he

Monday, October 31, 2011

~~~ මාගේ සොහොයුරිය ~~~



හැම දෙයකදිම මා සමගම සිටිය ඇය
අද මා සමග නැත වෙනතක ගිහින් ඇය
එසේ සිදු උනේ ඇයිදෝ නොදනිම්ය
සුවෙන් සිටීවා මාගේ සොහොයුරිය

වෙනතක ගියත් දැන් නම් මට කමක් නැති
මා අමතක කලත් දැන් මට කමක් නැති
මොනදේ උනත් මට නම් දැන් කමක් නැති
හොඳින් හිටින් මට දැන් ඒ ටිකත් ඇති

14 comments:

  1. අද ඇතිදේ හෙට නැතිවී යනදාට ...
    අද ලඟ සිටින අය වෙනතක බැලුදාට..
    සිත්තමේ ඇඳි රුවත් බොඳ වී යනදාට ..
    තනියක් දැනේදෝ මන්දා සිතේ මට ...

    ReplyDelete
  2. මට මුකුත් කියන්න බෑ...........

    ReplyDelete
  3. හිමි කිසි දෙයක් පෑලදොරෙන් යන දාක
    අහිමිකමෙ දොරගුලු ඇරෙනා විටක
    තව කුසුමක් පීදෙනු ඇත දුර කොනක
    එමල නෙලා දුරුකල මැන ඔබෙ දුක

    පෙට්ටහමට සාදරයෙන් පිලිගන්නවා!

    ReplyDelete
  4. ලස්සනයි ලොකු ජෝන්.....

    ReplyDelete
  5. සිතන්නට යමක් ඇය ඔබ හ‍ටදීලා
    යන්නට ගායාදෝ වෙන ඈතක් බලලා.....?

    ReplyDelete
  6. ගෑණු ගතියයි
    චපල වීමම
    පිරිමි ගතියයි
    සමා දීමම...
    අතැර ගියද ඔබ

    සුන්දරයි ඔබේ
    සිත් මඬල
    පාට කරාවි ජීවිතය ඔබේ
    තවත් එක් සමනළියක්
    සදහටම...
    --------------------
    ලස්සන කවි ටික සහෝ...
    ලස්සන අදහස...

    ReplyDelete
  7. @ Gimhani -
    ඇත්තමයි අක්කේ මටත් හිතුනේ ඕකම තමයි.බොහොම ස්තූති කමෙන්ටුවට.පෙට්ට්ගමේ මට පලවෙනි කමෙන්ට් එක ඔයාගෙන්.බොහොම ස්තූති .......:D

    @ තරිඳු -
    ඇයි බන් කටේ පිට්ටුද ......:P

    @ ලොකු ඡෝන් -
    ඔව් ජෝන් අයියා ඒක නම් ඇත්ත.බොහොම ස්තූති මාව පෙට්ටගමට සම්බන්ධ කර ගත්තට.පුලු පුලුවන් වෙලාවට පෙට්ටගමට මොනවාහරි පුරවන්නම්කෝ ....:D

    @ Miyuru -
    ජෝන් වැඩ කාරයා.බොහොම ස්තූති මේ පැත්තේ ආවට ......:D

    @ batti -
    ඒකනේ එහෙම තමා උනේ .ස්තූති මේ පැත්තේ ආවට .....:D

    @ වෙද ගෙදර මහ වෙදනා -
    බොහොම ස්තූති මේ පැත්තේ ආවට ..... :D

    @ ගලයා -
    බොහොම ස්තූති සහෝ .ඔයාගේ අදහසත් ලස්සනයි.බොහොම ස්තූති මේ පැත්තේ ආවට .....:D

    @ පන්සල් හංදිය -
    මමත් අන්තිමට හිත හදාගත්තේ ඔහොම තමා.ස්තූති මේ පැත්තේ ආවට .......:D

    ReplyDelete
  8. මමයි මගේ අක්කයි නිබුල්ලු...අදටත් මගේ හොදම යාළුවා පොඩි අක්කා !!!!!

    ReplyDelete
  9. @ ඔබ නොදු‍ටු ලොවක් -
    අඩේ මරුනේ.දිගටම ඔය යාළුකම තියේවා කියලා ප්‍රාර්ථනා කරනවා ......:D

    ReplyDelete
  10. වෙනතක ගියත් දැන් නම් මට කමක් නැති
    මා අමතක කලත් දැන් මට කමක් නැති
    මොනදේ උනත් මට නම් දැන් කමක් නැති
    ///මේ පද 3 ට අකමැතියෝ..

    ReplyDelete
    Replies
    1. මේ මම ලියපු එකක් නෙමෙයි The Lion පොස්ට් එකක් පෙට්ටගමේ දැම්මා මේ එයාගේ කවියක්.

      Delete
    2. ඒ වෙලාවේ හිතේ තිබුණු දේ තමයි ලිව්වේ ...

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..