he

Saturday, September 24, 2011

මගේ අළුත් මනමාලයා.... .

කළුවන් කලු රුවයි.. එල්ලෙන බඩගෙඩියයි..
තට්ටය දිස්නෙ දෙයි ගෙදරම හඳ එලියයි..
පපුවත් හරි ලොකුයි මටනම් හරි ලැජ්ජයි..
අඩියක් මට කොටයි නැත්නම් මම කැමතියි..

දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.

විරූපී මනමාලයාගේ පිලිතුර..

17 comments:

  1. මාතලන් අය්ය ,
    ඔයාගෙන් තමා උප්දෙස් ගත්තෙ කොට අය බැන්දොත් දන්නවනෙ...

    ReplyDelete
  2. පිස්සු හැදෙයි..
    එල එල.... සත්‍ය සිදුවිමක්ද?

    ReplyDelete
  3. හික්ස්ස්.. නියමයි....මාර අදහසක්...

    ReplyDelete
  4. හිකිස්....
    පවූඌඌඌ අල්ලපු ගෙදර කොල්ලා.....:DDDD

    ReplyDelete
  5. මෙ පොස්ට් එක දැම්ම විතරය් ඒ මනමාලයා මට කවියක් එවුවා එක මම අනිත් පොස්ට් එකෙන් පිළිතුරක් හැටියට දැම්මා

    ReplyDelete
  6. අද දවසෙ හමු වුන දෙවෙනි කවි පන්තිය ගිම්හානිගේ

    ReplyDelete
  7. @මාතලන් අය්ය
    නියමයිනේ මගේ මනමාළය?

    @රහස් පරීක්ශකයා,
    නැහැ නිර්‍මාණයක්...

    @හිතුවක්කරී,
    නිකම් අදහසක් විතරයි...

    @ප්‍රියන්ත
    පව් තමා අනේ...

    @ලොකු ජෝන්,
    පිලිතුර දී ඇති..

    @ඔබා අය්යා
    තව අහුවෙයි ඔහොම යනකොට..

    ReplyDelete
  8. චීසුත් රහයි කල් ගත වෙන කොට යාලු
    නැති කොට කපුටොත් ලස්සන වේ ලූ
    අක්කට මූව හොද හැටි ගැලපේලූ
    හඳ ඇති දාක දෙන්නම පැන යා ලූ

    ලෝක සිතියමේ කාපිරි රටවල් දැකලා ඇතී
    ලස්සන කලු කොල්ලොත් දකිනු නිතී
    හමට යටින් කිසි ලස්සනක් නැතී
    අපෙ අක්කත් දැනටම බහ දීලා ඇති

    ReplyDelete
  9. හා හා...නියමයි ගිම්හානි.....මාතලන් ගේ පෝස්ටුවක් ඔස්සේ මේ පැත්තට ගා ටැව්වේ....

    ReplyDelete
  10. යන්නට කැමතිදෝ රහසින් රෑ හැංගි

    ඉස්සර වෙලා අහලා හිටපන් නංගි

    ReplyDelete
  11. කලුවන් කලු රුවයි පව් මේ අසරණයා
    දැන්නම් ඉතින් අඬුවට අහු උන සේයා .......:P

    ReplyDelete
  12. @මදුරංග
    දැන් හරි දියුණුයි නේද . කවියෙන්මයි වැඩ.

    @දිල්
    මාතලන් අය්යා අහම්බෙන් දැකල මම මේ බ්ලොග් එකේ කවි දාන බව.
    මේ බ්ලොග් ඒක මගේ නෙමේ ලොකු ජෝන්ගේ..ආවට ස්තුතියි දිල්.

    @බින්දී /Lion
    ගොඩාක් ස්තුතියි ආවට .

    ReplyDelete
  13. ලියා දුන්න සෙනෙහෙ කොලේ විසිකරලා
    ගැලවි ගියත් දැන් ඇත අපලය ලබලා
    කඩා වැටෙන මරාලෙ ගැන බයවීලා
    එහා ගෙදර කොල්ලා ඇත සැඟවිලා

    අඩියක් කොටවුනත් ඒකත් කොල්ලෙක් නේ
    යකාගෙ හැටියටයි ව්මානෙ ගැලපෙන්නේ
    වැටහෙන ව්දියට ඌ බොක්කෙන් ලව් නේ
    වෙඩිමට බාල්දියකුයි මම ගෙන එන්නේ

    ReplyDelete
  14. නාකි විසේ ගැන නේ!ලස්සනයි ලස්සනයි!

    ReplyDelete
  15. මගුලක් කතා කරනවා...
    තුන් වෙනි බියර්් එකෙත් අවසානේ.

    මේක ගිම්හානිගෙද?
    මල මහගුලයි පස්සෙ එන්නං

    ReplyDelete
  16. .@ලකී අය්යා
    ඕව කරදරයි. ස්තුතියි මේ පැහ්තෙ ආවට.


    @සබිත්
    සටහනක තැබුවට ස්තුතියි..

    @මාරයාඅය්යා
    මේක මගේ බ්ලොග් එකක් නෙමේ. මම කවියක් දෙකක් දැම්ම ආරාධනාවක් නිසා...මාතලන් අය්ය කොහොමහරි ඒක් දැකල..බොහොම ස්තුතියි ගොඩ වැදුනට...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..