradi wachanayak kiwwa nam)
    E kale andonaa, vilapa adatath ahenawa kiyala e awata minissu kiyanawa.
    Aye nam kawadaawath e wage kalayak enna epa kiyala man pathanawa.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..