he

Monday, October 3, 2011

උඩ ගිය බබා ගිම්හානී

ගිම්හානියා පොඩි කෙල්ලෙකි ඒ කාලේ..
අවුරුදු පහයි කෙට්ටුයි හරි කොමලේ...
ඇයගේ ජීවිතය ගෙවුනේ නිතරම මිදුලේ..
හරි සුන්දරයි ඇයගේ පොඩි කාලේ..

ඇයගෙ ලෝකය නිතරම කවදත් ජොලිය..
බැන්නොත් අම්ම නිතරම අල්ලයි වලිය..

දිනකදි ඇයට වෙන්නට ගිය වැඩක් අනේ..
හිතුනා කියන්නට ඔබලත් අසනු මැනේ..

ගම්මිරිස් වටිටියක් ඇගෙ මිදුලේ වේලෙන්ට..
අම්මා කිව්වා ගිම්හානිට එය ගන්ට..
සුළඟත් සැරයි හනිකට වට්ටිය ගන්ට්..
වැස්සක් එනවා ළමයෝ ගෙට එන්ට..

ගිම්හානියා පැන්නා වට්ටිය ගන්ට...
සැර සුලඟක් හැමුව කෙල්ලව උඩ යන්ට..
තිබුනේ දෙල් අත්තකි ඇය හට එල්ලෙන්ට..
බුදු අම්මේ හනිකට විත් මා ගන්ට....

අල්ලපු ගෙදර ආතා කන්දෙක බීරී..
අපිත් එක්ක දානව නිතරම ගෝරී..
කළු කොට සෝම නැන්දා උන්දැගෙ බාරී..
පැරෂුටෙ වගේ උඩ යනවා දැක්කලු ගිම්හානී...

ආතා කොහොමහරි නැග්ගා දෙල් ගසට..
කෙල්ලට කීව පිට උඩටම නැග ගන්ට
ආතේ මාව ගෙදෙරට ගොස් ඇරලන්ට..
අනේ ආතේ මෙය කාටත් නොකියන්ට...

ආතා ගිහින් මෙය ගම හැම තැන කිව් හින්දා..
"උඩ ගිය බබා" යන නම මට උන්  පට බැන්දා...


ප. ලි - මෙය මා ජීවිතේ මුහුන දුන් ත්‍රාසජනක හා සොඳුරුතම අත්දැකීමකි.

29 comments:

  1. hey oya ettatama hulangata uda giyada? ekko eeka maara hulangak, nethnam oya eekaale..

    ReplyDelete
  2. මාර වැඩ තමයි අක්කටත් වෙලා තියෙන්නේ. හික්ස් :)

    ReplyDelete
  3. අගේ ඇති කවි ටික ..මේ කවි, රූප දකිත්දි හිතට ආවේ සිඹිල් වෙත්තසිංහ මැතිණිය , ඔබතුමියත් කවදහරි ඒ වගේ කළාකාරියක් වීමේ පෙර මං ළකුණු පළකරනවා වගේ..හරිම ලස්සනයි ..අපේ පොඩ්ඩො දෙන්න ආ ගමන් උඩ පැන පැන හිනාවේවි මේක කියවල...

    ReplyDelete
  4. @ඇනෝ..

    ඔව් මම ඒකාලේ කෙට්ටුයි . ඒවගේම එදා තිබුන සුලඟත් සැරයි..

    @මධුරංග
    ඒකනම් මට පුදුම අත්දැකීමක්.

    @මහේශ් මහතා
    ඔබගේ දරුවන් කවි ටික කියවලා හිනා උන හැටි මට මැවිල පේනවා.. මේ සිදුවීම මම හිතන්නෙ මේ බ්ලොග් අවකාශයේ කිසි කෙනෙක් ලබල නැති අත්දැකීමක් කියල මම සිතනවා..
    ඉතාමත් ස්තුතියි ඔබගේ ඇගයීමට.

    ReplyDelete
  5. එහෙනං ගිම්හානි දැනුත් හුලං වලින් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි.කියන්න බෑනේ ........:D

    ReplyDelete
  6. හි හි..අපේ අක්කටත් වෙන වැඩ ඉතින්

    ReplyDelete
  7. @ලයන්..
    …දැන්නම් ඉතිං මාව උඩ යවනව බොරු .

    …@චම්මා
    …ඔව් අපූරු අත්දැකීමක් .

    ReplyDelete
  8. නියම කවි ටික ගිම්හානියො..ඔෆීසියෙ හන්දා කවියක් ගොතාගෙන කොමෙන්ටුවක් දාන්න විදිහක් නැත.....

    නියමයි උඩ ගිය බබා

    ReplyDelete
  9. @දිල් ..
    …කවිය රසවින්දානම් ඒ ඇති ... සටහනක් තිබ්බාට ගොඩාක් ස්තුතියි ..ඔයාගෙ මුනු පොතේ ලිපිනය මම දන්නෙ නෑ . අනිත් ඔක්කොම ඉන්නවා ඔය නෑ ...

    ReplyDelete
  10. ඇත්තටම උඩ ගිය බබෙක්! :D ඔයත් කිරි විතරද බිව්වෙ ඒ කාලෙ?

    ReplyDelete
  11. කිරි විතරක් බොන බබාලා උඩ යනව නේද ගිම්හානි..?

    ReplyDelete
  12. @නලිනි දොස්තර නෝනා
    …හරියටම හරි . කිරි විතරලු බිව්වෙ .
    …සතුටුයි පැමිනියාට මේ පැත්තේ ...

    ReplyDelete
  13. @මාරයා අය්යා
    …ඔව් කිරිමලු බොන්නෙ .ඒත් හරි අපූරු අත්දැකීමක් . සල්ලි වලටව්ත් කාටවත් ගන්න බැරි දෙයක්නෙ නේද ?

    ReplyDelete
  14. අපෙ අම්මාත් උඩ ගිය බබෙක් ගැන කතාවක් කියනවා බබාල බත් කන්න හොර වුණාම. බත් කන්නෙ නැතුව කෙට්ටු වෙලා උඩ ගිය බබෙක් ගැන.

    ReplyDelete
  15. @චානක
    …ඔව් ඉස්සර ගොඩාක් අම්මල එහෙම කියනව නේද බත් කන්නෙ නැති උනාම .. ස්තුතියි සටහනක් තැ…බුවට .

    ReplyDelete
  16. පොඩි හුළඟක් වෙන්න බැහැ ..සුළි සුළඟක් . ඊට පස්සේ බබා බත් කාල බර වැඩි වුනාලු. දැන් මාර සරණින් ඉගෙන ගෙන උයන් කාලා තවත් බර වැඩි වුනාලු.

    ReplyDelete
  17. පින්තූරෙත් ඇන්දේ ඔහේමනම් කියල වැඩක් නෑ. මේ ටික එකතු කරලා තියාගන්න. දැන් කාළේ හරි තනියෙන් ගේමට බහින්න. දැන් හුළඟේ නොයන්නේ තප්පදෝරූ සයිස්ද...?

    ReplyDelete
  18. ඇගෙ මිදුලේ වේලෙන්න කියන තැන ගේ මුදුලේ උනානම් වඩා ලස්සනයි

    ReplyDelete
  19. ගිම්හානිත් බ්ලොග් එකක් ලියනවද?
    කමෙන්ට් වලින් දෙකට තිබ්බට අදයි දන්නේ බ්ලොග් එකක් තියෙනබව
    එල එල දිගටම ලියන්න

    ReplyDelete
  20. @බින්දි
    …ඔව් එකපාරට ආපු සැර සුලඟක් .අප්පේ ඔව් මාරසරණිය නිසා දැන් තවත් මහත් වෙලා ..

    …@මාතලන් අය්යා ...
    …ඔව් එහෙම වෙනස් උනානම් හොඳයි තමයි . ස්තුතියි උපදෙසට .

    …@මහිම
    …මම මේකට කවි දානවා ලගඳී ඉඳලා බ්ලොගය ලොකු ජෝන්ගෙ .
    …මහිම ස්තූතියි සටහනක් තැබුවට.


    ReplyDelete
  21. හොඳ කවි පෙළකි.....
    සුබ පැතුම්...

    ReplyDelete
  22. අක්කා පොඩිකාලේ පැරෂුට් එකක් වගේ ..
    දැක්කම කමෙන්ට්ස් දැන් නං තඩි ගලක් වගේ..
    නැග්ගම කරට අශ්වයා ගොන් ටික්ක වගේ ..
    උන්දැට මතක් වෙන්නැති නන්දාගේ රඟේ..

    ReplyDelete
  23. ශා..........කවි ටික නම් මරු !!

    ReplyDelete
  24. @Gordonia,
    ස්තුතියි මල්ලී .

    @…ඇනෝ
    …කවියකින්ම පිළිතුරු දීම ගැන සතුටුයි .
    …//උන්දැට මතක් වෙන්නැති නන්දාගේ රඟේ.. //
    …… කව්ද මේ නන්ද ?

    @…ර්‍Rajith
    …රසවින්දනම් සතුටුයි .


    ReplyDelete
  25. නියමයි..
    මැවිල පේනවා ගිම්හානි පාවෙලා යනවා ...:DDD

    ReplyDelete
  26. @ඵ්‍රියන්ත
    …ඔව් ඒකනම් හරි අපූරු අත්දැකීමක් මා ලබපු .

    ReplyDelete
  27. මාර සීන් එකක් නේ...විස්වාස කරන්නත් අමාරුයි....

    ReplyDelete
  28. @ To Gimhani's Comments

    …//උන්දැට මතක් වෙන්නැති නන්දාගේ රඟේ.. //
    …… කව්ද මේ නන්ද ?

    නන්දාගේ රඟේ.. නැන්දාගේ රඟේ.. විය යුතුය.
    මෙය මුද්‍රණ දෝෂයකි .

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..