he

Friday, November 30, 2012

Thank You ජොබ් එකක වටිනාකම.

පරිඝනක අලුත්වැඩියාව මගේ දැන් කරන රැකියාවට අමතරව කරන බව ඔය අතරින් පතර ලිපිවලින් ගෙන ආවනේ. ඔය අතර යාලු කමට "Thank You" ජොබ් එහෙමත් සෙට් වෙනවා. ඒ වගේ ඒවා වැඩේ කරන්න කලින් හිත හදාගෙන කරන නිසා එච්චර හිතට දුකක් නැ . මතක ඇතිනේ කලින්  ඔන්න යාලුවෝ ලිපිය.

ඔන්න පහුගිය දවසක මගේ පාසැල් සමයේ මිත්‍රයෙක් එයාගේ පරිඝනකය වැඩකරන්නෙ නෑ කියලා මාව ඇමතුවා.

Wednesday, November 21, 2012

135.ඇය පස්සෙන් ඇගේ කාමරයට


පහුගිය සතියෙ පලකල එක කවි පෙලක
මූනු පොතෙ අඟනක් ගැන කීවා මතක
කියවා බලා ඔබ අදහස් එකින් එක
සිතුනා කරනට කවියක් හනි හනික



අවසන් කලමුත් මාගෙ පෙර කවිය
ඇතැයි සිතමි එපුවත අද නොබැලු අය
තෙරුම් ගන්න අද මා කියනා කවිය
මේ පෙල කොටනු මැන තරහා අවසරය



තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ කීවා
ඒ සී එකත් යහමින් ඕනෑ කීවා
වරකට එක්කෙනයි කියලත් ඈ කීවා
මේ ගැන දැන ගන්න මගේ යටි හිත කීවා

Friday, November 16, 2012

134.FB අඟන





මා යන බසය හැව්ලොක් ටවුමට ආවා
ඩික්මන් පාර හරහා එය හැරවූවා
රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා
යාබද අසුන ගෙන ඇය වාඩි වුවා



වටිනාකමින් හරි ඉහලයි ඇගේඅත
වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත
බි පිප් බි පිප් නද දෙනවා එය දසත
හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙවත


Tuesday, November 13, 2012

133.ලාල්ගේ කතාව

බොහෝම ඈත ඉස්සර කාලේ ලොකු ජෝන් ඉස්කෝලෙ යන කාලේ උන සිදුවීමක් හැටියට මතකේ රැඳුන කතාවක් හැටියට අද පෙට්ටගමේ සටහන හැටියට ඉදිරිපත් කරන්නයි හදන්නේ. ලොකුජෝන් ඒ කියන්නෙ මම . මගේ හොඳම කියන යාලුවො අතර එකෙක් උන්නා ලාල් කියලා ඒක උගෙ ඇත්ත නම කියලා හිතාගන්නකො. ඇත්ත නම ඊට ටිකක කිට්ටු නමක්. ඌ මේක කියවන්නත් බැරි නෑ. ඌ මෙක කියවලා හිතට තරහක් ආවත් මතකය අලුත් කලා කියලා හිත හදාගනී. ඒකනම් ඉතින් සියයට අනූනවයක් විස්වාසයි. අර ඉතිරි සියයට එක තමයි විස්වාස නැත්තෙ.


……ඔය ලාල්ගේ පියාණො රැකියාව කලේ මැද පෙරදිග. ඒකා යකා කියනවනේ ලාල්ගෙ පවුලෙ උන්නෙ මූ විතරයි අයියලා අක්කලා නංගිලා මල්ලිලා කවුරුවත්ම නෑ.ඉතින් පියාණො හම්බකරන සකල සබ්බ සේසතම මූට. මිලේනියම් සිටිය හදන්න කලින් ඔරුවල කියන පැත්තෙ අම්මත් එක්ක තට්ට තනියම තමයි මේ ලාල් ජීවත් උනේ.

Thursday, November 8, 2012

132.ඇතුලට දාමුද ? +

දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව එතනින් ඉවර කලේ නෑහැනේ. ඒ "පස්සෙ මයිල්" කතාව නොබැලුවනම් මෙතනින් කියවන්න. ඔන්න අද කියන්න යන්නේ ඊට පස්සෙ සම්පාට වුන කතාව.

…ෂේව් කරලා නිවියා ගාලා තිබුන පස්සට නර්ස් නෝනලා ඇවිත් හිනාවෙවී ඉන්ජක්ශන් එක ගහලා ගියා. ඉන්ජක්ශන් එක ගැහුවට පස්සෙනම් සම්පගේ අසනීපය හොඳවුන බව කතාවෙන් පෙන්නුවා. ලැජ්ජාව පිරිච්ච මූන හංගගන්න උවමනා නිසා ලෙඩේ හොඳ උනාද කියන්න දන්නෙත් නැ. කොහොම හරි සම්පා බඩයන අසනීපය සුව අතට පත්වූ බව කියලා රෝහලෙන් නික්මුනා. 

 අර කතාවක් තියනවනේ ඩොක්ටර්ලටයි ප්‍රොක්ටර්ලටයි බොරු කියුවොත් අඩි හයක් යට කියලා. අන්න ඒ කතාව එදා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා සම්පගේ යාලුවො ටික නොහිටින්න. 

Tuesday, November 6, 2012

131.කැබ් රියදුරා

ත්‍රීරෝද රථ වල කලදසාව වෙනස් කලේ මීටර් කියුවොත් මා කියුවෙ බොරුවක් යැයි කිසිවෙකු නොපවසනු ඇත. සමහර වේලි වෙලී හුන් ත්‍රීරෝද රථවලට දැන් ගජරාමෙට වැඩ ඇත.

 මීටරෙ ඇති ත්‍රීරෝද රියක නගින්නට බොහෝ අය අකමැති නොවෙති. හේතුව පෙරමෙන් හිතු හිතු අයකිරීම් කරන්නට මීටරය ඉඩ නොදෙන නිසාවෙනි. මීටර නැති ත්‍රීරෝද රියකට නැගිවිටක බහින විට අයකරන මුදල පිලිබඳව ගමන යන්නා යන්නෙ දෙගිඩියාවෙනි. සමහර විටක රථයට ගොඩවදිනවිට කතාකරගත් මුදලට වඩා ත්‍රීරෝදරථ රියදුරන් ඉල්ලන්නේ අතන මෙච්චර වෙලාවක් නවත්තගෙන උන්නා , අතනට ගියා මෙතනට ගියා ... යනුවෙන් මැසිවිලි නගමිනි.

Saturday, November 3, 2012

130.පස්සේ මයිල්

ඔන්න පටන් ගන්නකොටම කියුවා මේක මඩක්. හැමදාම ඇහෙන්නේ ගාල්ල මාතර පැත්තෙ අයගේ මඩ කතානේ.ගාල්ල මාතර යාලුවන්ගෙන් එහෙම නැත්නම් කතා නායකයන්ගෙන් ටික ටික බැනුම් අහන එකත් ඔය අතරෙම සිද්ද වෙනවා. මොනවා කරන්නද ඉතින් මට අහන්න ලැබෙන්නෙම ඒ පැත්තෙ අයගෙ කතා හන්දා වෙන පලාත්වල කතාවලට වඩා දකුනු පලාතට සම්බන්ද කතා පෙට්ටගමට එකතු වෙනවා. අද කතාවත් මාතර අහංගම පැත්තෙ යාලුවෙකුට උන කතාවක්.

මෙ යාලුවගේ නම සම්පත්. යාලුවො හැමෝම කියන්නෙ නම කෙටි කරලා සම්පා කියලා. සම්පා හොද දෙකේ හතරේ පොරක් සම්පගේ හැඩ රුව කොහොමද කියනවනම් හොඳ වලස් නාම්බෙක් අනිත් පැත්ත හැරිලා හිටගෙන ඉන්නවා කියලා හිතාගන්නකො. හරියටම කියනවනම් ගෝරිල්ලෙක් කියුවත් වැරදි නැ.