he

Tuesday, September 6, 2011

ආයාචනය!






කමක් නෑ මගේ හිත
ඔයා අරගෙන යන්න..
අර පේන සමුදුරෙන්
දුරස්වී ඉගිලගෙන..
නොපෙනෙනා ඉසව්වට
නොදැනෙන්න ගෙනයන්න..

ළිහිනි හඬ ඇසෙන විට
රළ පවුරු බිඳෙන විට
වැහිබිංදු වැටෙනවිට
කොහෙන් හෝ  හිඳගන්න..

ඉකිබිඳින මගේ හද
අනන්තෙදි සිපගන්න...



1995-07-08

5 comments:

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..