Monday, September 12, 2011

මතකය

තරු ගනන් රළගනන්
ඇවිදගිය යොදුන් දුර
නොනිමවූ කතාවන්
ලෙසින් අතපසුවුනා


අලුගසා සුළං වැද
මැදියමේ අවදිවී
ගිනිපුපුරු පුබුදමින්
සිනාසී ඇවිලුනා




හිස් අහස් කුස දෙසින්
සීතලෙන් බිමට බට
වැහි බිංදු කැට දෙකක්
ළය මතින් සැතපුනා


හද කොනක උන්න නුඹ
සීතලෙන් මුසපත්ව
මගෙ නෙතු අගිස්සෙන් 
උනුසුම්ව දියවුනා...

15 comments:

  1. Atheethaye sonduru mathakayan athara thanivuna
    mohothak...

    ReplyDelete
  2. කෙල්ලෙක් නිසාය කියල තමයි හිතෙන්නේ... ගිය කිරට අඩන්න එපා මලයෝ.... ආයේ හදා ගන්න පුලුවන්නම් ඒ උන වැරැද්ද... ඒක හදා ගන්න බලන්න.... මට හිතෙන විදිහට අඩන එක විසදුම නෙවෙයි වගේ.. අත්දැකීමෙන් කියන්නේ.....

    ජය...

    ReplyDelete
  3. එහෙමම දියවෙලා යන්න අරින්න ඒ මතකයත්...

    ReplyDelete
  4. නෝනා දැක්කොත් හෙම...

    ReplyDelete
  5. අතීතය මොනවගේ උනත් එහි රසය කියා නිමකල නොහැක

    ReplyDelete
  6. යොදුන් දුර ඇවිද විත්
    අතපසුව අතැර ගිය
    නොනිම වූ කතාවක
    පසු වදන දැන් කුමට...?

    ගලා ගිය කඳුලකින්
    ඉරි තැළුණු හදවතට
    සුසුම් ගෙන එනු කුමට
    වසන් දොර මතකයට.....

    ReplyDelete
  7. අතීතය අමතක කරන්න බෑ අප්පා....

    ReplyDelete
  8. මගේ පොස්ට් එකට දාපු ලින්ක් එක දිගේ ඇවිත් බැලුවේ. ඇත්තටම හොඳයි. බලන්නකෝ දවස් දෙක තුනකින් බලපු ගැන වැඩි වෙලාද කියලා.

    ReplyDelete
  9. සුදීකගෙ බ්ලොගෙ තිබ්බ කොමෙන්ට් එක දිගේ ආවෙ.... හරිම අගෙයි කවිය... අන්තිම කොටස් දෙක නම් සුපිරියි... බ්ලොග් අවකාශයේ මම දකින දෙයක් තමයි, කවි, පොත පත ගැන ලියන පිරිසට/ලිපිවලට පාඨකයෝ අඩුයි...

    ReplyDelete
  10. මමත් ආවෙ සුදීකයියගෙ ලිපිය හරහ
    තිසර කියල තියන දෙ ඇත්ත.. ඒ උනාට මං නං ආසම කවි වලට.. කවි කතා ව්ලට..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..