he

Tuesday, August 30, 2011

උගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම.


මහරාජා ආයතනය පසුගියදා පැවැත්වූ සුපර්ස්ටාර් අවසන් තරඟයෙදී තමා ඉතා අගනා සත් ක්‍රියාවකට අතගසා ඇති බව පෙන්වීය. තමන් විසින් තම නාලිකාවේ සුපර් ස්ටාර් වැඩ සටහන සඳහා උපයෝගී කරගත් පැරණි ගීත සදහා අදාල කලාකරුවන්ට කර්තෘ භාග ගෙවුවේය. නමුත් සමහර කලාකරුවෝ නොපැමිනි අතර සමහරුන්ගෙ මුහුනුවල වූ ශෝකාකුල ස්වරූපය "අනේ ඇය් අපි කලාකරයෝ වුනෙ " යන හැගීමක් ඉස්මතු විය.
කර්තෘ භාග ගෙවීම වරදක් සේ මම නොදකින්නෙමි. ඇත්තෙන්ම එය සිදුවිය යුත්තකි. නමුත් මට පේන හැටියට මට හැගෙන හැටියට මෙම ආකාරයට කර්තෘ භාග ගත්තවුන් සදාකාලිකවම මෙම ආයතනය සිදුකරනු ලබන බුද්ධිමය දේපල මංකොල්ලකෑම් වලට කතා නොකරනු ඇත. ඔවුන්ට එසේ කතා කල නොහැක්කේ මා ඉහත කියූ ආකාරයට ඇටිකෙහෙල් කෑ උගුඩුවන් වන නිසාය.
ප.ලි: මෙම ලිපියට අදාල කරුණු මගේ පෞද්ගලික අදහස් වන අතර ඔබගෙ අදහස් ඉදිරිපත් කරන්නේනම් ඉතා අගේ කොට සලකමි
වැඩි විස්තර පසුවට

Friday, August 26, 2011

හදිසි නීතිය යලිත් ස්ථාපිත කෙරේ!

"අංකල්! අංකල්!" උඩගෙදර පොඩි එකා මට කතා කරනවා. "ඇය්" මම කන්තොරු බෑග් එක තුරුලු කරගනිමින්ම ඌ දිහා බැලුවා.
 
"අංකල් මොකකටද අංකල් විපක්ෂය කියන්නෙ?" 
මූටත් ඕනෙ නැති දෙයක් නෑ."මට දැං පරක්කු උනා පුතා මම හවසට කියලා දෙන්නම්" කියාගෙනම මම පාරට පැන්නා.
 
තේ එකක් බීලා කන්තෝරු මේසෙ වාඩිඋනෙ පත්තරෙත් අතට ගනිමින්. "හදිසි නීතිය වැඩි ඡන්ද 101කින් සම්මතය්"
 
මොනවද මේ කියන්නෙ ජනාධිපතිතුමා කියුවනෙ හදිසි නීතිය ඉවත්කරනව කියලා.. මං හිතන්නෙ පත්තරයට වැරදිලා.. මම මේ බලන්නෙ විකල්ප පත්තරයක්ද?..
කෝකටත් පත්තරය බලන්න මම තීරනය කලේ මේ හතර බීරි කතාවට උත්තර හොයන්න.  
 
ජනාධිපතිතුමා පාර්ලිමෙන්තුවේදී  25වනදා හදිසි නීතිය ඉවත් කලයුතුයැය් යෝජනා කලේය. ආණ්ඩුපක්ෂයේ  මන්ත්‍රීන් එකිනෙකාගෙ මුහුනු බලාගත් අතර එතුමා කල යොජනාව කුමක්දැය් හරිහැටි තෙරුම් ගත නොහැකිවූ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
 විපක්ෂය එකාවන්ව නැගීසිටිමින් ජනාධිපතිතුමාගෙ යෝජනාවට විරුද්දව ඡන්දය පාවිච්චි කලහ.
මේක විදේශීය රටක කුමන්ත්‍රණයක් ජේවීපී මන්ත්‍රීවරයෙකු නැගීසිටිමින් තම පක්ෂයේ අදහස ඉදිරිපත් කලේය.
මෙය එක්සත් ජාතිකපක්ෂය  භේද කිරීමට ඉදිරිපත්කල යෝජනාවක් ‍යැය් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ මන්ත්‍රීවරයෙකු ප්‍රකාෂ කලේය. 
කෙසේ හෝ ආණ්ඩුපක්ෂය ඡන්දය දීමෙන් වැලකුනු නිසා හදිසි නීතිය යලිත් වැඩි ඡන්දයෙන් සම්මත විය.
 
මට උඩගෙදර පොඩි එකාව මතක් උනා. ඒ සමගම ඌට හවසට දෙන්න ඔනේ උත්තරයත් මගෙ ඔලුවට ආවා.
 
"විපක්ෂ කියන්නෙ ආණ්ඩුපක්ෂය කියන හැමදේම වැරදිය් කියන අයට."

Saturday, August 20, 2011

බ්ලොග්.. මට නුපුරුදුය්.



සිංහලෙන් ලියන්න යනකොට බ්ලොග් කියන වචනය මගේ වචන මාලාවට නුහුරු ගතියක් වගේ. මම ලිපියාය කියන සිංහල යෙදුම යොදාගත්තට කවුරුත් මාත් එක්ක අමනාප වෙන එකක් නෑ. ආත්තම්මාගේ පෙට්ටගම කියන මේ ලිපියාය අරඹන්න කලින්ම මට මේ වචන හරඹය මගෙ ඔලුව පුරා පෙරළිකරන්න ගත්තා. මගෙ ඔලුවට ආපු වචනෙ තමය් "ලිපි යාය". ඔයගොල්ලන්ගෙ අදහස මොකක්ද?

Thursday, August 18, 2011

කිත්තගෙ දේශපාලන කථා

කිත්තා හොද UNP කාරයෙක්. මං කියන්නෙ ඉස්සර .හැබැය් මිනිහට පක්ෂ දේශපාලනය තිත්ත උනා.මෙන්න බොලේ මේ යකා පහුගිය ජනාධිපතිවරණයෙදි මහින්ද ලොක්කට කඩේ යන්න ගත්තා. ඌ කොච්චර හොඳට කඩේ ගියාද කියනවනම්  ජෙප්පො වගයක් හොඳට නෙලලා අතකුත් කඩලා තිබුනා.
 
දැං මූ මධ්‍ය්ස්ථ දේශපාලනය... මං කියුවා ඔරුව හැරෙන හැරෙන අත හොඳය් නේද කියලා. මූ කියපි. "යකොඅ මං ඉන්නෙ ඔරුවක නෙමෙය් පාරුවක" කියලා.  ඇත්තනෙ පාරුව අනිත් පැත්ත හැරුනත් යන්න පුලුවන්නෙ.
 
මම "ආතම්මගෙ පෙට්ටගම" ගැන කිත්තට කියුවා. මං දන්නවා ඌට වැඩ වැඩියි. ඒත් මගෙ "ලිපි යායට" දේශපාලන කතා විතරක් සතියකට සැරයක් දාන්න කිත්ත පොරොන්දු උනා.
 
එහෙනම් 1වනදායින් පස්සෙ "කිත්තගෙ දේශපාලන කථා" මේ ලිපියායෙන්ම බලමු. 

Wednesday, August 17, 2011

පෙට්ටගම හිස් කරාම ???????

බලමු පෙට්ටගමේ කොච්චර ඉඩතියනවද කියල මේක අස්කරලා ගත්තම........

Sunday, August 14, 2011

17 වසරකට පසු

අවුරුදු 18 කට පස්සෙ ආයෙත් ලියන්න හිතුනා. ඇත්තටම මෙ කොම්පුටර් ජීවිතයට බැස්සට පස්සෙ අකුරු අමතකවීම නිසා ලියනදේ ගැන මගෙත් පැහැදීමක් නැ වසර 17කට පස්සෙ ලියන හින්දා කවුරු කවුරුත් සමා වෙලා මට තල්ලුවක් දෙන්න. "ආතම්මගෙ පෙට්ටගම" කියලා මගේම "ලිපි යායක්" අස්වද්දන්න ඔයගොල්ලො මට සහයොගයක් දෙයි කියලා මම හිතනව. සැප්තැම්බර් 1 වනදා ඉදලා මගෙ ලිපි යායට ගොඩ වදින්න කියලා ඔයගොල්ලන්ට ආරාඩානා කරනව.   (දැන්ම Follower කෙනෙක් උනට මගෙ අමනාපයක් නැ )  

Thursday, August 11, 2011

පෙට්ටගම අස්කරන්න

අත්තම්මා අපෙන් වෙන්වෙලා දැන් අවුරුදු ගානක් වෙනවා. එයාගෙ ඉතුරුවෙලා තියන සකල සබ්බ සේසතම නැන්දලා මාමලා පුංචි අම්මලා බාප්පලා ඒ ඒ අයට අදාල අයිතිවාසිකම් කියලා අරගෙන ගිහිල්ලා. මං හිතන්න්නෙ සමහරක් උගස් කඩේට සින්න වෙලා. සමහරක් දිරලා. අපේ ගෙදරත් යන්තමට හරි ඉතුරුවෙලා තියෙන්නෙ පෙට්ටගම විතරයි. ඒකත් සොල්දරේ පැත්තක දූවිලි බැඳිලා.

මට හිතුනා ඒක අස්කරලා ගන්න...

පෙට්ටගම අස් කරන්න ඔයගොල්ලොත් කැමතිනම් Join වෙලා මට lokujohn@gmail.com එකට email එකක් එවන්න ඔයගොල්ල්ලන්ගෙ නමින් පෙට්ටගම අස්කරන්න....