he

Saturday, October 1, 2011

ඔබට තවත් කල් ඇත


 රියදුරු සුනිල් වාහනයෙ සුක්කනමට අත තියාගෙන  අංශ ප්‍රදානියාගෙ අත් දෙක දෙස බැල්මක් දැම්මා. ආ සර් දැන් ඔය සීට් බෙල්ට් එක දාගන්න. අමුතු ගාම්බීර බවක් ආරූඩ කර ගනිමින් කියුවා. අංශ ප්‍රදානියා හිමිහිට වටපිට බලමින් තම ආරක්ෂක පටිය ඇඟට තද කරගත්තා.වාහනය ඉදිරියට ඇදුනෙ ඉන් පසුවයි... 
  අලුත් නීතියට අනුව ඉදිරිපස වම් පස සිටින්නා ආරක්ෂක පටි නොපැලද සිටියහොත් නීතියට හසුවන්නේ රියදුරාය. රියදුරා වාහනයෙ ආරක්ෂන සහතිකය ලියාපදිංචි සහතික සොයාබලන අතරතුර ආරක්ෂක පටිපැලද ඇතිද කියාත් සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එය රියදුරාගෙ වගකීමක් ද වන්නෙය. 
  මා මෙම ලිපිය තුලින් ඔබට ආරක්ෂක පටි නීතිය උගන්වන්නට බලාපොරොත්තු නොවෙමි. මෙහිදී මා බලාපොරොත්තුවන්නෙ එහි ඇති වැදගත්කම පිළිබඳව යම් මතක්කිරීමක් කිරීමටය.
සියල්ලටම කලින් මෙම ප්‍රචාරක රූපරාමු නිරීක්ෂනය කරන්න.(සමහර විට ඔබ මෙය නරඹලත් ඇති ) මීට වසර 5කට පමන පෙර මා නැරබූ මෙම ප්‍රචාරකපටය ශ්‍රි ලංකාවෙ ඉන්න අපිට හොඳ පාඩමක් කියල මට හිතෙනවා



කෙලින්ම වීඩියොව නරබන්න මෙතන කොටන්න

ආරක්ෂක පටි පැලඳ  නොසිටියහොත්, කෙලින්ම උසාවි, පලමුවරටනම් රුපියල් 1000 දෙවන වරට රුපියල් 2000 තුන්වනවරට රුපියල් 3000ක් සමග රියදුරු බලපත්‍රය තහනම්! හොඳයි නේද? 

11 comments:

  1. හොඳ පෝස්ට් එකක් ලොකු..අපිත් ඊයේ රෑ ටිකක් එලියට ගියා ගමනේ භාගයක් දුර ගියාම මතක් උනේ මේ නීතිය.මමනම් හිතන්නේ මේක හොඳ නීතියක් කියලා...මහ අමාරුවක් නෙවේනෙ ඔය පටිය තද කරගන්න එක..

    ReplyDelete
  2. මේ ගැන දැනුවත් කරන එක හරිම වැදගත් මොකද මේක “දඩ ගහන නීතියකට“ වැඩිය “ජීවිතය රකින නීතියක්“ වෙන්න ඕන කියන එකයි මගේ මතය ..හොඳ ලිපියක් , වීඩියෝවත් හොඳ පණවිඩයක් නිර්මාණශිලි විදියට දෙනවා ..ස්තුතියි ඔබට ..

    ReplyDelete
  3. :O

    දැන් ඒකටත් දඩ ගහනවද.... ?? මම දන්නෙ නෑනෙ

    ReplyDelete
  4. දැන් පටි තදකර ගන්න වෙලා තියෙන්නේ

    ReplyDelete
  5. මේක ඇත්තටම හොඳ නීතියක්.මෙච්චර කල් නොතිබ්බ එක ලොකු අඩුවක් ...........

    ReplyDelete
  6. ප්‍රයිවට් බස් වල හිටගෙන යන උන්ට තමා මුලින්ම සීට් බෙල්ට් අනිවාර්ය කරන්න ඕන විසිවෙන විසි විල්ලට!

    ReplyDelete
  7. කොහොම ක්‍රියාත්මක කරන්නද මන්ද? ත්‍රී වීල් වලටයි, බස් වලටයි මොකද කරන්ඩ යන්නේ? අනික පිටිපස්සේ සීට් වල යන යට සීට් බෙල්ට් ඕනෙ නැද්ද?

    ReplyDelete
  8. අර සබිත් කිව්ව වගේ ප්‍රයිවට් බස්වල හිටන් යන අයටත් සීට් බෙල්ට් ක්‍රමයක් තිබ්බානම් හොඳයි ඇත්තටම...ඇයි හත්දෙයියනේ ඩ්‍රයිවර් ලා බ්‍රේක් එකෙන් කකුල ගන්නෙම නැති වෙලාවල් තියෙනවනෙ....බස් ඇතුලෙ වැටෙන තරමක් හිටගෙන යන අයනෙ වැටෙන්නෙ...

    කොහොම නමුත් හොඳ පෝස්ට් එකක්

    ReplyDelete
  9. Gimhani ට "ඒ කියන්නෙ ඔයගොල්ලොන්ට කාර් එකක් තියනවා කියලනෙ. හික්ස් .."

    …මහේෂ් නිශාන්ත ට "ස්තුතියි "

    ……පොඩි මෑන් ට ":)"

    …Sanjaya සිතුවිලි ට "තද කරගත්තෙ නැති කට්ටියට තද කරගන්න වෙනවා. "

    …The Lion ට "එකන කියන්නෙ"

    …Sabith ට "සීට් බෙල්ට් බස්වල හිටගෙන යන උන්ට දැම්මොත් උන් එල්ලිලා මැරෙවි "

    …පොත් ගුල්ලා ට "ඉස්සර වෙලා මැරෙන්නෙ ඉස්සරහ යන උන් හන්දා ඉස්සර උන්ට විතරයි තාම දාල තියෙන්නෙ "


    …දිල් ට "හැබැයි හොඳ වැඩක් තියනවා කරන්න .. ඔන්න ඔහෙ පස්සෙම කියනවා "

    ReplyDelete
  10. Ane manda mekanam hoda vadak dhigatama thibunoth hodayi

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..