he

Thursday, October 20, 2011

දුම්රියෙ බූරු ඇදන් හැකිලීම.

මේකත් පරන කතාවක් අවුරුදු ගානක් පරන කතවක්. මට මතක හැටියට 1993 විතර ඇති. මේ කතාවෙ කතා නායිකාව අඳුනන කෙනෙක් නෙමෙයි. ඒත් හැමදාම මුන ගැහුනු කෙනෙක්. එහෙනම් මෙ කතාවත් කියවලම බලන්නකෝ. … අපි පාසැලෙ ක්‍රීඩා පුහුනුවීම් අවසන් කරලා හවසට මරදානෙ දුම්රිය  ස්ථානයට එන්නෙ 4.55ට පිටත් වෙන අලුත්ගම දුම්රියෙන් ගෙදර යන්න බලාගෙන. ඕක මරදානෙන් පිටත් වෙනකොට බොහොමයක් ආසන පිරිලා . මෙක (Powerset) වර්ගයේ දුම් රියක්. දෙපැත්තට තමයි ආසන තියෙන්නෙ. අර තැබිලි පාට සීට් මතකනෙ.
මතක නැත්නම් බලන්න. මෙන්න මෙ විදියට තමයි සීට් තිබුනෙ. මරදානෙන් කට්ටිය නැග්ගම
අතරින් පතර තමයි හිස් තැන් තියෙන්නෙ. … කොළඹ කොටුවෙන් නගින ඇන්ටි කෙනෙක් හිටියා, කොටුවෙ දුම්රිය වේදිකාවට නවත්වන්නත් කලින් ඔය ඇන්ටි ඉන්න මිනිස්සුන්වත් පෙරලගෙන තමයි දුම්රියට ගොඩවෙන්නෙ. නැග්ග ගමන් කරන්නෙ කකුල් ඈත් කරන් ඉන්න
අයගෙ දිග ඇරගෙන ඉන්න බූරු ඇදන් ටික අකුලලා ඉඩ හදාගෙන වාඩි වෙනවා. කොරලවැල්ලෙ ඇන්ටිකෙනෙක් හන්දා කවුරුත් මුකුත් කියන්නෙ නෑ. කටත් එච්චරම සද්ද නෑ ඔනෙම නම් දුම්රිය මැදිරි දෙක තුනකට ට ඇහෙයි. අපිත් එක්කත් ඉතින් මලෙන් උන්නෙ එක එක බයිට් කරලා. මොකද අපි ඉතින් ෆුට් බෝඩ් එකෙනෙ යන්නෙත් අපිවත් පෙරලගෙන තමයි ඇන්ටි නගින්නෙ. ඔන්න එදත් මරදානෙන් පිටත්වුනු දුම්‍ රිය 5.00 වෙනකොට කොළඹ කොටුවට ආවා. අර ඇන්ටි වෙනදා වගෙම අපිවත් පෙරලගෙන දුම්රියට නැගලා බුරු ඇදන් අකුලන්න ගත්තා කොහොම හරි තදියමට එදා වඩිඋනෙ එක අංකල් කෙනෙකුගෙ කකුල් දෙක දෙපැත්තට දාලා කකුල් දෙක මැද්දෙ. අපිට එක පාරටම ජාතික ගීය කියවුනා. මුලු දුම්රියම බඩ අල්ලගෙන හිනාවෙනවා. ඇන්ටිට පොලව පලාගෙන යන්න හිතෙන්නෙ ඇති. නැගිටලා නැග්ගට වඩා වෙගයෙන් බැස්සා . එදයින් පස්සෙ ඒ ඇන්ටිව අද වෙනතුරු මම දුම්රියෙදි නම් දැක්කෙ නෑ . …

17 comments:

  1. // ජාතික ගීය // මොකක්ද?

    ReplyDelete
  2. වස ලැජ්ජාවනේ.. මේ මොකද්ද ඇත්තටම ඒ සින්දුව??

    ReplyDelete
  3. හික් නොන්ඩි නෑලු ඇන්ටිට..

    ජය..

    ReplyDelete
  4. ඇන්ටි පොලව පලාගෙන යන්න ඇති ඒකයි එයාව ආයේ දැක්කේ නැත්තේ

    ReplyDelete
  5. වස ලැජ්ජාව...ඇත්තටම මොකක්ද අර ජාතික ගීය.....

    ReplyDelete
  6. හෙහ් හෙහ් ජෝන්ලා ඇන්ටි කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නෑ.ඔය ජාතික ගීය අර ප්‍රසිද්ධ එකද .........:D

    ReplyDelete
  7. හෙහ් හෙහ් ජෝන්ලා ඇන්ටිලට ඉන්න දෙන්නෙත් නෑ. ඔය ජාතික ගීය අර ප්‍රසිද්ධ එකද ...........:D

    ReplyDelete
  8. පුදුමයි ඔය කියන ඇන්ට් එතන දිගටම වාඩි වෙලා නොගිය එක..
    හේත්තු වෙලා නින්දකුත් දාගෙන යන්න තිබ්බා...

    ReplyDelete
  9. දැන් මේක බලලා හිතලම කකුල් ඈත් කරගෙන යයිද දන්නැ නැහැ.මැදින් ඇවිත් ඇන්ටි කෙනෙක්‌ ඉඳ ගනි කියල.

    ReplyDelete
  10. විසිතුරු | visituru ,…Dinesh , …ඔබ නොදු‍ටු ලොවක් & The Lion ට …ඇයි අර හූ ඌ ඌ ඌ ඌ කියලා කියන්නෙ

    …නෙරංජි | Neranji ට මරු කියුවෙ ඇන්ටිද ? හිකිස්ස්

    …හිස් අහස ට ඇත්තටම ඒ ඇන්ටිට මොනවා උනාද කියලා දන්නෙ නෑ

    Gimhani ට අර මනුස්සයා රහත් වෙලානම් එහෙම යන්න තිබුනා හික්ස්

    …geeth ට අපි හිටියොත් අංකල් කෙනෙක් තමා වාඩි වෙන්නෙ

    …Gayan Rupasinghe ට ඒකනෙ ඊට පස්සෙ දැක්කෙ නැත්තෙ

    ReplyDelete
  11. හයියෝ ඇන්ටි දැන් කෝච්චි අත ඇරල බස් වල යනව ඇති.

    ReplyDelete
  12. ඇන්ටි පනින්න ඇති කෝච්චියට

    ReplyDelete
  13. හහා.... ඇත්තටම ජාතික ගීය කිවුවේ . මොකක්ද . . ?

    ReplyDelete
  14. හහ් හහ් හහ් ...ටියුබ් ලයිට් එක දැං පත්තු උනේ ...ඒක නේන්නං ජාතික ගීය.....

    ReplyDelete
  15. මාත් ඔය පවර් සෙට් වල ඉස්කෝලෙ ගියා, හැට ගණන් වල අග හරියෙ, 70 ගණන් වල මුල හරියෙ.

    පව් අර ඇන්ටිට නං....

    ReplyDelete
  16. ඊට පස්සෙ ඕක දැකපු අනිත් අයත් වෙනදටත් වැඩියෙන් බූරු ඇඳන් දිග ඇරන් ඉන්න ඇති නේද.....?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..