he

Friday, October 14, 2011

බොස් ආවේ ඇයි?

මේ සිද්දිය වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙකුගෙ කන්තොරුවේ. මිනිහ මට කතන්දරය කියලා කියුවා කන්තොරුවෙ නම නම් කියන්න එපා කියලා මොකද මේ කන්තොරුව තරමක් ප්‍රසිද්ධ තැනක්. මෙතන බොස් ටිකක් අමුතු චරිතයක්. ඒ කියන්නෙ තාම කයිසාරුවත්තෙ මුහන්දිරම් ගෙ යුගයෙ ජීවත්වෙන කෙනෙක්. ඇත්තම් කියනවනම් ඒ පැත්තෙම කෙනෙක් තමයි.
   මොනවා උනත් උදේ පාන්දරම රාජකාරියට එනවලු. මෙ ඔෆිස් එක තියෙන්නෙ ලෝකෙ වෙළෙද මධ්‍යස්ථානයෙ ටිකක් උඩ තට්ටුවක,


 දේම එනකොට ෆැබ් එකෙන් පැටිස් 2ක් අරගෙන තමයි මෑන් එන්නෙ උදෙට ඒක කාලා උනු උනු කෝපි එකක් බොන එක තමයි උදෑසන ආහාරය. කට්ටිය කියන්නෙ නම් බඩ ගල් කරනවා කියලා. අනෙ මන්දන්නෙ නෑ ඕවා.  
   වල්ට කන්න නම් අනිවාර්යයෙන්ම ගෙදර යනවා . මොකද බොස්ගෙ නෝනා බලන් ඉන්නවලු ගෙදර එනකන්.
මේ සිද්දිය වෙලා තියෙන දවසෙ බොස්ට ටිකක් වැඩ වැඩි දවසක්. සෙකට්‍රි නෝනා එහෙට දුවනවා මෙහෙට දුවනවා. ෆුල් බිසී. ඊටපස්සෙ ෆයිල් වගයකුයි ලැප්ටොප් එකයි අරගෙන බොස් එලියට ගිහින්. ගිහිල්ල තියෙන්නෙ මොරටුවට. ඒ වැඩ ඉවර කරගෙන හරියට 12 වෙනකොට කන්තොරුවට ඇවිත්. බොස්ගෙ කාමරයට ආපු ගමන් අනිත් පැත්තට ආපහු ගිහිල්ලා . මගෙ යාලුවට හරිම ප්‍රහෙලිකාවක්ලු මෙක. මොකද මොරටුවට ගිය මිනිහා ගෙදර යන්නෙ නැතිව තකහනියෙ ආවෙ කියලා .  


මගෙ යාලුවා සෙකට්‍රි නෝනට ලංවෙලා අහලා ඇයි කියලා    

ඇයි දන්නවද බොස් ආපහු ඇවිල්ල තියෙන්නෙ ..................
..................
..................
..................
 අර පැටිස් දෙක ගෙනියන්න. උදෙ වැඩ වැඩි හින්දා ඒක කන්න බැරිවෙලා.

20 comments:

  1. හෙහ් හෙහ් මිනිහා උදේ කෑම එක වරදන්නෙම නෑ වගේ .......:D

    ReplyDelete
  2. පැටිස් දෙක හවස තේ බොද්දි හරි කන්න පුළුවන්නේ කියල හිතලා ගෙදර ගෙනියන්න ඇති ෆ්‍රිජ් එකේ දාන්න... :D

    ReplyDelete
  3. ekane kama ahaka danna hoda na :P

    ReplyDelete
  4. ඔහොම පොරවල් අනන්තයි.

    ReplyDelete
  5. පැටිස් දෙක කෑවේ නැත්නම් සතියක් කෑවේ නෑ වගේ ඇති

    ReplyDelete
  6. ඒ පැටිස් වල ශක්තිය වර්ධනය කරන ​මොනාහරි දාලා තියෙනවද කව්ද දන්නේ....

    ReplyDelete
  7. අන්න මිනිස්සු! ඉදිරියෙ එන ආහාර අර්බුධයට දැම්ම තියා ලැස්ති වෙනවා. කැම ඩිංගක්වත් අපතෙ යවන්නැති හැඩයි

    ReplyDelete
  8. The Lion ට මට පෙන්නෙත් එහෙම තමයි
    Anonymous ට Nice නෙමෙයි පැටිස් හිහ්හ්
    Dinesh ට නෑ මං හිතන්නෙ හෙට කන්න
    සයුරි ට හා නදී ට සිරික්කිය විතරක්...
    Gordonia ceylanica ට :D
    Anonymous ට එහෙම වත් හිතමු
    වෙද ගෙදර මහ වෙදනා ට ඒකනෙ ඒ අය විශේෂ
    සිංහල මාක ට LOL!
    නෙරංජි | Neranji ට හම්... හොඳයි

    ReplyDelete
  9. නලින්-සමනලුන්ට වෙඩිතියන්න්න ට සල්ලි දීලා ගත්තු එක නොකා පුලුවන්ද
    ඔබ නොදු‍ටු ලොවක්..... ට මාරම මාරයි
    විසිතුරු | visituru ට Hi HikiZ
    prasanna86k ට ෆැබ් එකෙන් ම දාල දෙනවා ඇති
    බුද්ධි ට සමහර විට ඒකනම් වෙන්න ඇති

    ReplyDelete
  10. @බුද්ධි : එතකොට තෙල් අර්බුධය ?? :O ඔය පැටිස් දෙක දිසා කොච්චර තෙල් නාස්ති වෙන්න ඇත්ද? හි හි

    ReplyDelete
  11. නිකම් පැටිස් දෙකක් නෙවෙයිනෙ ෆැබ් එකෙන් ගත්ත කුලවත් පැටිස් දෙකක්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..