he

Sunday, September 25, 2011

විරූපී මනමාලයාගේ පිලිතුර..

ගිම්හානිගේ මගේ අළුත් මනමාලයා.... . ට පිළිතුරක්,


උරුමෙන් උරුමයට මට ආ බූදලය
ලබමින් සැනසෙන්න පුදලා ආදරය
අමතක කර එදා  මගේ රුව විරූපය
ආවේ මගුල් බෙර මැද්දෙන් එනුඹමය   

පුදලා නුබට මුලු හදින්ම ආදරය
මං පසුතැවුනෙ නෑ  කවදා කිසිදිනය
නුබෙ මුලු සිරුර මගෙ ගත සිත  කිතිකැවිය
රස බිවු තැනක් නුබෙ නැතිබව කිවහැකිය



අල්ලපු ගෙදර කොල්ලගේ ආදරය
හැමදා තිබෙදැය් කියලා මට සැකය
අත ඇති මුදල බිඳ බිඳ අඩුවන සතිය
බල තව තියනවද අද ඒ ආදරය

කළකිරීම මැද්දෙන් අද නැත සතුට
නොහැක කිසිවෙකුට එය යලි පුරවන්ට
නුබ නැති ලොවක සැපසම්පත් මට කුමට
ලියුවා මගෙ මුලු දෙපල මඩමකට

8 comments:

  1. අල්ලපු ගෙදර කොල්ලගේ ආදරය
    හැමදා තිබෙදැයි කියලා මට සැකය

    ReplyDelete
  2. අය්යෝ මට එපා ඒ ජූතක බමුණා..
    බේරේ වැවට පැනලා මා මිය යනවා...

    ReplyDelete
  3. දිවි නහ ගන්න බව පවසාලා
    බේරෙ වැවෙ දැන් ලස්සන සිහිවීලා
    මෙන්න මෙයා පීනන්නට හදලා
    පිට දමලා අර අසරන මහල්ලා

    ReplyDelete
  4. බේරේ වැවේ සෝබන මට කියනු එපා.
    ගහ දන්නා මට කොලනම් කඩනු එපා..

    ReplyDelete
  5. අත ඇති මුදල බිඳ බිඳ අඩුවන සතිය ..

    අපරාදෙනේ...

    ReplyDelete
  6. පොත පත නොකිව් අරුමය දැන් වැටහේද

    දික්තල කාලගෝල ල තව අඩු නැතිද

    දේපල ලිවූ මඩමේ තව ඉඩ මදිද

    වයසට කැපෙන අය ඇත්තේ එහි නොවෙද

    ReplyDelete
  7. හෙහ් හෙහ් ...... මරු ...........:D

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..