he

Tuesday, February 21, 2012

මධුසමය හා පවිත්‍ර සිතුවිල්ල

අවුරුදු 17කට පෙර මංගල උත්සවයෙදි මට සිතුනු සිතුවිල්ලක් මෙලෙස ඉදිරිපත් කරන්නට සිතුනෙ, හිතෙයි පරණ දිනපොත් වලයි විතරක් පුරවලා තිබුනු, මගෙ හිතින් බිමට බැස්ස පදපේලි,
අඩුම තරමෙ කියවන කිහිපදෙනෙක් වත් මේ බ්ලොග් අවකාශයෙවත් ඉන්න තැනක් වග දැනුන නිසයි.  එහෙනම් අවසරයි විඳින්නට එදා මට සිතුනු ඒ සිතුවිල්ල .... … 



සුදෝ සුදු පාටින් සඳ එළිය
…විල් පතුල තුල සැඟව
…පියුම් පත් අතරින්
…එබී හිනහෙයි මාසමග
…පුන්සඳ හොරෙන් මෙන් ඉඳ හිට
…රැඳෙයි මනෙතු යුගල මත
…පියුමක් සුලඟට ලංව
…සඟවාලයි සඳ වත විල තුලම

කාටත් නොපෙනෙනා සුළඟ
…හිමින් රහසක් පවසයි ම සවනට.
…හොරෙන් බැස විලට
…නෙලාගන්නයි පියුම මට
…කෙලෙස මම නෙලන්නද
…පිපුනු පිනි පියුම අද
…කලතමින් විල් දිය..
…සඟවමින් සඳ වත....
19950119 …… 

මගෙ මින් පෙර ඉදිරිපත්කල සඳැස් හා නිර්මාන මෙ ලින්කුවෙන් බලා ගුන අගුන කියන්න   සඳැස්

47 comments:

  1. මල නොතලා රොන් ගන්න!

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න බෑ කියන්න විතරයි පුලුවන්

      Delete
  2. පිපුනු පිනි පියුම අද
    …කලතමින් විල් දිය..
    …සඟවමින් සඳ වත....
    සැහෙන්න තේරුම් ගොඩකට කනෙක්ට් කරන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා තමයි අද ලියුවෙ

      Delete
  3. අවුරුදු 17කට කලිං ඔහොම හිතුනනං දැං මොනව හිතෙනව ඇද්ද! :)

    ReplyDelete
    Replies
    1. දැන්නම් මොනවත් හිතෙන්නේ නෑලු .

      Delete
    2. ඔය කියන්නෙ හික් හික්

      Delete
  4. මට කවි බස ගැන නම් මෙලෝ දානයක් තේරෙන් නැහැ. ලස්සනයි කියන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියෙව්වට ස්තුතියි !

      Delete
  5. මටත් ඉතිං වෙද මහත්මයට වගේ තමා....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඒත් කියෙව්වනෙ ස්තුතියි !

      Delete
  6. අන්තිම පේලිය මම දැක්කේ..
    ගලවමින් ඇඳි වත...... වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ බොගෙ වල් කොම හින්ද...හෙහ්...හෙහ්..

      Delete
    2. හොඳ වෙලාවට මට කලින් ඔබා මාමා කියුවෙ

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. නෙලන්නට පෙර ඒ කුසුම හට
    කියනු නරකද මදක් වත් ඔහුට
    උදව් වන ලෙස,
    එවිට හැකිවනු ඇත රිසි විටෙක
    මල නො නෙල,ඉමිහිර විඳ ගන්ට.

    අනේ අක්කේ මල නෙලනව කියන්න එපා.කුලුඳුලේම මිහිර විඳ ගන්නව කියන්න .මොකද පළමු දිනය පමනක් නෙමෙයි නෙ මධුසමය කියන්නෙ.මිහිර ඇති තාක් කල එසමය මදුසමය යැයි මට හැඟේ.අනේ අක්කේ මේ මට හිතුන විදිය විතරයි.හැම කෙනෙක්ම කැතට ගොතන මාතෘකාවක් ඔයා ලස්සනට ලියල තියෙනවා.මගේ නම වෙනස් කරන්න ඔන්න මම තීරනය කලා .මට නොගැලපෙන නම ගැන මට කිව්වට ස්තූතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. මම අක්කෙක් නෙමෙයි මම ලොකු ජෝන්. මේක ලියුවෙ පිරිමි කෝණයකින් මෙ කවි ටික කියවන්න. එහෙම බැලුවම අවුලක් නෑ නේද?

      …කොහොමත් ඔය නම අමතන්න පුලුවන් විදිහට වෙනස් කරනවනම් හොඳයි තමා

      Delete
  9. නිසඳැස් කවි සිතුවිල්ල අපූරුයි. " සඳඑළිය" " විල " "පිනි පියුම" වැනි රූපක කවිය තුළ විවිධ අරුත් ජනිත කරවනවා. ඒ කවිය තුළ සිටින යුවතියක වෙනුවෙන් කියල හිතෙන්නෙ දාල තියන පිංතූරයයි කවියේ මාතෘකාවයි ගැලපුනාමයි.

    ReplyDelete
    Replies
    1. ඔය පින්තූරෙ හොයාගන්න සෑහෙන්න දුකක් වින්දා ඒත් පින්තූරෙ නම් මගෙ හිතට ඒත් මදි වගෙ.

      Delete
  10. කවි ගැන වැඩිය යමක් නොදන්න මම දන්නේ හිතට දැනෙන්න ලියැවුණු කවියකට ලෝබ නැතුව ලස්සනයි කියන්න විතරයි

    ReplyDelete
  11. නියමයි අයියේ කවිය.. 1995 ලිය උන එකක්.. ඒ කාලේ අපි හිච්චි එවුන්නේ..

    ReplyDelete
    Replies
    1. ලියන දෙවල්වලට වයස බලපාන්නෙ නෑ ඒකාලෙ ඔහොම හිතෙන්නෙ නැති එකයි වෙනස.

      … මම ඉස්කෝලෙ යන කාලෙ පාසලෙ කෙටි කතා තරඟයකට කතාවක් ලියුවා "පුංචි කෙල්ල" කියලා ඒකෙ විනිශ්චයමණ්ඩලෙ උන්නෙ ධර්මසිරි ගමගෙ මහතා. එතුමා මට අඬගහලා කියුවා මෙ කතාව ඔයාගෙ වයසට නොගැලපෙන හන්දා මට තොරන්න විදිහක් නෑ කියලා. ඒත් එයා කියුවා විවෘත තරඟයක් නම් පලවෙනි තැනට තොරනවා කියලා. ඇත්තටම ඒ වචන ටික මට පලවෙනි තැන නෙමෙයි ජාත්‍යන්තර සම්මානයකට වඩා වටිනවා.

      Delete
  12. අපූරු කවියක්! අපූරු අදහසක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියෙව්වට

      Delete
  13. සඟවමින් සඳවත
    කළතවා විල්දිය
    පිපුණූ නැහැඹුල් පියුම
    අතවනයි රහසේම
    එන්න යැයි බැස විල්දියට.....

    ReplyDelete
    Replies
    1. මෙතෙක් රසවින්ද
      …සඳවතේ සොඳුරුබව
      …කෙලෙසනම් මකන්නද
      …තවම සිත දෙතැනකය...

      Delete
  14. සබීත් කියපු දෙ තමයි මම කියන්න හිටියේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සබිත්ට කියපු දේමතමා කියන්න වෙන්නෙ

      Delete
  15. නෙලාගන්නෙ නැතුවම ඒ මිහිර විඳින්න.... නෙළුවොත් ඉක්මනටම පරවෙලා යනවනෙ.....

    ReplyDelete
  16. තේරෙන්නෙ නෑනෙ..කවි රස නහර මොට්ට වෙලා

    ReplyDelete
    Replies
    1. හපෝ හරිම අපරාදයක්නෙ කොහොමහරි මුවහත් තියාගන්න

      Delete
  17. අපි නම් 5 වසරේ ලොකු ජෝන් අයියා මෙව්ව ලියද්දි... හැබැයි කාලය රසයට බාධාවක් වෙලා නම් නැහැ... ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. රස විදින්න කවද බැරිද ?

      Delete
  18. උපරිමයි... ඒ වෙලාවෙ වෙන එවුන්ට එන වල්කම (තියෙන්ටත් ඕනෙ) මේ කවි සෙට් එකේ හංගලා.. ඒකට අමුතු රසයක් දීලා.. සුපිරියි.. ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇත්තටම එදා ලියුවට අද හිතෙනවා එදා එහෙම හිතුනෙ ඇයි කියලා

      Delete
  19. දැන් මොනවද හිතෙන්නෙ,

    මහන්සියි කලතලා
    විලත් දැන් පල් වෙලා
    ඒ වුනත් නොම නිමා
    වෙයි හිතේ ඇති පෙමා

    වගේ ද?

    ReplyDelete
    Replies
    1. කොල්ලො මම කලින් කියුවා මෙ මගෙ අත් දැකීමක් නෙමෙයි මගුල් ගෙදරකදි මට හිතුනු දෙයක් මම බැන්දෙ මෙක ලියලා අවුරුදු 5කට පස්සෙ

      Delete
  20. මධු සමය දවසෙනං ඉතින් මල තලලා හරි රොන් ගන්න එපැයි...උදේට අම්මලා එනවනේ මී පැනි හොයන්න රෙද්දේ.....

    ReplyDelete
    Replies
    1. ඒත් දැන් මීපැනි හිගයි කියලා පොල් වැනි පාවිච්චි කරන බව අම්මලා දන්නවා ඒ හන්දා එච්චර හොයන්නෙ නෑ

      Delete
  21. හෆ්ෆටසිලි..මාර එව්වානෙ 17දි හිතිලා තියෙන්නෙ..ලස්සනයි ලියලා තියන ව්දිය..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මට 17දි හිතිච්චා නෙමෙයි මීට 17කට කලින් හිතුනු ඒවා

      Delete
  22. අම්මප අයියටත් මාරම සිතුවිලිනෙ පහල වෙන්නෙ....මොනා වුනත් නියමයි හොඳේ....

    ReplyDelete
    Replies
    1. ඒකාලෙ පහල උනා ඒත් මෙ කොම්පියුටර් වලට බැස්සට පස්සෙ බිංදුවටම බැස්සා ඒකයි ආයෙත් ලියන්න හිතිලා පෙට්ටගම ඇරියෙ

      Delete
  23. රසම රසයි,මෙ වාගේ රස එව්වා තව ඇති මයේ හිතේ ,ඉඩක් ලැබෙන විදිහට දාමු අපිටත් බලන්න.

    ReplyDelete
  24. එදා විලමයි
    එදා සඳ මයි
    ඒත් සඳ එළි
    අද අපතෙ යයි

    ඒ මොකද ඒ එහෙම වෙන්නේ?

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..