he

Friday, September 30, 2011

නිවන් ලැබීමට ...

මෙ ලිපිය මම ලියුවෙ මීට මාසෙකට දෙකකට විතර උඩදි.ඒ උනාට පල කරන අදහස තිබුනෙ වැට උඩ.මේ ලිපියට පාදක උනෙ ඇසල පෝය දවසෙ මම කුරුණෑගල ඉඳලා කළුතරට එන අතරවාරයෙ "අසපු" ගනනාවක් පසුකලා සද්ධාවන්තයන්ගෙන් පිරි පොලිම් ගනනාවක් දකින්න ලැබුනා.  සියයට අනූවක්ම හිටියෙ කාන්තා පාර්ශවය. ඉතිරි සියයට 10ත් මයෙ හිතෙ ගෑනුන්ගෙ වදේට ඒ අයට තනිරකින්න ආපු අය. එක අතක මල් වට්ටිය අනික් අතේ අදාල අසපුවේ ඕනර් හාමුදුරුවන්ගෙ ධර්ම ප්‍රචාරක පොතක්. 
 පොතක් කියුවට ඒ පොත කියවන්නම නෙමෙයි කියලා මට හිතුනෙ තවමත් අසපුවට ඇතුල් වෙන්න පොරකන පෝලිම්වල දිගනිසා බේරෙන දාඩියට පවන් ගහන්න ඒ පොත් උපයෝගී කර ගත්නිසා.  නොමිලේ පොත් බෙදා දීමෙන් අදාල හාමුදුරුවන්ට නිවන් දකින්නට පිං නම් ලබෙන්න ඇති.
තොල් උඩ දඩියට දියවෙලා බේරෙන ලිප්ස්ටික් ලෙන්සුවෙන් මාත්තුකරමින් කට්ටිය නිවන් දොරටුව ළග පොරකනවා දැක්කම මට වෙලාවකට බුදුහාමුදුරුවෝ ගැන දුකක හිතුනා
.එදාම රෑ ස්වර්ණවාහිනියෙ Live at 8 වලට අභයගිරිය ප්‍රතිසංස්කරණ වැඩබිමේ ශ්‍රමදානයක් පෙන්නුවා.බිම ඉදන් උඩට ගඩොල් අදිනවා. ගමෙ මිනිස්සු එකතුවෙලා වන්දනාවෙ ඇවිල්ලා  අවුරුදු 8 පුංචි එකාගෙ හිටන් අවුරුදු 80 මහල්ලා දක්වා දාඩිය පෙරාගෙන ශ්‍රමදානයට සහභාගිවෙලා උන්නා. කට ඇරලා උපාසක උපාසිකාවො කියලා කියන්න පුලුවන් පිරිසක් එතන උන්නා. ඒ අයගෙ බේරෙන දාඩිය පිසදාන්න ලෙසියෙන් නිවන් ලබන්න පුලුවන් මාර්ග ගැන ලියවෙච්ච පොත් තිබුනෙ නෑ.අතින් දාඩිය පිසදමමින් කටින් හුලං පිඹිමින් පිං එකතුකරගත්තා මතු නිවන් ලැබීමට ...   

19 comments:

  1. ගොඩක් පිං වැඩක්......
    ඒ පින නිවන් ලැබිමට හේතු වාසනාම වෙවා..!

    ReplyDelete
  2. අප්පේ ජෝනො ඔයාටත් පේන දේවල්.

    ReplyDelete
  3. හුදෙක්ම නොදැනුවත්කම නිසා ලියපු නුසුදුසු ලිපියක්.

    ReplyDelete
  4. Gordonia ceylanica ට, අන්න එ නොදැනුවත් දෙ මට දැනුවත් කරලා දෙන්න මෙතනින් පුලුවන්නම් මම එක අගය කරනවා මට දාපු comment වලින් මම කැමතිම comment එක මෙක

    ReplyDelete
  5. අද කාලේ ගොඩක් දෙනා ඔහොම තමා බං .......

    ReplyDelete
  6. 1.අදාල අසපුවේ "ඕනර්" හාමුදුරුවන්ගෙ ධර්ම ප්‍රචාරක පොතක්.
    2.බුදුහාමුදුරුවෝ ගැන දුකක හිතුනා
    ස්වාමීන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කිරීමටත් කාර් සේල් එකක අයිතිකරුවෙකුට කතාකරන නමම යොදාගැනිමම සුදුසුදැයි මම ඔබෙන් විමසමි.
    අනික බුදුරජාණන් වහන්සේ ගැන කිසිවෙක් දුක් විය යුතු නැත.
    අප දුක් විය යුත්තේ අපි ගැනමය.
    අසපු ගැන කතා කරද්දී අසපු වලට එන විවිධාකර මිනිසුන් නිසා ඒවාගෙන් සිදු වන සේවය ගැන නොසිතා නමක් නැතුවම "අසපු" යන කොහෙටවත් නැති නමකින් පොදුවේ කතා කිරීම නොහොබී.
    මක් නිසාද යත් මට අසපුවකට යන මිතුරෙක් කී පරිදි දීඝවාපිය ප්‍රතිසංස්කරණය පැවරී ඇත්තේ අසපුවකට නිසාය.
    අනික මිනිස්සු ඔක්කොම එක දවසෙ දීඝවාපියට යන්න අවශ්‍යය නෑනෙ,
    එතන හිටපු මිනිස්සුත් ඒකට කලින් දවසක ගියාද කියලා ඔබතුමා දන්නෙ කොහොමද?
    මට නම් පෙනෙන්නේ මේ ලිපියේ කිසි හරයක් නැති බවයි.

    ReplyDelete
  7. Gordonia ceylanica ට, පිලිතුරක් දීම ගැන ස්තුතියි.
    මෙ ලිපියෙ මුලින්ම පලකරන එක වැට උඩ කියල කියුවෙ ධර්මයට අපහාසයක් වේ යැයි මගෙ සිතට ආපු නිසා. ඒත් මම ලියුවෙ මම දැක්ක දේ,
    "ඕනර්" හාමුදුරුවන්ගෙ කියලා කියුවෙ නම් මෙන්න මෙකයි. ඔයා මෙවගෙ අසපුවකට ගිහින් තියනවනම් බලන්න මෙවයෙ ඉන්නවා සිකියුරිටි ඔෆිසර් කියලා කට්ටියක් ඒ අය තමයි අසපුවෙ ආරක්ෂාවට ඉන්නෙ. මෙවට අපිට ඕන ඕන වෙලාවට යන්න බෑ හැබයි මගෙ ගමෙ පන්සලට නම් මට ඕනම් වෙලාවකට යන්න පුලුවන් ඕනම වෙලාවක ලොකු හාමුදුරුවන් හම්බ වෙලා පිරිත් නූලක් අතේ ගැටගහගන්න පුලුවන් අනික අපේ ලොකුහාමුදුරුවෝ සුදු පාට පිරිත්නූල ගැටගහන්නෙ අඩුම තරමින් ඉතිපිසෝ ගාථාව හරි කියලා.
    ඒත් මෙ "අසපු" බොහොමයක් අර මොකක්ද මේ.. ගෝලීයකරණයට අහුවෙලා දායක සබාවෙ එකවුන්ට් එක වැඩිකරගන්න කරන දෙයක් තමයි සිද්දවෙන්නෙ ඉතින් එහෙම තැනක ලොකුහාමුදුරුවෝ කෙනෙක් ඉන්න විදිහක් නෑ එතන ඉන්න පුලුවන් අර මම කියපු විදිහෙ "ඕනර්" හාමුදුරුකෙනෙක් විතරයි

    ඔයා කියුව දෙවනි කාරනය සමග නම් මම එකඟයි පව් කියන්න ඔන අපිට.

    ReplyDelete
  8. හරි ඉතින් ඇයි මේවගේ එකක් ගැන විස්තර ඇතුව දාන්නෙ නැත්තෙ.
    මේකෙ කියන ටික අනුව නිශ්චිත නිගමනයකට එන්ට බෑ.
    කොහොම වුනත් ඕනර් කීම හරි යැයි කියන්ට බෑ.

    ReplyDelete
  9. මම ටිකක් වෙනස් විදිහකට බ්ලොග් වලට අවතීර්න වෙන්න කැමතියි. මගෙ අනිත් සටහන් බැලුවොත් ඔයාට පෙනෙවි මට උවමනා උඩින් තියන දෙට වඩා ගැබුරු දෙයක් දෙන්න නෙමෙයි ඊටවඩා සරල අදහසක් දෙන්න.මගෙ "අනීතික වෘත්තිය" පෝස්ට් එක බලන්න බලන කෙනාට කතා කරන්න යමක් බනින්න හරි ඔයාවගෙ , අන්න එකයි මම කියුවෙ ඔයාගෙ comment එක තමයි මට ලැබුන හොඳම comment එක.

    ReplyDelete
  10. Gordonia ceylanica ට,
    "ඕනර්" කියුවෙ අයිතිකාරයා හැගීමෙන් ඒ කියුවෙ අසපුවෙ අයිතිකාරයා, පන්සලෙ ඉන්නෙ ලොකුහාමුදුරුවෝ එහෙමෙ නෙමෙයිද?

    ReplyDelete
  11. ඇත්තම කතාව යාලුවා... හිතන්න ගොඩාක් දෙවල් ඔයාගේ පුන්චි කතාව ඇතුලේ තියනවා

    ReplyDelete
  12. සහෝදරයා වැරදි කියන්න තැනක් වෙලාවක් සහ පිළිවෙලක් තියනවා.
    ඇත්තටම මම ඔයගෙ පැරණි පෝස්ට් කියෙව්වෙ නෑ.
    ඔය වෙනස් විදිහට දකිනව ඇති.
    මේක ඔයාට කියන දෙයක් නෙවේ,
    ඒත් අහගන්න,
    රැඩිකල් වීමත් ඒ ඒ තැනට උචිත පරිදි විය යුතුයි.
    නැත්තං වෙන්නෙ සමාජෙත් එක්ක ගැටුම් වැඩි විම.
    අපෙ රට සිංහල බෞද්ධ රටක්,
    එහෙම රටක බෞද්ධයෙක් වන ඔබ,
    මෙහෙම වචන භාවිතය වැරදී.
    ඔබතුමා මුස්ලිම් හෝ වෙන ආගමක වුනා නම් කමක් නෑ.
    අනික මට කියන්න තියන්නෙ අසපු වලට යන මිනිස්සු ඒක අවබෝධෙන් කරනවද නැද්ද කියන එක ගැන ඒ අසපුවෙ හරි මොකේ හරි නායක හාමුදුරුවන්ට මුකුත් කියල වැඩක් නෑ.
    අසපුවට මොකුත් කියල වැඩක් නෑ.
    අවබෝධය බලෙන් ඇති කරන්න බෑනෙ.

    ReplyDelete
  13. ඔයා මව හොඳ තැනකට ගෙනල්ලා නැවත්වුවා. මගෙ හිතෙ ඔය අදහස ගැන සටහනක් ඇඳිලා තියනවා අන්න ඒ ලිපියෙන් මම ඔයාට සාර්ථක පිලිතුරක් දෙන්නම්.

    ReplyDelete
  14. ලිපිය ලස්සනයි.... මම කැමතියි ලියා තියෙන විදිහට.... මේක බොහොම සරළව ගැඹුරට ගහන රිදෙන පාරක්...
    නමුත් ඔබ සාර්ථක වෙන්නෙ ගහපු පාර අනික් අයට රිදුණ තරමට....
    රිදෙන්නත් මිනිස්සුන්ට තේරෙන්න ඕනෙ..
    මට රිදුණා.. අපේ අත්තම්මා ගැන... :D

    ReplyDelete
  15. නෙරංජි | Neranjiට, ප්‍රතිචාරෙට ස්තුතියි.

    ReplyDelete
  16. සංසර ගමනේදී මගේ සිත විශාදිය හා ද්වේශය අතර දෝලනය වේ. හිගන්නෙක් ඇත පෑ විට විශාදිය දෙසටත් ආදරයෙන් පරාජය වූ විට ද්වේශය දෙසටත් අඩු වැඩි වශයෙන් සිත දෝලනය වේ. මට කිසිවිටක පිරිපුන් තෘප්තියක් ලැබුනේ නෑ. මේකයි දුක්ඛ සත්‍යය. දුක්ඛ යනු දොම්නස යන වැරදී මතය මගේ කාලය කා දැම්මා. මා දුකට හේතුව හෙව්වා. හම්බවුනේ නෑ. එහෙත් අතෘප්තියට හේතුව ලෝභ ද්වේශ මෝහ ලෙස ගත්තොත් ගැලපෙන බව වැටහුනා.

    ReplyDelete
  17. සංසර ගමනේදී මගේ සිත විශාදිය හා ද්වේශය අතර දෝලනය වේ. හිගන්නෙක් ඇත පෑ විට විශාදිය දෙසටත් ආදරයෙන් පරාජය වූ විට ද්වේශය දෙසටත් අඩු වැඩි වශයෙන් සිත දෝලනය වේ. මට කිසිවිටක පිරිපුන් තෘප්තියක් ලැබුනේ නෑ. මේකයි දුක්ඛ සත්‍යය. දුක්ඛ යනු දොම්නස යන වැරදී මතය මගේ කාලය කා දැම්මා. මා දුකට හේතුව හෙව්වා. හම්බවුනේ නෑ. එහෙත් අතෘප්තියට හේතුව ලෝභ ද්වේශ මෝහ ලෙස ගත්තොත් ගැලපෙන බව වැටහුනා.

    ReplyDelete
  18. dan niwan dakinna asapuwalata yanna one Val John

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..