he

Wednesday, October 19, 2011

කහ ඉර

පෙ සුබසිංහ මහත්තයා ඊයෙ වැඩට ආවෙ නෑ අපි හිතුවෙ අසනීප වෙලා කියලා . ඇත්තටම වෙලා තියෙන්නෙ සුබසිංහ මහත්තයව උසාවි දාලා. වැරැද්ද කහඉරකින් තොරව පාර මාරුවීම . 
 අනෙ කාටවත්  කරදරයක් නැතිව පාරෙ අයිනෙන්මයි යන්නෙ ඔය වට පිට කවුරුහරි යනවනම් විතරක් ටිකක් ඇස් යටින් බලනවා බම්බලපිටිය හන්දියෙදිලු පොලීසියෙන් අල්ලලා තියෙන්නෙ.  
  ඊයෙ උදෙ 9 ට උසාවියට ගිය උන්දැ හවස 3 ටලු  එලියට ආවෙ  ඒ මදිවට රුපියල් 100ක් දඩත් ගහලා

. ........ඒ කියුවෙ අමතර කතාවක් ....

  පි නොසිතනවට බොහෝවිට මාර්ග තදබදයට පදිකයන්ගෙ නොසැලකිලිමත් හැසිරීම මූලික වෙනවා. ඇත්තටම අපෙ රටෙ පාරවල් හදනවා දෙපැත්තෙ වැටවල් ගහනවා පදිකවේදිකා හදනවා. (කඩේ යනවා කියලා හිතන්න එපා ) ඒත්  කීයෙන් කීදෙනාද ඕවා පාවිච්චි කරන්නෙ. පාර හරහා මිනිස්සු යන්නෙ හරියට ගාල කඩාගත්තු හරක් වගේ. දුම් රියෙන් බැහැලා යන මගීන් පාර හරහා දුවන්නෙ මීලග බස් එක අල්ලගන්න කලබලෙ තමයි . ඒත් ඒ කලබලයෙන්, පාරෙ යන වාහන වලට කොච්චර අපහසුතාවලට මුහුනදෙන්න සිදුවෙනවද. උදේ වරුවට සවස්වරුවට  සුක්කනම අතේ තියන පුද්ගලයෙකුගෙ මානසික තත්වය, මං හිතන්නෙ ඔයගොල්ලන්ට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනෙ. 


කහ ඉරි කියන්නෙ පදිකයන්ට අයිති බූදලයක් කියලා තමයි හුගක් අය හිතන්නෙ. ෆෝන් එක කනෙ ගහගෙන ලතැවි ලතැවි කහ ඉරි උඩින් යන කීදෙනක් අපි දවසකට දකිනවද. එතකොට ඒ අය හිතන්නෙ කහ ඉර රියදුරන් ඉඩ දියයුතුම තැනක් කියලා. හැබැයි ඔය කහඉරෙ  ඔය විදියට යන කීදෙනෙක් සුක්කනම අතට ගත්තම පදිකයන්ට බනිනවද?    



ලංකාවෙ බොහොමයක් පාරවල් වල කහ ඉරි නෑනෙ වගකිව යුත්තන්ගෙ ඇස් අවශ්‍ය ස්ථානවල කහ ඉරි අඳින එක ගැනත් යොමු විය යුතුයි. අවශ්‍ය ස්ථාන කියුවෙ කිලො මීටරෙන් කිලොමීටරෙට නෙමෙයි.  


දැන් ග්‍රීස් යක්කු ඉවරයි ඡන්ද ඉවරයි පොලීසියට වැඩ නැති හින්දා හරි කහ ඉරෙන් නොපනින අය අල්ලන එක හොඳා. මගෙ අර අනීතික වෘත්තිය වගේ කරන්නත් බෑනෙ. කෙලින්ම උසාවි. දඩය රු100 ඒ උනට රස්තියාදුව උදෙ 9 සිට හවස 3 වෙනකන් උසාවියෙ හිටගෙන සිටීම.
     

21 comments:

  1. ඇත්ත කතාව අපිත් ගොඩක් වෙලාවට කරන වැරද්දක් තමයි ඔහේ කහ ඉරෙන් පාර පනින එක.හැබැයි නාවලපිටිය town එකට එන අයනම් එහෙම කරනවා මම දැකලා නැ. සමහර අය වහනයක් එනවනම් ඒක යනකල් ඉදල පාර පනින්නේ.

    ReplyDelete
  2. රටක් හදන්න ඉස්සෙල්ලා විනය හදන්න ඕන. වැරදි අනන්ත තිබුනත් මම මේ වගේ පාලනයකට කැමති ඒකයි. අද කොළඹ එක කඩේකින් කුණු දාන්නේ නෑ එළියට..

    ReplyDelete
  3. කහ ඉරෙන් පනිද්දී මම තරම් ප්‍රවේසම් වෙන තව කෙනෙක් නැතුව ඇති...ඇයි දෙයියනේ මාව කහ ඉර උඩනෙ යට කරගෙන ගිහින් මගේ ජීවිතයට මෙච්චර විනාශයක් කලේ....

    කහ ඉර උඩ ලතැවී ලතැවී යන අයව මාත් අනත්තවක් දැකලා තියෙනවා...ඉවසීම ටිකක් අඩු වෙන්න මහත්තයාට නම් මල පනිනවා..ඒත් ඉති පයින් යන අයටත් යන්න තැනකුත් තියෙන්න එපායෑ

    ReplyDelete
  4. සහතික ඇත්ත කතාව.පානදුරේ වෙන දේවල් ජෝන්ට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ .......

    ReplyDelete
  5. මේක හැමතැනකම සිද්ද වෙන දෙයක්.. ඉරිසියාවත් මුසු උන කාලකන්නි කම තමා

    ReplyDelete
  6. නලින්-සමනලුන්ට වෙඩිතියන්න්න ට,නාවලපිටියෙ ඒ තරමට වාහන ෂුවර් නැතිද ?

    මාතලන් ට,ඒකනම් සහතික ඇත්ත

    දිල් ට, පදිකයො මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනෙ කියලයි මම කියන්නෙ.

    The Lion ට, මම හැමදාම උදෙට පාරෙ මැද යන කාගේ හරි බයිසිකලෙ රොදෙ හරි අතුල්ලනවා ඊට පස්සෙ පේමන්ට් එක පෙන්නලා ඇහැකුත් ගහලා ඇරලා යනවා මොකද ගුටි කන්න බැහැනෙ.

    wisal ට, ඉරිසියාව කියුවෙ වාහන හිමියන් ගැනද ? නැත්නම්....

    ReplyDelete
  7. කහ ඉරි ඇයි කහ පාටින් අදින්නේ ......ඕක කොළ පාටින් අදින්න තිබ්බනේ....

    ReplyDelete
  8. කතාව නම් ඇත්ත...
    ඒත් ලංකාවේ ඔය අල්ලනවයි කියන ගාන වගේ 20 ගුණයක් විතර අත යටින් මාරු වෙනව නේ... ලොකු ජෝන් වත් සෙට් වෙලා හෙල්ප් කරන්නේ නැතයි O:)

    ReplyDelete
  9. ඇත්ත මාරග තදබදයට දැනුවත්ව හෝ නොදැනුවත්ව පදිකයොත් වග කියන්න ඕන.. නමුත් කහ ඉරෙන් මාරු වෙද්දි මෙහෙ මිනිස්සුත් ඔය වගේ කතා කර කර නැලවි නැලවි තමයි පාර මාරු වෙන්නේ.. නමුත් කවදාවත් රියැදුරෙක් හදිස්සියි කියලා හෝන් එකනම් ගහන්නේ නෑ..

    ReplyDelete
  10. ඒ කරපු වැඩේ හරි

    ReplyDelete
  11. is the fine Rs 1oo ?

    ReplyDelete
  12. නැ නැ මම කිව්වේ මිනිස්සුන්ගේ හොඳකම :-P

    ReplyDelete
  13. කහ ඉරි කිව්වහම තමයි මතක් උනේ.
    ලංකාවෙ වැඩියෙන්ම කහ ඉරි තියන නගරය මොකද්ද? :D
    හෆෝයි........ අඩියෙන් අඩියට කහ ඉරි.

    ReplyDelete
  14. මමනම් කහ ඉර උඩත් දුවල තමයි යන්නෙ . මොකද ඒකත් මහ භයානක තැනක් නෙව ..

    ReplyDelete
  15. අර කියන්නා වගේ මුලින්ම මිනිස්සුන්ගෙ ඔලු හදන්න ඕනේ දියුණු රටවල මිනිස්සු වැරදි කරන්න තියෙන ලැජ්ජාව කොච්චරද?

    ReplyDelete
  16. ඔය දඩ ගැහිල්ලෙ හොඳම හරිය තමා, සමහරු ඔය දඩේ ගෙවන්නත් ගිහිං ලෝයර්ස්ලා අල්ලනවානෙ, එතකොට ලෝයර්ට 1500/= යි. දඩේ 100/= යි .......

    ReplyDelete
  17. ඔබ නොදු‍ටු ලොවක්..... ට අනෙ මන්දා ඕවා
    …විසිතුරු | visituru ට හරි කියුවෙ දඩ ගහපු එකද ?
    …Anonymous ට නැතිව රුපියල්ම 100ක්
    …නලින්-සමනලුන්ට වෙඩිතියන්න්න ට ආ ඒක මිසක්
    Enemy ට අනෙ මම දන්නෙ නෑ කොහෙද ?
    …Gimhani ට නැතුව නැතුව
    …බුද්ධි ට අනේ ද කියන්නෙ
    …පන්සල් හංදිය ට ඒකනම් ඇත්ත

    ReplyDelete
  18. දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම පාර මාරැ වෙන්න..

    ReplyDelete
  19. ලංකාවෙ වැඩියෙන්ම කහ ඉරි තියෙන්නෙ පානදුරේ තමයි. බුදු අම්මෝ පානදුරේ ටවුම මැද්දෙ ගාලු පාරෙ කහ ඉරි තියන තරමක්.

    ReplyDelete
  20. පසු ගිය අප්‍රියෙල් මාසේ, ලංකාවෙදි මම ඇත දැකපු සිද්දියක් මේ. මැදිවියේ කාන්තාවක් කඩවත නගරයේදි නුවර පාර හරහ, පාර පනින්න කහ ඉරට අඩිය තිබ්බ. මම කාර් එක නවත්තල එයාට පාර පනින්න දුන්න. මගේ පිටිපස්සෙන් ආව පුද්ගලික බස් එකක්, නවත්තපු කාර් එකට ඉස්සර වුනා, වම් පැත්තෙන්. අර කාන්තාව තව කාලයක් ජීවත් වෙන්න වාසනාව තිබුන නිසා, ඒ බස් එකට යට නොවී බේරුනේ යාන්තමින්.

    ReplyDelete
  21. රස්තියාදුකාරයා ට අන්න හරි
    …Enemy ට හැ මම් ඉන්නෙ වෙන පානදුරෙකද?
    …Observer ට ඔය ඉතිං ප්‍රයිවට් බස් රියදුරන්ගෙ ජන්ම ගතියනෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..