he

Saturday, September 10, 2011

අවසාන ලිපිය

මගෙ හිතපතුලටම
කිඳා බැස සිර කරවු
ඒ ලිපිය,


දිනක හෝ කිසි කලෙක
මා නොපැතු
ඒ ලිපිය,


ඔබට නො-තේරෙන
මටත් නො-තේරෙන
කටොර වදනින් සපිරි
නොහඳුනනා
ඒ ලිපිය,


ඔබෙ හිත ස්පර්ශ කොට
මගෙ හිත පාරගෙන
ඔබෙන් මා වෙත ලැබුනු
අවසාන
ඒ ලිපිය,


පෑරුවා මගෙ හිත
නැවත සුව කල නොහැකි ලෙස
ඒත් දැන් ඔබ කියයි
සමා වුව මැනවි මට... 



මෙම සඳැසට පාදක වුනේ : "බාල පෙට්‍රල්වලින් හානි වු අයට ලබන සතියේ සිට වන්දි" NEWS එක


8 comments:

  1. පෑරුවා මගෙ හිත
    නැවත සුව කල නොහැකි ලෙස
    ඒත් දැන් ඔබ කියයි
    සමා වුව මැනවි මට...

    …මෙන්න මේ කෑල්ලට තමයි මමනම් ගොඩක්ම කැමති...

    ReplyDelete
  2. එල එල ඔහොම යමු.. ආන්ඩුව..


    ජය.

    ReplyDelete
  3. "කුරුළු" ආවට ස්තුතියි මේකේ නිමිත්ත බැලුවම ඔයා කියපු පද ටික ගැන දුක හිතෙනවා

    ReplyDelete
  4. "Gayan Rupasinghe" Comment එකට thanks

    ReplyDelete
  5. ඔව්වා කියන්න බලාගෙනයි ;)
    පට්ටයි ඈ

    ReplyDelete
  6. @පෑරුවා මගෙ හිත
    නැවත සුව කල නොහැකි ලෙස
    ඒත් දැන් ඔබ කියයි
    සමා වුව මැනවි මට... @

    මේ පද ටික අතීතය මතක් කලා..
    ඔබගේ සරල රටාවට මා හරි කැමතියි...

    ReplyDelete
  7. නියමයි ඈ.. දිගටම ලියන්න... හැබැයි පරිස්සමින්...;)
    ජය වේවා....!!!!!!

    ReplyDelete
  8. "ChammA" Comment එකට THANKS

    "Gimhani" අතීතය තරම් සුන්දර නිමේශයක් තවත් නෑ
    අදහසට ස්තුතියි

    "හිතුවක්කාරි" අවවාදයට ස්තුතියි

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..