Monday, October 10, 2011

නිර්මාණය හා අනන්‍යතාවය

බ්ලොග් අවකාශයෙ මාද ඇතුලුව බොහෝ නිර්මාණකරුවන් තම සැබෑ අනන්‍යතාවය යටපත් කර ආරූඩ නාමයකින් නිර්මාණකරණයේ යෙදී සිටියි. විවිද හේතුන් මත තම අනන්‍යතාවය යටපත්කරගන්නා නිර්මාණකරුවා සාර්ථක නිර්මානයක් ඉදිරිපත් කරන්නෙ පාඨකයාතුල නිර්මාන කරුවාගෙ අනන්‍යතාවයට මූලික තැනක් ලබා නොදීය.   


මෙහිදී බොහෝ දුරට සිදුවන්නේ තම අනන්‍යතාවය සැඟවීම නොව, එම සැබෑ අනන්‍යතාවය තුලින් ඉස්මතුවන පෞද්ගලික චිත්ත රූපය, ඉදිරිපත්
කරන නිර්මානය තුලින් ඉස්මතුවීමෙන් එහි රසය  වියැකී යා හැකි බව අවම කරගැනීමයි.


මෙම බ්ලොග් අවකාශය තුල ලියන කියවන බොහෝ දෙනා තම තමන්ව එදිනෙදා හමුවන එකිනෙකා ළගින් ඇසුරුකරන්නන් බව පහුගිය දා පැවති පොත් ප්‍රදර්ශනයට ලැබුනු ප්‍රතිචාර වලින් පැහැදිලි විය. විශ්ව විද්‍යාලවල පාසැල්වල හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල මෙන්ම රැකියා ස්ථානවල නියුතුවන්නන්ද මෙම බ්ලොග් අවකාශයේදී එකිනෙකා අතර අදහස් හුවමාරුව සිදුකර ගනියි. 
එකිනෙකා මුනගැසී ඇති අයවලුන් ගෙ ලිපි කියවීම හා එකිනෙකා කිසිදිනක මුන නොගැසී ඇති අයවලුන් ගෙ ලිපි කියවීම අතර මනස හා බැඳුනු විශාල ක්‍රියාදාමයක් ඇත. එය ටෙලි නාට්‍යකට පත්කරන ලද නව කතාවක එම පොත කියවීමෙදී  ලබන හැගීම හා එම ටෙලි නාට්‍ය නරඹන අතර ලබන හැගීම මෙනි.

නවකතාව කියවීමෙදී අපෙ සිතෙ ඇඳෙන චිත්තරූපය ටෙලියකදීනම් අධ්‍යක්ෂක තුමා විසින් ප්‍රේක්ශකයා ගෙ නෙතට මවා දෙයි. එහිදී අප දකින්නෙ ඔහුගෙ හිතෙ ඇඳ ඔහු ප්‍රති නිර්මානය කල නිර්මානයයි . එය අපි ඔහුගේ නෙතින් නව කතාව කියවීමක් වැනිය.  

එලෙසම පෞද්ගලික අනන්‍යතාවයක් නොහඳුනන්නෙකුගෙ නිර්මානයකදී අප නිර්මානය අපෙ දෘෂ්ටියෙන් බලනවා විනා නිර්මානකරුවාගෙ සැබෑ අනන්‍ය තාවයෙන් බලන්නට නොයන බව මට හැගේ. 
 
අප ඒ නිර්මාන කරුවාගෙ සැබෑ අනන්‍යතාවයෙන් එම නිර්මානය දෙස බලන්නෙ නම් එහිදී දකින්නෙ වෙනමම රූපයක් වීමට පුලුවන. උදාහරණයක් ලෙස මගෙ "යන්න මට අවසරයි.." බලන්න , මෙය පිරිමියෙකු තමාගෙ මංගල ගමන යාමට සැරසෙන මොහොතක තම පරණ පෙම්වතිය දැක සිතට ඇතුලු වූ සිතුවිල්ලක් ඉදිරිපත් කර ඇත. ඔබ මෙය කාන්තාවක් ලෙසින් කියවා බලන්න. ඔබට තෙරුමෙ වෙනසක් නොදැනෙවි. ඒත් මැවෙන චිත්තරූපය වෙනස් නොවේද?        


මා වෙ වැල්වටාරම් ගසා කියන්නට අදහස් කලෙ වෙන කිසිවක් නෙවේ. එනම් නිර්මානයක් දෙස බැලීමෙදී නිර්මානකරුවාගෙ අනන්‍යතාවය නොසොයා නිර්මානයෙ ගුන අගුන පමනක් විමසන්න යන්නය. මෙමෙ බ්ලොග් අවකාශයෙ බොහො දෙනා අනවර්ත නාමයන් ගෙන් සිටින්නේද ඒ නිසාය.      


ප.ලි. මෙම ලිපියෙහි වැදගත්ම කොටස වන්නෙ මෙම ලිපියට ලැබුන ප්‍රතිචාරයි. එම ප්‍රතිචාර මෙම ලිපියේ ඉතිරි කොටසයි  

18 comments:

  1. සහතික ඇත්ත මචන් .......:D

    ReplyDelete
  2. ඇත්ත මමද අන්වර්ත නමකින් පෙනී සිටින්නේ මට මෙයින් ප්‍රස්සිද්ධියක් ගැනීමට නොවුවමනා නිසාත්, වඩා නිදහස්ව මගේ මතයන් එලිදැක්වීමේ පහසුව සඳහාත්. සිතූ දිනක නොකියාම නික්මී යාමේ පහසුව සඳහාත්. අනගි අදහසක්.

    ReplyDelete
  3. නියම ලිපියක් මචන්...

    ReplyDelete
  4. සැබෑව සැබෑව.. 100% එකඟ වෙමි.
    ඉතා හොඳ ලිපියක් ලොකූ...

    ReplyDelete
  5. අහම්බෙන් නෙත් ගැටුන බ්ලොග් ලෝකෙ හොඳ ලිපියක් . බ්ලොග් වල බොහොමයක් මූලික වස්තුබීජ සපයන්නේ බ්ලොග් ලියන කෙනාගේ පුද්ගලික අත්දැකීම් .නමුත් ඒ ඔස්සේ බ්ලොග් ලියන කෙනා මෙන්න මේ විදියයි වගේ එයගේ ප්‍රතිරූපය ගැන අර්ථ දැකිවීම් කරන්න උවමනා නෑ .ඒ වගේම හිට් ,කමෙන්ට් හරහා සයිබර් ඉගෝ cyber ego ගොඩනගාගන්න ඕනත් නෑ.තව විදියකට කිව්වොත් අපි අදටත් දන්නේ නෑ සඳකඩ පහනේ කැටයම් නෙලුවේ ,සීගිරි සිත්තම් ඇන්දේ , අවුකන ,සමාධි පිලිම නෙලුවේ කවුද කියලා .නමුත් ඒ නිර්මාණ සදාතනිකයි .ඒවා රසවිඳින්න නිර්මාණකාරයො කවුද ,එයාලගේ අලගිය මුලගිය තැන් උවමනා නෑ . ජනකවි අපි රසවිඳිද්දි කවුරුවත් ඒව කිව්ව ලිව්ව උදවියගේ නම් ගම් සොයන්නේ නෑ නේ .ඒවගේ හොඳ දෙයක් සයිබර් අවකාශෙට දුන්නොත් ඒක පවතීවි . ලියන කියන්වන උදවියත් නිදහසේ තමන්ගේ කටයුතු කරාවි .
    නමුත් නිර්මාණ හැකියාවෙන් ඉහල පරිකල්පනයක් තියෙන උදවිය සයිබරයට ලියද්දි පරිස්සම් වුනොත් හොඳයි තමන්ගේ නිර්මාණ වල අයිතිය ගැන . ඒකත් ඔවුන්ගේ අභිමතය අනුව කැමතිනම් පමණක්

    ReplyDelete
  6. මේ කතාවත් එක්ක මමත් ටිකක් එකග වෙනවා... මොකද මමත් කියවන බ්ලොග් වලින් බහුතරයක් අනුවර්ත නාමයන ඇති රචකයන්ගේ.. පෞද්ගලික චරිතය හා වෙනස්ව බැදුන ආරුඬ චරිතයක්...

    ReplyDelete
  7. //එනම් නිර්මානයක් දෙස බැලීමෙදී නිර්මානකරුවාගෙ අනන්‍යතාවය නොසොයා නිර්මානයෙ ගුන අගුන පමනක් විමසන්න යන්නය//

    ඔබ කියන වගේ මේ දේ කරන්න අමාරුයි නිර්මාණ කරුවා පේන්න ඉන්න කොට , මොකද නිර්මාණ කරුවාත් නිර්මාණත් එකට බැඳිලා මිනිස්සු දකින නිසා , බ්ලොග් අවකාශය කොහොම උනත් අනික් කලා මාධ්‍ය වලදි නම් මේ කාරනේ හොඳ නරක දෙකම තියනවා , වාණිජමය වාසිත් තියනව , උදා ප්‍රකට සිනමා අධ්‍යක්ෂක වරයෙක්ගෙ සාමාන්‍ය සිනමා රීතිය ප්‍රේක්ෂකය හඳුනනවා , ඒතකොට තමන්ගේ නිර්මාණවලදි අදහස් ප්‍රකාශ කිරීමේ ඉඅඩ හසර වඩාත් පුලුල් , ඊලඟට නිර්මාණකරුවාගෙ ජනප්‍රියත්වය හා අනෙන්‍ය්තාවය මතම සිනමා නිර්මාණයට එන ප්‍රේක්ෂකයොත් ඉන්නවා ,

    ReplyDelete
  8. මමත් මුලින් නීනු කියලා ආරුඪ නමකින් බ්ලොග් ලිව්වා...මම බ්ලොග් එකක් අත්හදා බැලුවෙ මගේ නියම නමින්. නමුත් බ්ලොග් ලොවට පිවිසුනේ නීනුගේ නිශාව නැමති...බ්ලොග් එකෙන්... දැන් ඒක ක්‍රියාන්විතයේ නැහැ. රෝස වලාකුළේ මැද හරියක් ලියද්දි... මම මගේ සැබෑ නම භාවිතයට ගත්තා... දැන් මගේ අනවර්ථ නාමය වගේම..ඇත්ත නමත් කට්ටිය දන්නවා....

    නමුත් මෙහිදී මට මගේ අදහස් ප්‍රකට කිරීමේ ගැටලු මතු වෙනවා... මමකියන හැම දෙයක්ම මගේ ජීවිතයට අදාලව සමරූපණය කරන්න බොහෝ අය සැරසෙනවා.. මම ආසාවට ස්ටේටස් එකක දමන වැකියක් වුණත් සමහරු තමන්ට අදාළ කරගන්න ගති පහු ගිය කාලෙ පෙනෙන්නට තිබ්බා....ඒ නිසා තමා මම සාෂා නමින් බ්ලොග් එකක් පටන් ගත්තෙ... මගේ ලියන විලාසයෙන් ම එය පූසා හඳුනා ගත්තා... ඒ නිසා මට අද වෙනත් චරිතයකට යන්න අමාරුයි..

    නමුත් ඔබට පුළුවන් නම් හොඳ නිර්මාණයක් කරන්න එය පමණයි වැදගත් වෙන්නෙ....

    මම ඔබට 50% ක් එකඟයි

    ReplyDelete
  9. The Lion ,වෙද ගෙදර මහ වෙදනා , සාතන් , Gimhani , TG ,Dinesh, buwa , නෙරංජි | Neranji ,
    කට්ටියටම දාපු ප්‍රතිචාරවලට ස්තුතිය්. ලිපියත් සමගම ප්‍රතිචාර ටිකත් කියවනවනම් තමයි මෙම ලිපියට අර්ථයක් ලැබෙන්නෙ.

    ReplyDelete
  10. යම් නිර්මාණයක් හරි අදහසක් හරි එලි දක්වන්න තියෙන හොද ක්‍රමයක් තමයි මේ බ්ලොග් කෙරුවාව. එත් එතැනදී බ්ලොග් රචකයා තමන්ගේ නමින් පෙනී ඉන්නවද නැද්ද කියන එක මත තමන් ලියන්නේ මොනවද කියන එක ලියන රටාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහරු අනෝ වෙලා ලියන්නෙත් එකනේ. මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තේ නම් මට එළිපිට කියාගන්න බැරුව හිතේ හිර කරගන හිටපු ගොඩාක් දේවල් කියන්න හිතාගන. මාව ගොඩාක් දෙනෙක් දන්නේ ගොඩාක් නිහඩ කෙනෙක් විදියට. සමාජය මම ගැන හදාගන තියන ප්‍රතිරූපය වෙනස් කරන්න මට ඕනෑකමක් නෑ. එත් මට කියන්න ඕන දේවල් ටික කියන්නත් ඕන.

    ReplyDelete
  11. හිතෙ තියන දේ කියන්න තියන හොඳම ක්‍රමය තමා අනො කෙනෙක් විදියට ලියන එක එතකොට මගෙ හැටි කවුරුවත් දන්නෙ නෑනෙ.

    ReplyDelete
  12. අනේ මන්දා.. මම බ්ලොග් එකක් පටන් ගත්තෙත් මගේ හිතේ තියෙන දේ කියන්න හිතාගෙන. ඒත් මම නම් මගේ බ්ලොග් එක පවත්වගෙන යන්නේ මගේම නමින්.. ඒකෙන් විශේෂයෙන් වෙන හොඳක් හෝ නරකක් නම් මම දැනට අත් විඳලා නෑ. ඒත් මම හිතන්නේ නම් තමන්ගේ කැමැත්ත අනුව ඕනෙම කෙනෙක්ට තමන්ගේ නමින් හෝ අන්වර්ථ නාමයකින් තමන්ගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්න පුළුවන් කියලා.

    ReplyDelete
  13. මට නම් බ්ලොග් කරනයේ යෙදෙන්න හිතුනෙ මිනිස්සුන්ට වැඩක් කරන්න,
    ඒ නිසා නම අවශ්‍යය නෑ.
    ඒක දන්නෝ දනිති,
    මම දෙන පණිවිඩයට මගේ නම වැදගත් නෑ,
    නම නං බොරුවටත් දාන්න පුළුවන්නෙ.
    ඒත් දෙන පණිවිඩේ වැදගත් නම්,
    නමත් එක් නොවැදගහ් දෙයක්.
    ඒත් මම කරන්නෙ මොනවද කියලා දැම්ම,
    නැත්තං බලන මිනිස්සු හිතයි මේකා මේවා ලියන්න මොනවද දන්නෙ කියලා.
    හොඳ ලිපියක්.

    ReplyDelete
  14. අප බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි අප සමඟ මෙම ක්‍රියාදාමයට සම්බන්ධ වන සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික සටන් ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ. එමනිසාවෙන්ම අප බ්ලොග්කරණයට අප පිළිබඳ සැබෑ තතු හෙළි නොකිරීම යනු අපගේ අරමුණ සාර්ථක වන්නකි. වඩා වැදගත් වන්නේ අප කවුදැයි යන්න නොව අප ලොවට හෙළි කරන්නේ කුමක්ද යන්නයි. සැමට තෙරුවන් සරණයි.

    ReplyDelete
  15. හොඳ නිර්මාණයක් මගෙනුත් සුබපැතුමි.

    ReplyDelete
  16. ඒක ඇත්ත..මමත් මේ බොරු නමක් දාගෙන ඉන්නේ !!!!

    ReplyDelete
  17. සහතික ඇත්ත... මාත් එකගයි එකට...
    නියම නිර්මාණාත්මක ලිපියක්

    ReplyDelete
  18. අන්වර්ථ නමි වලින් ලියද්දි නිර්මාණකරුවන්ට එක්තරා අසධාරණයක් වෙනවා.බොලග් එකකින් අදහස් හුවමරු කරගන්න පුලුවන් සිමිත පිරිසකට විතරයි,තමුන්ගේ අනනයතවය ලිවිම තමා වඩාත් වැදගත් වෙන්නේ මගේ අදහසට අනුව,මං විශ්වාස කරන විදිහට බොලොග් ලියන්නන් අතරිනුත් මාර්ටින් විකරමසිංහ කෙනෙක්,කේ ජයතිලක කෙනෙක්,සුමිතරා රහුබද්ධ කෙනෙක් වුනත් අනාගතේදි බිහි වෙන්න පුලුවන්,තමුන් ලියන දෙයක් සමිබන්ධයෙන් වගකිමක් ගන්න පුලුවන් තැනකදි ඒ වෙනුවෙන් පෙනි සිටිම වඩා හොදයි

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..