he

Thursday, October 27, 2011

ලේ (දන්) දීම

"මා වැනි බිලින්දා
මරුවා යයිද කැන්දා
අනෙ ඒ හින්දා

දෙන්න ලේ බිඳු මාම නැන්දා"




ලේ බැංකුවෙ පොස්ටරයක සඳහන් මේ වැකිය මෙ ලඟදී පවත්වපු ලේ දන්දීමෙ කඳවුරකදි මගෙ නෙත ගැටුනා. මගෙ සිත අතීතයට දිවගියා. අවුරුදු ගානක් ඈතට, 1992ට කියුවොත් නිවැරදියි. ඒ කාලෙ ඔය පොස්ටර් කීයක් අපේ අතින් ඇලවෙන්න ඇත්ද,


මෙ ටික කියුවෙ අද මම කියන්න යන කතාවට මුලපුරන්නයි.අපෙ පාසලෙ පවත්වපු ලේ දන්දීමෙ කඳවුරකදි සිදුවුනු සිදුවීමක්,



අපෙ පන්තියෙ යාලුවෙක් උන්න  ..ම්..ම්..ම්.. ම්.. අපි එයාට සමිත කියමුකො. මිනිහට කොල්ලො කියන්නෙ "ජෝජ් මයිකල්" කියලා හේතුව එයා අඳින්නෙ , ඇවිදින්නෙ , කොන්ඩෙ කපන්නෙ , ජෝජ් මයිකල් විදිහට. මේ කතාවෙ කතා නායකයා තමයි සමිත.
  …පි පාසලෙ සෞඛ්‍යදාන ඒකකයෙන් ලේ දන්දීමෙ කඳවුරක් සංවිධානය කලා මමත් ඔය සංවිදාන කමිටුවෙ ක්‍රියාකාරී සාමජිකයෙක්. මොකද මගෙ ඇඟේ හැටියට සංවිධානය කරලා පිං ගන්නවා ඇරෙන්න ලේ පරිත්‍යාග කරලා පිං ගන්න විදියක් නෑ. . … කොහොම කොහොම හරි අපි වැඩෙ නියමෙට සංවිධානය කලා. ලේ දෙන හැමොටම කිරි පැකට් එකයි මාලුපාන් එකයි, බනිස් ගෙඩියයි වටිනා සහතිකයි තව ලේ බැංකුවෙන් දෙන කාඩ් එකයි. මේ ටිකට ඒ දවස්වල කට්ටිය පොරකනවා. එක්කෙනෙක් ලේ දෙන්න එන අයගෙ බර කිරනවා තව එක්කෙනෙක් කිරි බනිස් මාලුපාන් බෙදනවා . මමතමයි කට්ටියට සහතික ලියලා දෙන්නෙ. … …

ලේ දෙන්න කැමතිඋනාට හැමොටමත් ලේ දෙන්න බෑ මෙන්න මේ අවම සුදුසුකම් සපුරා තිබිය යුතුව තිබුනා. (මේකට තව යමක් එකතු කල යුතු නම් කරුනාකර comment එකකින් හරි දැනුවත් කරන්න. මොකද මෙක ලියන්නෙ මගෙ මතකෙ හැටියට විස්වාසම, කතාවට අවශ්‍යම කරන ටික විතරයි ) …
වයස අවුරුදු 16 සම්පූර්න විය යුතුයි. නිරොගී අයෙක් විය යුතුයි. සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. බර අවුරුදු 16 නම් 50kg ද 18ට වැඩිනම් 46kg ද වියයුතුයි. … … …ඉතින් එන හුගක් අය ආපහු හැරිලා යනවා සුදුසුකම් සපුරන්න බැරිව. ඒකියන්නෙ අර දීමනා මොනවත්ම නොලබාම.. ඔන්න දැන් අපෙ කතානායකයා ආවා. මිනිහා බැගී කලිසමට අතදාගෙන තමයි ඉන්නෙ හැමතිස්සෙම අර මොකක්ද මෙ. පොකට් බිලියඩ් ගහනවා ...ඉතින් ඔන්න දැන් මිනිහගෙ වාරෙ .බර කිරුවා දසමෙට සාර්ථකයි. වයස හරි . නිරොගීයි. මිනිහා පාස්. ඔන්න දැන් ලේ දෙනවා. … …කොහොමහරි අර දීමනාත් අරගෙන මිනිහා කාමරෙන් පිටවුනා. විනාඩි ගානක් ගියා මෙන්න කාවද ට්‍රොලියක දාගෙන කාමරයට ගෙනාවා. …
...................................
................................................
ට්‍රොලියෙ උන්නෙ සමිත මිනිහගෙ සාක්කු දෙකෙ 5Kg තරදි පඩිදෙකකුත් තිබුනා එල්ලි එල්ලි . 



ලේ දන්දීම ගැන "සබිත්" දාපු හොද ලිපියක් බලන්න මෙතනින් යන්න

31 comments:

  1. දිල් කියන්නෙ නිතරම ලේ දන් දෙන කෙනෙක්...දිල් විතරක් නෙමේ දිල්ගෙ වෙන්න මහත්තයත්.....දිල් ලේ දුන්න වාර මොනතරම්ද කියනවා නම් දැන් දෙවෙනි සටහන් පොත පාවිච්චි කරන්නේ...හොඳම දේ මොකද්ද දන්නවද.... අද වෙන්න මහත්තයාගේ ඔෆීසියේ ලේ දන්දෙනවා...නුගේගොඩ...දිල් දඩි බිඩියේ ලක ලැහැස්ති වෙන්නෙ එහෙ යන්න....

    ලේ දුන්නම හිතට මොකද්දෝ හැඟීමක් දැනෙනවා..ඒක වචන වලින් කියන්න අමාරුයි

    ReplyDelete
  2. මාත් හරි ආසවෙන් හිටිය ලේ දන් දෙන්න . ඉතින් දවසක් අපේ ඔපීසියේ ලේ දන් දෙන එකකට මාත් කල් තියාම කියල තිබ්බෙ .
    …අනේ ඒත් එදා ලේ දන් දෙන්න බැරි උනානෙ අනිත් අයගෙ ලේ දැකල මම බය උනා .. දිල්ටනම් පුරුදුයි වගේ ....

    ReplyDelete
  3. අර "බර අවුරුදු 16 නම් 50kg ද 18ට වැඩිනම් 46kg ද වියයුතුයි."කියන එක හරිද නගේ.... මොකෝ වයස වැඩි වෙනකොට බර අඩුවෙලා තියෙන්නෙ...?
    එතකොට ජෝර්ජ් මයිකල් එදා ගහල තියෙන්නෙ පොකට් බිලියඩ් නෙවේ.... පව් අප්පා... ලේ දන් දෙන්න තියෙන ආසාව වෙන්න ඇති....

    මම ලේ දන්දෙන්න හිතාගෙන කී පාරක් ගිහින් තියෙනවද... අර ඉන්ජෙක්සොං කටු දැක්කහම ආපහු හැරිල එනවා... බබාලගෙ ඉන්ජෙක්සොං ගහන වෙලාවලටත් මං එලියට එනවා... මට විදිනවා තියා අනුන්ට විදිනවවත් බලන් ඉන්න බැහැ මට...

    @ දිල්, ඒ අතින් ඔයා නම් හරිම වාසනාවන්තයි....

    ReplyDelete
  4. sha maru machoo.. math 3n parak withara le nam deela thiyanawa. lagadi bari una. ayama danna oni dawasaka...

    ReplyDelete
  5. මටත් හෙනම ආසයි ලේ දෙන්න . . ඒත් තාම චාන්ස් එකක් ලැබුනෙ නං නෑ . . . .

    ReplyDelete
  6. කෑම පැකට් එක ගන්න වෙන්න ඇති සමිතයා ලේ දෙන්න ඇත්තේ.
    මටනම් ලේ දෙන්න බැ,මට කවුරු හරි ලේ දුන්නොත් තමයි :-D

    ReplyDelete
  7. බලලා comment දාපු හැමොටම ස්තුතියි!

    …දිල් ට "දෙවන පොත කියන්නෙ සෑහෙන්න ලේ දීලා තියන විත්තිය පෙනවා මෙනවා උනත් සෑහෙන්න පිනක්"

    Gimhani ට "අනෙ අපිනම් බය නෑ මම නම් හැමදාම ලේ දන් දෙනවා ...... මදුරුවන්ට "

    Miyuru ට "නැ වැරදීමකින් නෙමෙයි වයස අඩු උනාට බර වැඩි නිසා ප්‍රශ්නයක් නැතිලු අවම වයසයි බරයි තමයි බැලුවෙ (තව ලේ වල ඝනත්වයත් බැලුවා ) "

    …nadeekadn ට "තව දෙන්න, දෙන්න දෙන්න තමයි හම්බ වෙන්නෙ "

    ඕනයා ට "අපරාදෙ දිල් ගෙ වෙන්න මහත්තයගෙ ඔපීසියට ගියානම් ඔයාටත් දන් දෙන්න තිබුනා ... ලේ "

    නලින්-සමනලුන්ට වෙඩිතියන්න ට "ඔව් ඔව් ඒ කාලෙ ඔකට කවුරුත් ආසයි හැබැයි දැන් ඡන්ද රැස්වීම්වල හම්බ වෙන බත් පැකට එක ගානට නම් දාන එපා "






    ReplyDelete
  8. මම නම් ගොඩාක් කැමති දෙයක් තමයි ලේ දන් දීම. මමත් ලේ දන් දීල තියෙනවා. මගේ ලේ වලින් කාගේ හරි ජීවිතයක් බේරෙනවා නේද කියලා හිතුවම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..

    ReplyDelete
  9. මටත් ලේ දෙන්න ආසයි ලේ දුන්නම මහත් වෙනවා කියනවා ඒ නිසා බයයි හලේ

    ReplyDelete
  10. මං ලේ දන් දීම ගැන ලියපු සවිස්තරාත්මක ලියුමක් මෙන්න!කැමතිනම් කියවල බලන්න!


    ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක් නොවේ!
    http://sabithl.blogspot.com/2011/06/blog-post_19.html

    ReplyDelete
  11. ඔන්න ඉතින් දිල් නම් ලේ ටිකක් දීලා ගෙදර ආවා... දැන් පොතේ ලකුණු කරන්නෙ නෑනෙ... ATM කාඩ් එක වගේ එකක් අද ඔන්න දුන්නා.... හපොයි උන්දලා මගේ අත කෑවා අද...දකුණු අතට කට්ට ගහලා ලේ අරන් ටික වෙලාවක් යද්දී අත හිරි වැටෙන්න ගත්තා...බැලින් නම් ලේ ගන්න වයර් එකේ එක තැනක් ලාවට නැමිලා...ලේ එන්නෙ නැති නිසා දිල්ගෙ අත දෙක වෙන්න ඉදිමිලා...නර්ස් නෝනා බයවෙලා සොරි කර කර කට්ට ගැලෙව්වා...දිල් ඉතින් අනිත් අත දුන්නා ඒකෙන් ගන්න කියලා...දැන් අර ඇබැද්දි උන අත හොල්ලන්න බැරි තරමට වේදනවයි. ඒ අත දම් පාට වෙලා.ඒක දවස් කීපයක් තියේවි කිව්වේ...ඔන්න ලේ දන් දෙන්න ගිහින් උන්දල මට කරපු හරිය....

    ReplyDelete
  12. මගේ නම් වයසයි බරයි දෙකම හරි... මමත් දෙපාරක්ද කොහේද ලේ දීලා තියෙනවා..
    ඒ කියන්නේ සමිතයා නියමිත බරට වඩා කිලෝ 10ක් අඩුයි.. මොනවා උනත් එහෙම හොර වැඩක් කරලා හරි පොර ලේ දන් දෙන්න හිතුන එක වටිනවා..

    ReplyDelete
  13. තැන්ක්යු වේවා ලොකු ජෝන්!වෙන කෙනෙක්ගෙ ලිපියකින් මගේ නම කියවෙච්ච පලවෙනිපාර මෙච්චර කාලෙකට!

    ReplyDelete
  14. ලේ දෙන හැම පාරකම මගේ බර 5කින් වැඩි වෙනවනේ. අනේ මන්දා ඒක කොහොම වෙනවද කියලා. එහෙම වෙනවා. ඒත් මම අතාරින්නේ නැ.

    බෝවන රෝග මාස 6ක් ඇතුලේ හැදිලා නැති වෙන්න ඕනැ.
    සමහර එන්නත් වර්ග මාස 6ක් ඇතුලත නොගෙන සිටි අයෙක් වෙන්න ඕනැ
    ගැහැණු කෙනෙක් නම් 45kg ට වැඩි වෙන්න ඕනැ.
    පිරිමි කෙනෙක් නම් 50kg ට වැඩි වෙන්න ඕනැ.
    නමුත් මේවා 100%ක්ම බලන්නේ නැ. හොඳ ෆිට් ගතිය ඩොකා දැක්කා නම් හරි.

    ReplyDelete
  15. මම එක පාරක් ගියාම කීවේ මගේ බර අඩුය කියලා !!

    ReplyDelete
  16. ලේ දෙනකොට ප්රෙෂර් එක බලනව. ප්රෙෂර් තියන අයගෙන්, කලින දවසෙ රෑට අරක්කු බීපු අයගෙන ලේ ගන්නෙ නැහැ. මාස කීයක්දෝ ඇතුළත බෝ‍ වෙන රෝග හැදුනු අයගෙන් ගන්නෙත් නෑ.
    අර කවුද වලිගෙ පාගගන. වයස යනකොට බර අඩු වෙනව නෙවෙයි.
    වයස වැඩි නම් බර පොඩ්ඩක් අඩු වුනත් ලේ දෙන්න පුළුවනි. වයස අඩු නම් හරියටම පනහක් ඕනැ.

    ReplyDelete
  17. මමත් දෙපාරක් ලේ දං දුන්නා...පළවෙනි පාර දුන්නේ ගෙදරත් එක්ක තරහ වෙලා..ගෙදර ඇවිල්ලා ඔක්කොටම අර අතේ අළවපු ප්ලස්ටර් එක පෙන්නුවා...අක්කල නං විස්වාස කරේ "ලේ පොත" පෙන්නුවම....

    ReplyDelete
  18. අපිත් ලේ දන්දීමක් කරන්න යන්නෙ 2012.01.01 තාම හරියටම දිනේ කන්ෆම් වෙලා නැහැ ........

    වැඩේ හරියටම තීරණය කලාම මම බ්ලොග් පෝස්ට් එකක් දාන්න තමා ඉන්නෙ, එත‍කොට එන්න පුලුවන් හැමෝටම ඇවිත් ලේ දෙන්න චාන්ස් එක තියනවා ......

    ReplyDelete
  19. මාත් මාර ආසයි ලේ දන් දෙන්න! තාම චාන්ස් එකක් ආවේ නෑනේ :(

    ReplyDelete
  20. මමත් කීප වතාවක් ලේ දන් දීල තියෙනවා, මෑතකදිනම් අවස්ථාවක් ලැබුනේ නැහැ
    ලේ ටිකක් දන් දෙන එක බොහොම හොඳ වැඩක්,
    එක පාරක් අපිත් එක්ක හිටපු බර එහෙම උස්සල හොඳට ඇඟපත හදා ගත්තු යාලුවෙක් ලේ දීල ටික වෙලාවකින් ට්‍රොලියක හිටිය
    මිනිහගේ බරත් කිලෝ 80 ට වැඩියි මිසක් අඩුනම් නැහැ

    ReplyDelete
  21. හුටා මිනිහාට වෙච්චි වැඩක්..පව් අප්ප ඉතින් ඌගේ ලේ දන් දෙන්න තියෙන ආසාවනේ ඉතිං....
    මාත් පුදුම උණකිං ඉන්නේ ලේ ජුන්ඩක් දෙන්න..කොහෙද ඉතින් අපි ගියොත් අපිට ලේ දීලා එවයි..(ඔය කිව්වට තව ගිහින් නෑ..ගිහිං බලන්න ඕනි,,)
    අද ඉඳන් මං ගිම්හානිගේ පස්සෙන් ෆලෝ කරනවා..හික්ස්.:)...මරු ලිපි ටික නම්..ඔක්කොම කියෙව්වා..එකක් ගානේ නම් කොමෙන්‍ටු දැම්මේ නෑ..තරහා වෙන්ඩ ඔට්‍ටු නෑ ඕං හොඳේ,...ආයෙ ලියන ඔක්කොම කියවලා කොමෙන්‍ටු දාන්නම්...
    ගිම්හානිට ජය...ඔය කිව්වට අක්කා වෙන්ටැති මට..මම 91 නේ

    ReplyDelete
  22. ඉස්කෝලේ යන කාලේ මමත් ලේ දන් දෙන්න ගියා පිටි පැකට් එකක් ගන්න. ඒ උනාට එයාලා කිව්වේ මට ලේ දෙන්න වෙයි කියලා. කොහොම හරි පිටි පැකට් එකක් ඉල්ල ගත්තා.

    දැන්නම් දිනපතා දෙනවා..
    මදුරු නෝනලාට...

    ReplyDelete
  23. @ගලය ,

    …මගේ කවි ටික කියවල වගේ . බොහොම ස්තුතියි සුබ පැතුම් වලටත් ...

    ReplyDelete
  24. ප්‍රාර්ථනා ට "අන්න කුසල් සිත් වල ඇතිවන සතුට "

    ශානු ට "මහත් වුනාට මොනා වෙනවැයි"

    …Sabith ට "මුකුත් කියන්න ඔනෙ නෑනෙ උත්තරය දීලානෙ අනික් කමෙන්ටුවෙන් "

    …Dil ට "අන්න කට්ටියව බය කලා මං හිතන්නෙ ඉරිසියාවට මොකද ලේ දෙන්න කට්ටිය පොරකනවා දැකලා card රෙකොඩ් එක කඩයි කියලා බයට මයෙ හිතෙ. "

    ReplyDelete
  25. Dinesh ට "ඌ ලේ දුන්නෙ අර දීමනා ගන්න හික්ස් "
    …බිඟූ ට "තැන්කූ වේවා කියුවා "
    හිස් අහස ට "අය්යෝ 5kg පඩි දෙකක් එල්ල ගන්න තිබුනනෙ "
    …Anno ටත් ස්තුතිය් දැනුවත් කිරීමට

    ReplyDelete
  26. ඔබ නොදු‍ටු ලොවක් ට "ඒ කියන්න ලේ දෙන එක හරියට ඉස්සට ආමි එකට යනවා වගෙ වැඩක් ඈ "
    …පන්සල් හංදිය ට "තැන දන්නලා එව්වොත් AD එකක් දෙන්නම් "
    …මාතරේ ට "පන්සල් හංදිය ට සෙට් උනානම් එදාට දෙන්න තිබුනා"

    …ලොකු පුතා ට "එකන කියන්නෙ ලේ දෙනෑකත් පනයන වැඩක් කියලා "
    ගලයා ට "ආවාට ස්තුතියි .... හරි හරි පලකො පස්සෙන් අපිත් ඉන්නවනෙ ... හික්ස් "
    මාතලන් ට "මහත්තයලගෙ සින්දු අහලා නෝනලට දන් දෙනවා ඒකත් මරු වැඩේ "

    ReplyDelete
  27. පොර ආවේ ලේ දන් දෙන්නද නැත්තන්, චේතනාව දීමනා ලබා ගන්නද?

    ReplyDelete
  28. කැම්පස් එකේ මේ ළඟදී තිබුණු ලේ දන්දීමකට ගිහින් ඩොක්ටර්ගේ අනුමැතිය ගන්න ෆෝම් එකත් අතේ තියාගෙන පෝලිමේ ඉන්නවා. අපි දැක්කා බර කිරන තැන උස මහත කොල්ලෙක් ඉන්නවා. ටික වෙලාවකින් වැටෙන සද්දයක් ආවා.

    බැලින් නම් අර මෑන් කලන්තේ දාලා වැටිලා. මම මුලින් හිතුවේ මෑන් ලේ දීලා කලන්තේ දැම්මා කියලා. බැලින් නම් ලේ දෙනවා දැකලා ඒ හැඩි දැඩි බුවාට කලන්තේ දාලා :)

    ReplyDelete
    Replies
    1. අපොයි..... මගේ ජාතියේ එක්කෙනෙක් එහෙනම්.... හික්.. හික්... :D

      Delete
  29. kus_fernando
    සාක්කුවට දාග්න්න පුළුවන් කිලෝ 5හේ පඩි තියනවද? නැත්නම් උට තියෙන්නේ සාක්කුද දැන්නම්..

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ වගෙ නෙමෙයි ඒ කාලෙ ඉස්කෝකෙට ඇන්දේ බැගී කලිසම්, ගල් බෝතලයක් උනත් නොතෙරෙන්න දාගෙන යන්න පුලුවන්

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..